
- සැකකරු රිමාන්ඩ්
- බීමත් බෑණා සමඟ පොර බැදූ මාමයි නැන්දයි උඩු මහෙලන් බිමට වැටිලා
- නැන්දණියගේ අත්වලට බරපතළ තුවාල
ඇතැම් පවුල්වල ළඟම ඥාතීන් අතර බීමත්කම නිසා ඇතිවන ආරවුල් දුර දිග යාම නිසා සිදුවන ගැටුම් හේතුවෙන් එම පවුල්වල පුද්ගලයන් මියගොස් තවත් අය බරපතළ තුවාල ලැබීමේ සිදුවීම් බහුලව වාර්තා වේ. ගම්පහ, ඉහළ යාගොඩ ප්‍රදේශයේ නිෙවසක ඉහළ මාලයේදී 'බෑණා' තම මාමණ්ඩිය සහ නැන්දම්මා සමඟ ඇති කරගත් ආරවුලකදී මාමණ්ඩිය ඉහළ මහලෙන් ඇද වැටී මියගොස් නැන්දම්මා බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමේ සිද්ධියක් යක්කල පොලිසියෙන් පසුගියදා වාර්තා විය.
ගම්පහ, ඉහළ යාගොඩ, බෝගහ පාර පදිංචි දෙදරු පියෙකු වන හැට හය හැවිරිදි ඩබ්ලිව්.ජී. විල්බට් විජේසිංහ මෙලෙස ජීවිතක්ෂයට පත් විණි. මේ සිද්ධියේදී බරපතළ තුවාල ලැබු විල්බට් විජේසිංහ ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගියේය. විල්බට්ගේ බිරිය වන 62 හැවිරිදි කාන්තාව බරපතළ තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.
පසුගිය 13වැනි දින රාත්‍රියේ පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 ට ලැබුණු ඇමතුමක් මත එදින රාත්‍රියේ යක්කල පොලිසියේ ජංගම මුර සංචාරයේ නිරත පොලිස් රථයේ ගමන් ගත් පොලිස් නිලධාරින් පිරිසක් මේ සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික විමර්ශන ආරම්භ කරන ලදී. මේ සිද්ධිය වූ දෙමහල් නිෙවසේ උඩු මහලේ ඉදිකිරීම් කටයුතු මෙතෙක් අවසන් කර නොමැත.
සිද්ධියට සම්බන්ධ සැකකාර 'බෑණා' පුනැව නාවික හමුදා කඳවුරේ තුර්ය වාදක කණ්ඩායමේ තබ්ලා වාදකයකු ලෙස සේවය කරයි. ඔහු විල්බට්ගේ දියණිය සමඟ යෝජිත විවාහයකින් විවාහවී එම නිෙවසේ පදිංචිව සිටී. මියගිය විල්බට් විජේසිංහගේ දියණිය සහ බෑණා දියණියන් දෙදෙනෙකු සහ පිරිමි දරුවකුගේ මව්පියෝය. සිද්ධිය සම්බන්ධයෙන් එම 13 හැවිරිදි පිරිමි දරුවා පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබේ.
සැකකරු තමන් පදිංචි නිෙවසේ සිට මත්පැන් පානය කර ඇති අතර එවිට ඔහුගේ බිරිය පැමිණ මත්පැන් පානය කිරීමට විරුද්ධව සැකකරුට බණෙ වැදි ආරවුලක් ඇති කරගෙන ඇත. පසුව සැකකරු ඔහු පදිංචි නිෙවස අසල නිෙවසේ පදිංචිව සිටි පුද්ගලයකු හමුවීට ගොස් ඔහු සමඟ සාදයකට සහභාගි වී ඇති බව හෙළි වේ. එහිදි සැකකරුගේ බිරිය සහ බිරියගේ මව්පියන් සැකකරුට අසල නිෙවසේ පදිංචි පුද්ගලයාගේ නිෙවසේ පැවති සාදයට සහභාගි නොවන ලෙස පවසා ඇතත් සැකකරු එම විරෝධය නොතකා එම අසල්වැසි නිෙවසට ගොස් ගී ගායනා කර විනෝද වී ඇති බව අනාවරණය විණි.
පසුව සාදය අවසන් වී සැකකරු නිෙවසට පැමිණීමෙන් අනතුරුව ඔහු සිය බිරිය, බිරියගේ මව්පියන් අතර අඩක් නිම කළ නිෙවසේ ඉහළ මහලේදී ආරවුලක් ඇති කරගෙන ඇති බවත් එහිදි සැකකරු මාමණ්ඩිය සහ සිය නැන්දනිය සමඟ පොර බැදීමක් සිදුවී ඇත. එහිදි ආරක්ෂිත ආවරණයක් නොමැති එම නිෙවසේ උඩු මහලේ කවුළුවෙන් මාමණ්ඩිය බිමට ඇද වැටි ඇති බවත් හෙළි විය. එම අවස්ථාවේ සැකකරුගේ නැන්දනියද එම උඩු මහලෙන් මාමණ්ඩියගේ සිරුර මතට ඇද වැටී ඇති අතර එහිදී දෙදෙනාම බරපතළ තුවල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග අනාවරණය කළේය.
මියගිය විල්බට් විජේසිංහගේ බිරියගේ දෙඅත් කැඩි ඇයට බරපතළ තුවාල සිදු වී තිබිණි. එම ස්ථානයට පැමිණි ගම්පහ අපරාධ පරීක්ෂණාගාරයේ (සොකෝ) නිලධාරින් මේ ස්ථානය අපරාධයක් වූ ස්ථානයක් බවට නම් කර මූලික විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී. පසුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.
ඒ අනුව එම ස්ථානයට පැමිණි ගම්පහ වැඩබලන මහේස්ත්‍රාත් අමරානි මුදලිගේ සිද්ධිය වූ ස්ථානය පරීක්ෂා කර බලා මියගිය පුද්ගලයාගේ සිරුර තැන්පත් කර තිබු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත ගොස් එම සිරුරද පරීක්ෂා කළාය. මළ සිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියම කළාය.
ඒ අනුව ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ.එම්.ටි. බී. ගුණතිලක මෙම මළසිරුර සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණයක් සිදු කර මිය ගිය පුද්ගලයාගේ හිස පොළොවේ වැදී මොළයට සිදු වූ හානි නිසා මෙම මරණය සිදු වී ඇති බවට නිගමනය කළේය.
අනතුරුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර බෑණා එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් පොලිසිය ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදි ඔහු පවසා ඇත්තේ තමා තම බිරියගේ මව්පියන් අතර ආරවුලක් ඇති වූ බවත් එහිදී පොර බැදීමක් සිදු වී මෙම සිද්ධිය වු බවයි. මෙම ආරවුලට බිරියගේ මව්පියන් මැදිහත් වීම නිසා මෙම ගැටුම දුරදිග ගිය බවත් එහිදී ඇති වූ කෝපය නිසා මේ සිද්ධිය වූ බවද සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කොට ඇත.
යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්නගේ උපදෙස් මත එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක වී.පී.එන්. අජිතනන්ද, උප පොලිස් පරීක්ෂක ගාමිණි රාජපක්ෂ, කොස්තාපල්වරුන් වන (38926) බුද්ධික, (66767) ශිරන්ත, (99133) සිල්වා යන නිලධාරිහු මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරති.