පාසල් සිසුන්ට පහරදීමේ තවත් සිදුවීම් තුනක් | Page 4 | සිළුමිණ

පාසල් සිසුන්ට පහරදීමේ තවත් සිදුවීම් තුනක්

ණ්ඩාරගම මිල්ලනියේ පාසලක 5 වසරේ සිසුන් කීපදෙනෙකුට එම පාසලේ විදුහල්පතිනිය සහ පොලිස් නිලධාරීන් දෙදෙනකු විසින් පහර දුන් බව කියන සිද්ධියෙන් අනතුරුව ගුරුවරු විසින් සිසුන්ට පහරදීමේ සිදුවීම් දෙකක් සහ සිසුවියන් අපයෝජනය කිරීමේ සිදුවීමක් ගැන හුංගම බුලත්සිංහල සහ කැකිරාව පොලිස් ස්ථානවලට පැමිණිලි ලැබී ඇත.

ලුනම දුටුගැමුණු මහා විද්‍යාලයේ පාසලක ශිෂ්‍යත්ව ගුරුවරයකු විසින් පහර දීම නිසා එම ගුරුවරයාගේ පන්තියේ සිසුවියක තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළු කර ඇති අතර හුංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අදාළ ගුරුවරයා අඟුණුකොළපැලැස්ස අධිකරණයට සිකුරාදා ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ ගුරුවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

බුලත්සිංහල පාසලක පුස්තකාල ගුරුවරයකුගේ පහරට ලක්වු සිසුවකු ද හොරණ රෝහලට ඇතුළත් කරනු ලැබ සිටී.

කැකිරාවේ පාසලක ක්‍රීඩා ගුරුවරයෙකු සිසුවියන් හය දෙනෙක් අපයෝජනය කර ඇතැයි කියන සිද්ධියක් ගැනද පොලිස් විමර්ශන ආරම්භ වී ඇති අතර සැකකාර ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

Comments