පාර්ලිමේන්තුවට 77 අය වැය පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මෙන්ම මුදල් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහයන් විසිනි. අය වැය විවාදය මේ දිනවල පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර යම් යම් පිල් මාරුවීම් පාර්ලිමේන්තුව තුළ සිදුවේවිද යන්න පිළබඳ දේශපාලන ක්ෂේත්රයේ අවධානය යොමු වී ඇත.
රනිල්ගේ පළමු අය වැය
ජනපති රනිල්ගේ පාර්ලිමේන්තු දිවියට වසර 47 ක් ගත වුවද ඔහු මුදල් ඇමැති ලෙස පත්වූවේ මෙවරය. එම නිසා මෙවර අය වැය ඔහුගේ පළමු අය වැය විය. එහෙත් පරිණත නායකයකු ලෙස ඔහු අය වැය ලේඛනය පැයකුත් විනාඩි කිහිපයක කාලයක් ගත කොට අවසන් කළේය.
ජනපති රනිල් අය වැය කතාව අවසන් කොට කෙළින්ම පැමිණියේ පාර්ලිමේන්තුවේ සිය නිල කාමරය වෙතය. ජනපති ලේකම් සමන් ඒකනායක මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හා ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් සමඟ කතාබස් කරමින් සිටියදී අගමැති දිනේෂ් ගුණවර්ධන පැමිණියේ රාජ්‍යතාන්ත්‍රිකයන් වෙනුවෙන් සංවිධානය කර තිබූ තේ පැන් සංග්‍රහයට ජනපතිවරයා කැඳවාගෙන යෑමටය.
ඩයනා ත්රෙලෝක්යපත්ර
ජනපති නිල මැදිරියෙන් ඔහු පිටතට පැමිණෙද්දී ඩයනා ගමගේ රාජ්‍ය ඇමතිනිය ද එහි පැමිණියාය. “ඔන්න ඔයාගේ යෝජනාව අය වැයටත් ආවා. දැන් මේකට නමක් කියන්න.” ජනපති කීවේ සිනා සෙමිනි. “ඒකට අපි ඩයනා ත්රෙලෝක්යපත්ර කියමු.” එහි සිටි නිලධාරියකු කියද්දී සැවොම කොක් හැඬලූහ.
“මෙරට මහකොමසාරිස්වරු, තානාපතිවරු ඇතුළු රාජ්‍යතාන්ත්‍රික අමුත්තන් සේම මැති ඇමතිවරු ද පාර්ලිමේන්තු අමුත්තන්ගේ භෝජනාගාරයට පැමිණ සිටි බැවින් අය වැය ලේඛනය ගැන සැවෝම ජනපති සමඟ කතාබහ කරන්නට වූහ.
පිටතදී ජනපතිට දැඩිව ප්‍රහාර එල්ල කරන විපක්ෂ මන්ත්‍රීවරු ද ජනපති අසල රැඳි සිටි බැවින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කතා කරන්නට වූයේ ඒ ගැනය. “අපිට වඩා දැන් ජනාධිපතිතුමා වට කරගෙන ඉන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරුනේ.” කියූ ඔවුහු කොක් හැඬලූහ.
ජනපති, අගමැති, කථානායක, විපක්ෂ නායක අසුන් ගෙන සිටියේ ආසන්නයේය. විපක්ෂ නායක සජිත් අගමැති දිනේෂ් සමඟ කතා බහ කරද්දී හර්ෂ, ඉරාන්, මයන්ත, සුමන්තිරන් කතා කරමින් සිටියේ ජනපති සමඟය. අය වැය යෝජනා ගැන ඔවුන් ජනපති සමඟ කතා කළෝය.
සජබ නායකයන් ජනපති හමුවෙයි
“යු.එන්.පි අය වැයක් ඉදිරිපත් කළාම අපි කොහොමද විරුද්ධ වෙන්නේ.” හර්ෂ ඉරාන් සිනාසෙමින් කියද්දී ජනපති කීවේ ඔයාලා ඉතින් ඒක කියන්න කියාය.
රංජිත් මද්දුම බණ්ඩාර හා ගයන්ත කරුණාතිලක ඇතුළු කණ්ඩායමක් පැමිණියේ ජනපති ඉන් පිටත්ව යෑමට සූදානම් වෙද්දීය. රංජිත් සමඟ කතා කොට ජනපති අසුනින් නැඟිටිද්දී විපක්ෂ නායක සජිත් ද එතනට පැමිණියේය.
“ඉදිරි කටයුතු ගැන කතා කරගන්න මම රංජිත්ව දානවා.” සජිත් ජනපති අසල සිටි රංජිත් පෙන්වා කියද්දී ජනපති රනිල් හිස සලමින් “හොඳයි හොඳයි” කීවේය.
ගීතාට වැඩි ඉල්ලුමක්
මේ අතර අය වැය තේ පැන් සංග්‍රහයේදී තවත් සිදුවීම් කිහිපයක් සිදු විය.
කුරුඳු වගා ප්‍රචලිත කිරීම සඳහා කුරුඳු වගාව සංවර්ධනය කිරීමට නව දෙපාර්තමේන්තුවක් ස්ථාපනය කිරීමට අය වැය මඟින් යෝජනා කර තිබුණි. මේ ගැන මතක් කරමින් සමඟි ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක විසින් කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහට යම් යෝජනාවක් කළේය.
“ගීතා ඇමතිතුමියට පුළුවන් කුරුඳු වගා කරන්න කරන්දෙණියට එන්න” ගයන්ත කීවේය.
ඒ සමඟම ගීතා ඒ කතාව කීවේ අසල සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාටය.
“මෙන්න සර්. බලන්න ගයන්ත මන්ත්‍රීතුමා මට කියනවා, එයත් එක්ක කුරුඳු වගා කරන්න කරන්දෙණියට එන්න කියලා”
“ගීතා ඔය, කුරුඳු වගා කරනවා නම් වගා කරන්න ඕන ගයන්ත එක්ක නොවේ, වජිරත් එක්කයි” යනුවෙන් ජනාධිපතිවරයා වජිර අබේවර්ධන පෙන්වමින් කියූ කතාවට එතන සිටි සියල්ලෝම සිනාසුණෝය.
දකුණු අප්‍රිකානු ජනපති පුදුම කළ උපන් දින තෑග්ග
ජනපති රනිල් වික්‍රමසිංහට බ්‍රහස්පතින්දා අලුයම උපන් දින සාදයකට සහභාගීවීමට අවස්ථාව උදා විය. ඒ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝසාගේ උපන්දිනය 17 දාට යෙදී තිබුණු බැවිනි. G -20 සමුළුවට සහභාගී වූ ජනපති රම්පෝසා රැගත් යානය කටුනායක ගුවන් තොටුපොළට පැමිණියේ ගුවන් යානයට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමටය. එහිදී පැය කිහිපයක් කටුනායක ගුවන් තොටුපොළේ රැඳී සිටීමට සිදු වන බව රම්පෝසා ජනපති රනිල්ට කියා තිබුණේ ඊජිප්තුවේ පැවැති Cop 27 සමුළුව අතරවාරයේදීය. පෙර දැනුම්දීම අනුව ජනපති රනිල් බදාදා රාත්‍රියේ කටුනායකට ගියේ දකුණු අප්‍රිකානු ජනපති රම්පෝසා පිළිගැනීමටය. කටුනායක ගුවන් හමුදා කඳවුරේ විශේෂ අමුත්තන්ගේ ශාලාව වෙත රම්පෝසා ජනාධිපතිවරයා කැඳවාෙගෙන ගිය ජනපති රනිල් මුලින් G -20 සමුළුව ගැන විමසා සිටියේය. සමුළුවේදි ශ්‍රී ලංකාව ගැන මතුවූ යෝජනාවේදී මෙරටට සහාය පළ කිරීම සම්බන්ධයෙන් ඔහුට ස්තූති කිරීමට ද ජනපති රනිල් අමතක නොකළේය.
