අය­හ­පත් දුමා­රය පහව යන ලකුණු | Page 2 | සිළුමිණ

අය­හ­පත් දුමා­රය පහව යන ලකුණු

නවදිල්ලි නුවර අයහපත් වායු දූෂණය හේතුවෙන් ලංකාවට එල්ල වූ බලපෑම ඉදිරි දින දෙක තුනේදී පහව යන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එම ආයතනය පැවැසූ පරිදි ඉකුත් බ්‍රහස්පතින්දා පැවැති තත්ත්වය සිකුරාදා වන විට ක්‍රමයෙන් අඩු වෙමින් පැවතුණු බව වාර්තා වෙයි.

බොහෝ ප්‍රදේශවල 200කට වඩා වැඩියෙන් පැවැති වායු තත්ත්ව දර්ශකය (US AQI) එනම් වායු ගෝලයේ පවතින විෂ අංශු පසුගිය සිකුරාදා වන විට 100ක ආසන්න අගයකට පැමිණි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධාන වාර්තාවලින් පෙන්වා දෙයි. එම වාර්තාවන්ට අනුව කොළඹ 7 ප්‍රදේශයේ 220 තිබූ දර්ශකය 80 දක්වා බැස තිබූ අතර යාපනය 231 සිට 51 දක්වාද, කුරුණෑගල 229 සිට 71 දක්වාද නුවර 203 සිට 94 දක්වාද පුත්තලම 237 සිට 31 දක්වාද පහත බැස තිබුණි.

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය පවසන්නේ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගවයන් 160 ඇතුළු සතුන් 500කට ආසන්න පිරිසක් මිය ගොස් ඇති බවය. ඉන්දියාවේ සෑම වසරකටම පසු අස්වනු කාලයේදී මෙවැනි වායූ දූෂණ සිදුවන අතර මීට පෙර ලංකාවට එවැනි බලපෑමක් එල්ල වූයේ 2019 වසරේ නොවැම්බර් මාසයේදීය. විශේෂඥයින් සඳහන් කරන්නේ එයද මෙතරම් දැඩිව බලපෑමක් සිදු නොවූ බවය. නමුත් මෙවර බෙංගාල බොක්කේ හටගත් අඩු පීඩන තත්ත්වයක් හේතුවෙන් මේ බලපෑම ඇති වූ අතර මේ වන විට එම අව පීඩන තත්ත්වය දකුණු ඉන්දියාව දෙසට පහව ගොස් ඇති බවයි.

 

Comments