
ඉදිරි තෙවසර තුළ ජාත්‍යන්තර මට්ටමේ පිළිගත් සරසවි පහක දකුණු ආසියානු මණ්ඩප සහ ශාඛා මෙරට පිහිටුවීමට රජය සැලැසුම් කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැති ආචාර්ය සුරේන් රාඝවන් සිළුමිණට සිකුරාදා රාත්‍රි ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ සිසුන් උසස් අධ්‍යාපනය සඳහා විදේශ ගතවීමේදී වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් විදේශයන්ට ඇදී යන බවත් විදෙස් සරසවි ශාඛා මෙරට ඇති කිරීමෙන් විදේශීය සිසුන් ආකර්ෂණය කර ගනිමින් වාර්ෂිකව ඇෙමරිකානු ඩොලර් බිලියන 10ක් උපයා ගැනීමට හැකිවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් පාර්ලිමේන්තුවේ පැවැති අධ්‍යාපන අමාත්‍යංශ කාරක සභා අය වැය විවාදයේදී ඉකුත්දා අවධාරණය කළේය.
උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයා වැඩි දුරටත් සිළුමිණට ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව තුළ විදේශ විශ්වවිද්‍යාලවල සෘජු ශාඛා කිසිවක් නැති බවත් මේවන විට පෞද්ගලික ආයතන 35ක් පමණ විදේශ විශ්වවිද්‍යාල උපාධි සහතික 100කට වඩා මේ ආකාරයට ලබා දෙන බවත් ය.
ලබන වසරේ සිට මෙම ආයතන පවා නිසි නියාමනයකට යටත් කිරීමකට රජය කටයුතු යොදා ගෙන යයි. වාර්ෂිකව දළ වශයෙන් ලාංකේය සිසූහු 11,000 පමණ විදේශ විශ්වවිද්‍යාලවලට යන බවද ඇමැතිවරයා අනාවරණය කළේය.
පාර්ලිමේන්තුවේ පැවැති විවාදයේ දී විදේශ විශ්වවිද්‍යාලවල ශාඛා ආරම්භ කිරීම පිළිබඳ පාර්ලිමේන්තු පක්ෂ විපක්ෂ මැති ඇමැතිවරුන් සහ මන්ත්‍රිවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, නීතිඥ සුසිල් ප්‍රේම්ජයන්ත, ඩලස් අලහප්පෙරුම, තිස්ස අත්තනායක, නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, ඉම්තියාස් බාකීර් මාකාර් ඇතුළු මන්ත්‍රිවරු රැසක් සිය ප්‍රසාදය පළ කර තිබිණි.