පසුව දෙදෙනා මෙරට වර්තමාන තත්ත්වය ගැන ද කතා කළෝය. ජනවර්ග අතර ගැටලු යළි ඇති නොවීම උදෙසා යහපාලන රජය සමයේ ස්ථාපිත කිරීමට යෝජනා වූ “සත්‍ය සහ සංහිදියා කාර්යාලය” ගැන ද කතෙබහ කළහ. දකුණු අප්‍රිකාව සුදු කළු වර්ගවාදය තුරන් කිරීමට කටයුතු කළ ආකාරයට එය ඉටු කිරීම ගැන එදා යෝජනා කළේ වත්මන් ජනපති රනිල්ය. ජනපති රම්පෝසා ද ඒ බව සිහිපත් කළේය.
“සත්‍ය හා සංහිඳියා කාර්යාලය දැන් ක්‍රියාත්මක ද?” ජනපති රම්පෝසා විමසුවේය.
“අපි ඒක නැවත පණ ගන්වලා ඉදිරියට ගෙන යන්න බලන්නේ. අපේ කණ්ඩායමක් ආයෙත් ඔබතුමාගේ රටට එවන්න අපි කල්පනා කළා.” ජනපති රනිල් කීවේය. ඒ අනුව “සත්‍ය හා සංහිදියා කාර්යාලය” ස්ථාපිත කිරීමට අවශ්‍ය තොරතුරු දැන ගැනීම වෙනුවෙන් මෙරට නියෝජිත කණ්ඩායමක් දකුණු අප්‍රිකාවට යැවීම ගැන ජනපති රනිල් කියද්දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ද ජනපති රම්පෝසා එකඟතාව පළ කළේය.
මේ අතර විදේශ ඇමති අලි සබ්රි ජනපතිට යම් කරුණක් සිහිපත් කළේය. ඒ පෙර සැලසුමකට අනුව දකුණු අප්‍රිකානු ජනපතිවරයා පුදුමයට පත් කිරීම වෙනුවෙන් කිරීමට යෝජිත වූ කාරණයකි. ජනපති රනිල්ගේ ඉඟි කිරීමකට අනුව ගුවන් හමුදා කාර්ය මණ්ඩලය විසින් උපන්දින කේක් ගෙඩියක් හා සුළු ආහාර තැබූ බන්දේසි කිහිපයක් රැගෙන ආහ.
කේක් හා සුළු ආහාර දුටු ජනාධිපති රම්පෝසා පුදුමයට පත්ව මේ මොකක්ද මේ යැයි විමසුවේ ජනපති රනිල් ඇතුළු පිරිස දෙස බලමිනි.
“ජනාධිපතිතුමාගේ උපන්දිනය දවසේ අපේ රටට ඇවිල්ලා නිකම්ම යන්න දෙන්න බැහැනේ.” ජනපති රනිල් කීවේ සැහැල්ලුවෙනි.
“අද නොවේ හෙටනේ මගේ උපන්දිනය.” ජනාධිපති රම්පෝසා කියද්දි ජනපති රනිල් කීවේ “දැන් මධ්‍යම රාත්‍රිය පසුවෙලා ඉවරයි. දැන් අලුයම” කියා ය. ඉන්පසුව ජනාධිපති රම්පෝසා උපන්දින කේක් කැපුවේ එහි සිටි සියල්ලන්ගේ සුබ පැතුම් මධ්‍යයේය. පළමු කේක් කැබැල්ල ජනපති රනිල්ට කැවූ පසු සෙස්සෝ ද උපන්දින කේක් කෑවෝය.
එයින් මහත් ප්රමෝදයට පත් ජනාධිපති රම්පෝසා “ටික දවසක් ලංකාවේ නැවතිලා යන්න හිතෙනවා” යැයි කියද්දී ජනපති රනිල් කීවේ “ආගන්තුක සත්කාරයට අප සූදානම්” කියාය. දෙරට අතර මිත්‍රත්වය තහවුරු කරමින් ලංකාවට සෑම මොහොතේදීම සහාය දෙන බවට පොරොන්දුවක් දුන් ජනාධිපති රම්පෝසා යළිත් දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේය.
මහින්දට පළමු සුබ පැතුම වීරසුමනගෙන්
මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ 77 වැනි ඡන්ම දිනය පසුගිය 18 වැනි සිකුරාදාට යෙදී තිබුණි.
