
“එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර 4 වන ඉලක්කය වන ‘ගුණාත්මක අධ්‍යාපනය’ සාක්ෂාත් කර ගැනීමේ උත්සාහය තුළ, විවිධාකාර වූ දැනුම් අප වෙත සමීප කරන ප්‍රධානතම මාධ්‍යය බවට පත්වී තිබෙන්නේ ඩිජිටල් සන්නිවේදනයයි. එහෙත් තවමත් බොහෝ දෙනෙකුට ඉලෙක්ට්‍රොනික උපාංග නොමැතිකම නිසා මේ ආකාරයට දැනුම ලබා ගැනීම දුෂ්කර වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ, මේ ආකාරයට අප වෙත ඉලෙක්ට්‍රොනික උපාංග ලබාදෙමින්, මටත් මගේ මිතුරු මිතුරියන්ටත් නව ලොව දැනුම ලබාගැනීමට උපකාරී වීමට ඉදිරිපත් වූ සියලුම දෙනාට ස්තූතිය පළකිරීමට මා මෙය අවස්ථාවක් කරගන්නවා.” - ජාඇල ශාන්ත ජෝසෆ් කනිෂ්ඨ විද්‍යාලයේ ශිෂ්‍යාවක් ජෝන් කීල්ස් පදනම Deutsche Bank සමඟ එක් වී ජෝන් කීල්ස් ප්‍රජා ශක්ති ඩිජිටල් ඉගෙනුම් වැඩසටහනේ දෙවැනි අදියර ආරම්භ කර තිබේ.