
ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකි ලියනගේ ගේ උපදෙස් මත කොළඹ කොටස් හුවමාරුවේ අනුග්‍රාහක දායකත්වයෙන් යුද හමුදා මුලස්ථානයේ රාජකාරි කරනු ලබන සිවිල් සේවකයන් 50 දෙනකුට අත්‍යවශ්‍ය වියළි සලාක මලු බෙදාදීමේ වැඩසටහනක් යුද හමුදා මූලස්ථානයේ සේවා වනිතා සභාපති කාර්යාලයේදී පසුගියදා පැවැත්විණි.
සිවිල් සේවකයන්ගේ ආර්ථික අපහසුතා සඳහා යම්කිසි සහනයක් ලබාදීමේ අරමුණින් සංවිධානය කරන ලද මෙම පරිත්‍යාග ලබාදීමේ අවස්ථාව වෙනුවෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ සහභාගී වු අතර, යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ, කොළඹ කොටස් හුවමාරුවේ ප්‍රධාන විධායක නිලධාරි රජීව බණ්ඩාරනායක ඇතුළු කොළඹ කොටස් හුවමාරුවේ නිලධාරින් පිරිසක් සහ ශ්‍රී ලංකා යුද හමුදා සේවා වනිතා එකකයේ කර්නල් නලීන්ද්‍ර මහවිතාන ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.