17 වැනිදාට ශ්‍රී ලංකාවේ කොමියුනිට්ස් පක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහගේ උපන් දිනය යෙදී තිබුණි. 17 වැනිදා උදෑසනින්ම මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගෙන් දුරකථන ඇමතුමක් ලැබෙන විට වීරසුමන මන්ත්‍රීවරයා සිටියේ උදෑසන ඇවිදමින්ය.
“වීරසුමන මන්ත්‍රීතුමා සුබ උපන්දිනයක් වේවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා සුබ පැතීය.
“බොහොම ස්තූතියි. ඔබතුමාගේ උපන්දිනය හෙට. ඔබතුමාටත් සුබ උපන්දිනයක් වේවායි” යනුවෙන් වීරසුමන වීරසිංහ පැවසීය.
“වීරේ හැමදාම මට දවසකට කලින්ම සුබ පතනවා” යනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයා ප්‍රතිචාර දැක්වීය.
විශාල පිරිසක් අභයාරාමයට
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට ආශිර්වාද කරමින් සුපුරුදු පරිදි පැවැත්වෙන කිරි අම්මාවරුන්ගේ දානය මෙවර ද පැවැත්වුණේ පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ අනුශාසනා පරිදිය. විශාල පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර, මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයෝ රැසක් ද ඒ අතර වූහ.
මේ අතර මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට 18 වැනිදා උදෑසන සිටම කිසිදු විවේකයක් නොතිබුණේ ඔහුගේ ජංගම දුරකථනයට දිගට හරහට දුරකථන ඇමතුම් ලැබුණු නිසාය.
ආණ්ඩු පක්ෂයේ මෙන්ම විරුද්ධ පක්ෂයේ ද විශාල පිරිසක් මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට සුබ පැතීම විශේෂත්වයකි. අය වැය විවාදයට සහභාගී වූ ආණ්ඩු පක්ෂයේ ජනතා නියෝජිතයන් විශාල පිරිසක් සිකුරාදා දහවල් කාලයේදී තංගල්ල බලා පිටත් වූයේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට සුබ පැතීමටය.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් බස් රථයකින් තංගල්ල බලා පිටත් වීම ද විශේෂත්වයකි.
මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාට සෙත්පතා තංගල්ල නගර ශාලාවේදී මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජය පිරිත් දේශනය පැවැත්විණ. 18 වැනිදා සවස 3.00ට මෙම ජය පිරිත් දේශනය ආරම්භ වූ අතර, එය රාත්‍රී කාලය දක්වා පැවැත්වුණි.
මාදිවෙල මිතුරන්ට පැසසුම්
ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවතුණේ පසුගිය සඳුඳා පස්වරුවේය. මේ සඳහා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී විය. මෙම සාකච්ඡාව පැවතියේ අය වැය ඉදිරිපත් කිරීමෙන් පසුවය.
ඉකුත් මැයි 9 වැනිදා කලහකාරීන් විසින් ඝාතනය කළ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුළු පවුලේ සාමාජිකයන් ද මේ සඳහා සහභාගී වීම විශේෂත්වයකි.
අතුකෝරළ වෙනුවෙන් ඇස්වල කඳුළු
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමාට විශ්‍රාම වැටුප් ලබාදෙන්න කියලත් අපි යෝජනා කරනවා. ත්‍රස්තවාදී ක්‍රියාවකින් ඝාතනයට පත් වුණාම මීට පෙර මන්ත්‍රී විශ්‍රාම වැටුප ලබා දීපු අවස්ථා තියෙනවා.
1987 පාර්ලිමේන්තු බෝම්බ සිද්ධියෙන් මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම මන්ත්‍රීතුමා මිය ගියා. එදා ඒ මන්ත්‍රීතුමා වෙනුවෙන් විශ්‍රාම වැටුප ලබා දුන්නා.
