අලුත් ආණ්ඩුවක් රටට අවශ්‍යයි | Page 2 | සිළුමිණ

අලුත් ආණ්ඩුවක් රටට අවශ්‍යයි

පි විපක්ෂය ලෙස අය වැයට සහාය දෙනවාද නැද්ද කියන කරුණ ගැන පොදු විපක්ෂය පොදු එකඟතාවක් වෙනුවෙන් සාකච්ඡා කරනවා. රට ගොඩ නඟන්න හැකි විදෙස් විනිමය ලබාගන්න පුළුවන් අලුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි ජනතාවගෙ අපේක්ෂාව. මේ ආණ්ඩුවට ජනවරමක් නැහැ. මේ අය වැය ගැන කතා කරන්න දෙයක් නැහැ, මේ අය වැය ජනතාවට කිසිදු සහනයක් ලැබිලා නැහැ. රට බංකොලොත් වෙලා තියෙන්නේ. රජයට ආදායමක් නැහැ. හැම අමාත්‍යංශයකම 50% පමණ වියදම් කපා හැරලා තියෙන්නේ. රටේ කිසිම සංවර්ධනයක් වෙන්නේ නැහැ.

මිනිසුන් දැඩි ලෙස පීඩාවට පත්වෙන බදු වැඩි කිරීම්වලට යෑමට ඉදිරියේදී මේ ආණ්ඩුව සුදානම් වෙනවා. අපනයන බද්ධ වැඩි කිරීම රටට ආදායම ගෙන ඒමට බාධාවක්.

Comments