
ඉන්දීය හිටපු අගමැති රජීව් ගාන්ධි ඝාතන සිද්ධියට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියමවී සිටි 06 දෙනකු නිදහස් කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
නලිනි ශ්‍රීහරන්, රවිචන්ද්‍රන්, මුරුගන්, රොබට්, ජයකුමාර් සහ සාන්තන් යන විත්තිකරුවන් මෙලෙස නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත.
1991 වසරේ මැයි මස 21 වැනිදා එවකට ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකට ලක්වී ජීවිතක්ෂයට පත්වූ අතර සිද්ධියට අදාළව චෝදනා ලැබ සිටි විත්තිකරුවන් 7 දෙනකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවී තිබුණි. ඉන් එක් විත්තිකරුවකු වන පෙරාරිවාලන් නමැත්තා පසුගිය මැයි මාසයේ නිදහස් කෙරුණි.