කොටස් වෙළෙඳපොළේ සතියේ පිරිවැටුම බිලියන 5 ඉක්මවයි | Page 3 | සිළුමිණ

කොටස් වෙළෙඳපොළේ සතියේ පිරිවැටුම බිලියන 5 ඉක්මවයි

සුගිය සතියේ කොටස් වෙළෙඳපොළේ හැසිරීම සලකා බලන විට, සතියේ පිරිවැටුම රුපියල් බිලියන 5.15ක් වූ අතර, සතියේ සීමිත කොටස් මිල දර්ශකයේ සාමාන්‍ය වර්ධනය 0.86% ක් විය. එසේම, S&P SL 20 දර්ශක සාමාන්‍ය වර්ධනය 0.20% ක් විය. පසුගිය නොවැම්බර් 11 දිනට වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 3713.65 ක් වූ අතර, සතියේ ඉහළම ප්‍රතිලාභ අත්පත් කරගත් කොටස් හිමි සමාගම් ලෙස S.M.B. ලීසිං PLC, ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් PLC, රේණුකා සිටි හොටෙල්ස් PLC, ටෝකියෝ සිමෙන්ට් COMPANY (LANKA) PLC සහ අමානා තකාෆුල් PLC සමාගම් කැපී පෙනුණි.

Comments