ඒ ආකාරයට අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීතුමා වෙනුවෙන් විශ්‍රාම වැටුප ලබා දෙන්න කියලා මං යෝජනා කරනවා" ”යනුවෙන් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කළේය.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ එයට අදාළ මුදල් චෙක්පත ජනාධිපතිවරයාට බාර දුන්නේය. ජනාධිපතිවරයා විසින් එම චෙක්පත හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතාට බාරදුන් අතර, ඔහු විසින් අතුකෝරළ මන්ත්‍රීවරයාගේ බිරිය ඇතුළු දරුන්ට එම චෙක්පත පිරිනැමීය.
අතුකෝරළ මන්ත්‍රීවරයාගේ බිරිය එම චෙක්පත බාර ගත්තේ කඳුළු පිරි දෑසිනි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ ද ඇස්වල කඳුළු තිබෙනු දක්නට ලැබිණ.
ණය, පොලිය ගැන කතාබහක්
රටේ ආදායම, අය වැයෙන් අමාත්‍යංශවලට වෙන් කළ මුදල් ප්‍රමාණය පිළිබඳව අනතුරුව මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා මන්ත්‍රී කණ්ඩායම දැනුම්වත් කළේය.
“ව්‍යාපාරිකයෝ ඒ කාලේ ණය ගත්තෙ සියයට 6 පොලියට. දැන් පොලිය සියයට 20යි. ඒ මිනිස්සුන්ට ණය පොලී ගෙවන්න බෑ. මේ සම්බන්ධයෙන් අරන් තියෙන පියවර මොකද්ද? ” මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන ඇසීය. එයට පිළිතුරු දුන්නේ ජනාධිපතිවරයායි.
“අපිට ණය ගෙවන්න මුදල් නෑ. ලොකු අය වැය පරතරයක් තියෙනවා. පොලී අනුපාතය ඉහළ යෑම තාවකාලිකයි. මුලින්ම ඒක පාලනය කරගන්න ඕන. දැනට අපි අයි.එම්.එෆ් එකත් එක්ක කතා කරගෙන යනවා. ජනවාරි වෙනකොට ඉන්දියාවයි, චීනයයි අපිට සුබවාදී ප්‍රතිචාර දක්වාවි. ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සිදුවුන ගමන්ම පොලී අනුපාතය වෙනස් වේවි.” මහ බැංකු අධිපතිවරයා ද පොලිය වැඩි වීම ගැන මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.
“දැනට තියෙන තත්ත්වය අනුව සහන දෙන්න බෑ” ඔහු වැඩිදුරටත් කීය.
“මේක ඩයනගේ අයවැයක්. අපි බලමු ඩයනගේ ක්‍රමයට ගොඩ යන්න.”
ජනාධිපතිවරයා කී කතාවට මන්ත්‍රීවරුන් කොක්හඩ ලෑවේය.
“ලංකා ඉතිහාසයේ කාන්තාවක් වෙනුවෙන් ඉදිරිපත් වුණ එකම අයවැය මේකයි. ජනාධිපතිවරයා යළි කීවේය.
“ඩොලර් බිලියන 89 ක් රටින් පිට කළා කියල විපක්ෂය චෝදනා කරනවා. මේකට අපි දෙන්න ඕන උත්තරය මොකද්ද?”ඒ මන්ත්‍රී ජගත් කුමාරය.
“ඒවට උත්තර දෙන්න තමයි කෝප් කමිටුව, මුදල් කාරක සභාව තියෙන්නෙ. ඒ කමිටුවලට ඇවිල්ල ප්‍රශ්න කරන්න කියන්න. ඔය කියන ගාන මහ බැංකුවෙන්වත් ගෙනියන්න බෑ. කෝප් එකේ හිටපු සභාපති මේව ගැන හෙවුවේ නැද්ද කියල ඔයත් ඒ අයගෙන් ප්‍රශ්න කරන්න”ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ තරමක ආවේගයෙනි.
“අපි හැමෝම එකතු වෙමු. ඊළඟට ඡන්දයකට යන්න නම් අපි එකතු වෙන්න ඕන. හැමෝම දේශපාලන ප්‍රතිසංස්කරණ ඉල්ලනවා.22 ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුවට බලය දීලා තියෙනවා. පාර්ලිමේන්තු කමිටු පිහිටු වන්න විපක්ෂය අපිට උදවු කරන්නෙ නෑ. ඒ ගැන ඔයාලත් ප්‍රශ්න කරන්න. දැන් හරි මාර්ගයට ඇවිල්ල. දැන් තියෙන්නෙ මෙතනින් එහාට ගෙනියන්නයි.” ජනාධිපතිවරයා යළි කීය.
