පැරකුම් මහා සෑයේ කොත නිරාවරණය කෙරේ | Page 2 | සිළුමිණ

පැරකුම් මහා සෑයේ කොත නිරාවරණය කෙරේ

හා පරාක්‍රමබාහු රජතුමා ඇතුළු අතීතයේ විසූ රජ දරුවන්ට උපහාර දැක්විම පිණිස පොලොන්නරුව වීරපුර ශ්‍රී නීග්‍රෝධාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද පැරකුම් මහා සෑයේ කොත නිරාවරණය කිරීමේ සහ සර්වඥ ධාතුන්වහන්සේලා තැන්පත් කිරිමේ පුණ්‍ය මහෝත්සවය ඉකුත්දා සිදු කෙරිණි.

උතුර, උතුරු මැද, නැඟෙනහිර යන තෙදිසාවේ ප්‍රධාන සංඝ නායක,පොලොන්නරුව පුරාණ ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක නාහිමිපාණන් ප්‍රමුඛ ත්‍රෛනිකායික මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩමකර සිටියහ.

මහාමාර්ග රාජ්‍ය ඇමති සිරිපාල ගම්ලත් ඇතුළු ආරාධිත අමුත්තන් රැසක්ද එයට සහභාගී වූහ. චෛත්‍ය ගර්භය තුළ නිර්මාණයකර තිබූ රජ දරුවන්ගේ ස්මාරක නිරාවරණය කිරීමද ආරාධිත අමුත්තන් අතින් සිදුවිය.

පොලොන්නරුව තමන්කඩු දෙදිසාවේ අධිකරණ සංඝ නායක පොලොන්නරුව පුලස්තිගම ශ්‍රී ශාඛ්‍යබිම්බාරාමය,වීරපුර ශ්‍රී නීග්‍රෝධාරාමය,පටුනුගම සුදර්මාරාමය,මහනුවර අලදෙණිය පුරාණ බෝධිමලු විහාරය සහ දිඹුල්කුඹුර විවේකාරාමය යන පංච මහා විහාරයන්හි විහාරාධිපති පූජ්‍ය යටිහලගල උපතිස්ස නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි විහාරස්ථ දායක සභාව මෙම උතුම් පිංකම සංවිධානය කර තිබුණි.

කරුණාරත්න ගමගේ, පොළොන්නරුව

Comments