ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දේපොළ තක්සේරු සහ දේපොළ කළමනාකරණ සේවා සමාගමක් වන IJVR Associates පෞද්ගලික සමාගමේ සභාපති රාජකීය වරලත් තක්සේරුකරු ඉන්දික ජයතිලක South Asian Partnership Summit (SAPS) සංවිධානය කළ දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා (SABE) 2022 සම්මාන උලෙෙළ්දී වසරේ විශිෂ්ටතම තක්සේරු සමාගමට හිමි සම්මානයෙන් පිදුම් ලැබීය. සම්මාන උළෙල උත්කර්ෂවත් ලෙස බංගලාදේශයේ ඩකා අගනුවර දී පැවැත්විණි. වසර 25ක කාලයක් පෞද්ගලික හා රාජ්‍ය අංශයේ අත්දැකීම් සහිත IJVR Associates සභාපති ඉන්දික ජයතිලක බැංකු හා මූල්‍ය ආයතන රැසකට තක්සේරුකරණය, දේපොළ කලමනාකරණය ආශ්‍රිත සේවා සපයයි.