ප්‍රසන්නගේ ටයි ගැටේ
ඉදිකිරීම් ක්ෂේත්රයේ නිපුණතාව සහිත ඉදිකිරීම් ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ ඔවුන් සඳහා ශිල්පි හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගියදා පැවැතියේ ඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙනි. එහිදී ඇමතිවරයා කළේ නිලධාරින්ගේ ඇස් රතු වෙන කතාවකි.
“මිනිස්සු ඉල්ලන සිස්ටම් චේන්ජ් එකකට දේශපාලනඥයන් එකඟයි. ඒත් ඇතැම් රාජ්‍ය නිලධාරීන් ඒකට කැමැති නෑ. ඒ නිසා ආණ්ඩුවේ වැඩපිළිවෙළ කඩාකප්පල් වෙනවා. මගේ ආයතන ඒකට ඉඩ තියන්න එපා”
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අය වැය හා ඉදිරි කටයුතු පිළිබඳ අමාත්‍යාංශ නිලධාරීන් සමඟ ඇමැති ප්‍රසන්න පසුගියදා සාකච්ඡාවක් පැවැත්වීය.
මේ සඳහා තේනුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන් ද සහභාගී විය.
“සමහර තැන්වල වැඩ කරගන්න ගියාම චක්‍රලේඛ පෙන්නල මිනිස්සු රස්තියාදු කරවනවා. මගේ තැන්වල එහෙම වෙන්න බෑ. චක්‍රලේඛන දාල වැඩ නොකර මාව අන්දන්න ලෑස්ති වෙන්න එපා. ඕව තියෙන්නෙ වැඩ කරන්න මිසක් වැඩ කල් දාන්න නෙමෙයි. නිලධාරින්ගේ “ටයි ගැට” ප්‍රශ්න නිසා බැණුම් අහන්නේ අපියි”
ඇමතිවරයා කී මේ ටයි ගැට කතාව තේරුම් ගත නොහැකිව නිලධාරීන් මුහුණට මුහුණ බලන්නට විය.
“තනතුරු ප්‍රශ්න, සීනියෝරිටි ප්‍රශ්න, පුද්ගලික ප්‍රශ්න නිසා නිලධාරීන් අතර විවිධ හැලහැප්පීම් තියෙනවා. ඒකට තමයි කියන්නේ “ටයි ගැට” ප්‍රශ්න කියලා. මේ ප්‍රශ්න නිසා ආයතනවල වැඩ නොවුණාම බණින්නේ බලය තිෙයන ආණ්ඩුවට. නැත්නම් ඇමැතිට. “ටයි ගැට” ප්‍රශ්න නිසා ජනතා සේවය බාල්දු කරන්න එපා. අමාත්‍යාංශයේ වැඩ ප්‍රමාද කරන්න එපා.” ඇමැති ප්‍රසන්න ටයි ගැට ප්රශ්නය තේරුම් කරන විට නිලධාරීන්ට සිනා පහළ විය.
ඩලස්ලා, සජිත්ව හමු වූයේ ඇයි?
ආණ්ඩුව දිගින් දිගටම මැතිවරණය කල් තැබීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බව සජිත් ඇතුළු සමගි ජන බලවේගය ප්‍රකාශ කළේ මීට මාස කිහිපයකට පමණ පෙර සිටය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා පත් කිරීමේදී පොහොට්ටුව පාර්ශ්වය විසින් ඉදිරිපත් කොට තිබූ යෝජනාවක් වූ ආණ්ඩුව විසුරවීම නොකළ යුතු බවද සමගි ජන බලවේගයේ මතය විය.
ඒ නිසා සජිත් සිය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරට උපදෙස් දී තිබුණේ මේ තත්ත්වයට විරුද්ධව වහාම ක්‍රියාත්මක විය යුතු බවය.
එහි ප්‍රතිඵලයක් ලෙස මුලින්ම ඩලස් පාර්ශ්වය විපක්ෂ නායක කාර්යාලයේදී සජිත් මුණගැසුණි.
