මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් බණ්ඩාරගමටත් | සිළුමිණ

මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් බණ්ඩාරගමටත්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ නවතම ශාඛාව පසුගියදා බණ්ඩාරගම නගරයේදී උත්සවාකාරයෙන් විවෘත විය. පසුගිය කාලය තුළ මේ ආකාරයට රටේ ප්‍රධාන නගර කිහිපයකම නව ශාඛාවන් විවෘත කිරීමට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගම කටයුතු කළ අතර, එම ශාඛා ජාලයට එක්වූ 23 වන ශාඛාව මෙයයි. මෙය විවෘත කිරීමේ අවස්ථාවට සමාගමේ කළමනාකාරීත්වයේ සාමාජිකයන්, ආරාධිතයන්, කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සහ ගනුදෙනුකරුවන් ඇතුළු පිරිසක් එක්වූහ.

අංක 26, කළුතර පාර, බණ්ඩාරගම යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාවෙන් ගනුදෙනුකරුවන්ට මහින්ද්‍රා අයිඩියල් ෆිනෑන්ස් සමාගමේ රන් ණය, ස්ථාවර තැන්පතු සහ ලීසිං ඇතුළු සියලුම සේවාවන් ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි වේ.

Comments