ඕස්ට්‍රේලියාවේ කැලැන්ඩරයකට ගිය ලසිත්ගේ ඡායාරූපය | Page 2 | සිළුමිණ

ඕස්ට්‍රේලියාවේ කැලැන්ඩරයකට ගිය ලසිත්ගේ ඡායාරූපය

ඕස්ට්‍රේලියාවේ Geelong නගර කවුන්සිලය විසින් වාර්ෂිකව මුද්‍රණය කරන ලබන කැලැන්ඩරයේ මුල් පිටුව සරසන ඡායාරූපය සඳහා මෙවර ශ්‍රී ලාංකිකයෙකු විසින් ගෙන ඇති ඡායාරූපයක් තෝරාගෙන තිබේ.
 
Highton හි පදිංචි ශ්‍රී ලාංකික ලසිත් පෙරින්පනායගම් විසින් ගනු ලැබූ ඩ්‍රෝන ඡායාරූපයක් මෙලෙස තෝරාගෙන ඇත. 
 
මේ සදහා තවත් තරගකරුවන් 10,000කට ආසන්න පිරිසක් යොමුකර තිබූ ඡායාරූප අතුරින් ඔන්ලයින් මත විමසුමකට අනුව Geelong නගරවාසීන් විසින් ලසිත්ගේ ඡායාරූපය තෝරාගෙන තිබේ.
 
වසරේ මාස 12 සඳහා තවත් ඡායාරූප 12ක් ද තෝරා ගෙන ඇති අතර ඒවාද ඇතුළත් ලබන වසර සඳහාවන කැලැන්ඩරය නගරයේ සෑම නිවාසයක්ම සඳහා බෙදා හැරීම මේ දිනවල සිදු කෙරේ.
 
ලසිත් පෙරින්පනායගම් ට අදාළ නිල පිළිගැනීම ලබාදීම නගරාධිපති Peter Murrihy විසින් පසුගියදා සිදු කළේය. 

Comments