"මේ ආණ්ඩුව හදන්නේ මැතිවරණය කල් දාන වැඩේට. ආණ්ඩුව මොනතරම් නෑ කීවත් ඇත්ත ඒක තමයි. " සජිත් කීවේය.
"ඒක ඇත්ත,අනිත් එක මැතිවරණය කල් දාන්න කිසිම නීතිමය ප්රතිපාදනයක් නැහැ. මේ වෙලාවේ මේකට විරුද්ධව එකතු වෙන එක ඉතාම වැදගත්" ජී.එල් පීරිස් කීවේය.
"විපක්ෂ සියලුම දේශපාලන පක්ෂ එක්ක මේ ගැන කතා කරමු. පොදු එකඟතාවකට ඇවිල්ල ආණ්ඩුවේ මේ ක්‍රියාකලාපයට විරුද්ධව මැතිවරණ කොමිසමට යමු" ඩලස් කීවේය.
"එක පැත්තකින් අපි ලියුමක් දෙමු. ඒ එක්කම අපි මැතිවරණයක් ඉල්ලා අත්සන් ලේඛනයකුත් දෙමු." සජිත් කීවේය.
ඒ අනුව සෙසු පක්ෂ සමඟ කටයුත්ත සම්බන්ධීකරණය කිරීමට සමගි ජන බලවේගයේ අශෝක් අබේසිංහත්, ඩලස් පාර්ශ්වයෙන් ඩිලාන් පෙරේරාත් නම් කරනු ලැබීය. ඒ මොහොතේම ක්‍රියාත්මක වූ එම දෙපළ මුලින්ම කතා කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය.
"එක මොහොතක් හරි මැතිවරණය කල් දානවට අපි විරුද්ධයි, එනිසා ආණ්ඩුවේ ඒ වැඩේට විරුද්ධ වෙන ඕනම කණ්ඩායමක් එක්ක අපි එකතු වෙනවා"
ශ්‍රීලනිපෙන් සුබවාදී පිළිතුරක් ලැබුණි. ද්‍රවිඩ සන්ධානයෙන් ලැබුණේ ද එවැනිම ප්රතිචාරයකි.
ඒ අනුව විපක්ෂ කණ්ඩායම සාමූහිකව තීන්දු කළේ වහාම නිසි කලට නිසි පරිදි මැතිවරණය පවත්වන ලෙස ඉල්ලා මැතිවරණ කොමිෂන් සභාවට ලිපියක් ලිවීමටය.
චන්ද්‍රිකා කරපු ලොකුම මෝඩ වැඩේ
පසුගිය සතියේ දිනයක මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හමු වූයේ වර්තමාන දේශපාලන තත්ත්වය ගැන කතා කිරීමටය.
මේ කතාබහ අතරතුරදී තමා ජීවිතයේ සිදු කළ මෝඩම වැඩේ චන්ද්‍රිකා ප්‍රකාශ කිරීමට සූදානම් වන විට බොහෝ දෙනකු ඒ මෝඩ වැඩේ කුමක්ද කියා දැන ගැනීමට සිටියේ දැඩි කුතුහලයකිනි.
“මං කරපු මෝඩම වැඩේ තමයි මෛත්‍රීපාලව ජනාධිපති කරන්න ගත්ත තීරණය. මං තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. මං නම් පක්ෂයෙන් අයින් කරන්න කාටවත් දෙන්නේ නැහැ.” යනුවෙන් චන්ද්‍රිකා තරමක් ආවේගයෙන් ප්‍රකාශ කළාය.
“ අපිත් එහෙමයි මැඩම්. අපි ආණ්ඩුවේ හිටියට අපිත් තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ” යනුවෙන් මහින්ද අමරවීර, දුමින්ද දිසානායක පැවසූහ.
එදිරිමාන්නගේ කතාවට රනිල්ගේ ප්‍රසාදය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ බදාදා හවස හිටියේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි ඔහුගේ කාර්යාලයේය. හවස හතරහමාරට පමණ ජනාධිපති සභා ගැබට ඇවිත් අසුන් ගන්නා විට සභාව අමතමින් හිටියේ සංජීව එදිරිමාන්නය.
