
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව තම ගනුදෙනුකරුවන්ගේ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන තම ඩිජිටල් බැංකුකරණ සේවාවන් වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ. මේ ලෙස වැඩිදියුණු කරන ලද නවීනතම ඩිජිටල් බැංකු සේවාවන් එකතුව නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ මොබයිල් app එක හා අන්තර්ජාල බැංකුකරණ සේවාව හරහා හඳුන්වා දීම පසුගියදා සිදුවිය. මේ අනුව දැන් සරල, සුරක්ෂිත හා කාර්යක්ෂම සේවාවන් එකතුවක් එකම තැනකින් ලබාගැනීමට ගනුදෙනුකරුවන්ට හැකියාව ලැබී ඇත. නවීනතම තාක්ෂණයන් භාවිතයෙන් වැඩිදියුණු කළ, නව අතුරු මුහුණත් (Interface) සහ ක්‍රමවේදයන් සහිත මෙම සේවාවන්හි ආරක්ෂාව සඳහා දැඩි ආරක්ෂක ක්‍රමවේදයන්ද යොදා තිබේ.
“නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සෑම විටම උත්සාහ කරන්නේ, ගනුදෙනුකරුවන්ගේ එදිනෙදා ජීවිතවලට බැංකු සේවාවන් වඩාත් ඵලදායී ලෙස සම්බන්ධ කළ හැක්කේ කෙසේද යන්න වටහා ගැනීමටයි. ඒ සඳහා අප සෘජුවම ඔවුන්ගෙන් අදහස් විමසුවා. ඒ ඔස්සේ ඩිජිටල් බැංකුකරණ සේවාවන් තුළ ඔවුන්ට මතුවන ගැටලු අප පැහැදිලිව හඳුනා ගත්තා. මෙම ප්‍රතිචාර අනුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සතු නවීන තාක්ෂණයද ප්‍රයෝජනයට ගනිමින්, ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ ඩිජිටල් බැංකුකරණ අවශ්‍යතාවන් එකම තැනකින් සපුරාගත හැකිවන ප්‍රයෝගික විසඳුම් පෙළක් හඳුන්වා දීමට අපට හැකි වුණා. ඒ වෙනුවෙන් කැපවී කටයුතු කළ අප බැංකුවේ කණ්ඩායමට මා ස්තූතිවන්ත වනවා.” නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ජ්‍යේෂ්ඨ උප සභාපති - ඩිජිටල් බැංකුකරණ, රන්දිල් බොතේජු පැවසීය.