බදු පනත් දෙකම සම්ම­තයි | Page 2 | සිළුමිණ

බදු පනත් දෙකම සම්ම­තයි

එකතු කළ අගය මත බදු (සංශෝ­ධන) සහ දේශීය ආදා­යම් (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත් ද්විත්වය සංශෝ­ධන සහි­තව වැඩි ඡන්ද­යෙන් 09වැනි දා සිකු­රාදා පාර්ලි­මේ­න්තු­වේදී සම්මත විය.

පනත් කෙටු­ම්පත් දෙවැ­නි­වර කියැ­වීමේ විවා­දය සිකු­රාදා දිනය පුරා පැවති අතර, එකතු කළ අගය මත බදු (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත දෙව­න­වර කියැ­වීම සඳහා විරුද්ධ පක්ෂය ඡන්ද විම­සී­මක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටු­ම්ප­තට පක්ෂව ඡන්ද 82ක් ලැබුණ අතර විරු­ද්ධව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52කි. 

එකතු කළ අගය මත බදු (සංශෝ­ධන) පනත් කෙටු­ම්පත තෙව­න­වර කිය­වීම සඳ­හාද විරුද්ධ පක්ෂය විසින් ඡන්ද විම­සී­මක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටු­ම්ප­තට පක්ෂව ඡන්ද 82ක් හිමිවූ අතර විරු­ද්ධව ඡන්ද 41ක් හිමි විය.

දේශීය ආදා­යම් (සංශෝ­ධන) පනත් කෙටු­ම්ප­ත ද දෙව­න­වර කිය­වීම සඳහා විරුද්ධ පාර්ශ­්ව­යෙන් ඡන්ද විම­සී­මක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටු­ම්ප­තට පක්ෂව ඡන්ද 83ක් ලැබුණු අතර විරු­ද්ධව ඡන්ද 41 ලැබිණි. එම පනත් කෙටු­ම්පත තෙව­න­වර කිය­වීම සඳහා ද විරුද්ධ පාර්ශ්ව­යෙන් ඡන්ද විම­සී­මක් ඉල්ලා සිටි අතර එහිදී පනත් කෙටු­ම්ප­තට පක්ෂව ඡන්ද 79ක් ලැබුණු අතර විරු­ද්ධව ඡන්ද 36 ලැබිණි.

 

Comments