කතාව ඉවර වුණු වහා ජනාධිපතිවරයා සංජීව එදිරිමාන්න ආසනය ළඟට ආ අතර ප්‍රසන්න රණතුංග, සුරේන් රාඝවන්, සාගර කාරියවසම් හා මධුර විතාන ද එහි වූහ.
“මම ආවෙ ඔයාගෙ කතාව ඇහිල. හොඳ කතාවක්. ඔන්න ඔහොම ඔළුවෙන් වැඩ කරන්න ඕන. ප්‍රසන්න ඔයා හොඳ බැට්ස්මන්ල දාන්නෙ නේද ?
"ඔව් සර් අලුත් අයට අපි උදවු කරන්න ඕනි. මාත් මේ පසු පෙළට වෙලා සංජීවගෙ කතාව අහගෙන හිටියේ.“.
"ඔව් අලුත් පරම්පරාව තමයි ආර්ථිකය ගැන අලුත් මතයක් කතා කරන්න ඕනි.නැත්නම් ඊළඟ පරම්පරාවත් අමාරුවෙ වැටෙනවා. "ජනාධිපතිවරයා කීවේ ප්‍රසන්නගේ අදහස අනුමත කරමිනි.
“සර් .. Law college අපේ Batch පාර්ටි එකට ඉන්විටේෂන් එකක් එව්ව. “මධුර ජනාධිපතිතුමාව පණිවිඩයක් කීවේය.
“හරි හරි මම එන්නම්. ඉන්විටේෂන් එක ලැබුණා“ ජනාධිපතිවරයා ප්‍රතිචාර දැක්විය.
“සර්ගෙ බැචලා කවුද සර් Law college එකේ."
"ඔයාගෙ ගුරා අසෝක ද සිල්වත් මගෙ Batch එකේ." එතැන් සිට ජනාධිපතිවරයා නීති විද්‍යාලයේ සිටින විට සිදුවූ දේවල් ගැන මතකය ආවර්ජනය කළේය.
වජිර හමුවන්න රෑට රෑට යන්නේ කවුද?
එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ කොළඹ විශ්වවිද්‍යාලය අසල රැජින මාවතේ තිබෙන නිවෙස නිතර දේශපාලන කතිකාවක් සිදු කෙරෙන ස්ථානයකි.
මේ දිනවල ද වජිර අබේවර්ධන මුණ ගැසීමට රාත්‍රී කාලයේදී යම් යම් පිරිස් පැමිණෙන බවට වාර්තා වේ.
මෙසේ වැඩිපුරම එන්නේ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන්ය. ඔවුන් පසුගිය කාලයේදී සමගි ජනබලවේගයට සහයෝගය දැක්වූ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව එසේ සමගි ජන බලවේගයට ගිය පළාත් පාලන නියෝජිතයන්ගේ සැලකිය යුතු පිරිසක් යළි එක්සත් ජාතික පක්ෂයට පැමිණීමට කැමැත්ත පළ කර තිබේ.එම පිරිස් මේ දිනවල පැමිණෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා මුණගැසීමටය.
ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයාත් මාධ්‍යවේදි ගැලරියේ
පසුගිය 14 වැනිදා ජනාධිපතිවරයා විසින් අය වැය ඉදිරිපත් කරන අවස්ථාවේදී අමාත්‍යාංශය ලේකම්වරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීන් බොහෝ දෙනෙකු සිටියේ ඔවුන්ට වෙන් කර තිබෙන රජයේ නිලධාරින්ගේ මැදිරි (Box) වලය. එහෙත් රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න සිටියේ පාර්ලිමේන්තුවේ මාධ්‍යවේදීන්ගේ ගැලරියේය. පාර්ලිමේන්තු මාධ්‍යවේදියකු වශයෙන් මීට වසර කිහිපයකට පෙර දිනිත් චින්තක කරුණාරත්න කටයුතු කළ අතර, ඔහු තම අතීත සිද්ධි සිහිපත් කරමින් පාර්ලිමේන්තු මාධ්‍යවේදීන් සමඟ සිටිනු දක්නට ලැබිණි.