ධනුෂ්කගේ සිද්ධිය ගැන සෙවීමට කමිටුවක් | Page 2 | සිළුමිණ

ධනුෂ්කගේ සිද්ධිය ගැන සෙවීමට කමිටුවක්

ඔස්ට්‍රේලියාවේ පැවති T20 ලෝක කුසලාන තරඟ සංචාරය අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකසම්බන්ධ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ත්‍රිපුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. 
 
ඒ අනුව විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සිසිර රත්නායක, නීතීඥ නිරෝෂණ පෙරේරා සහ නීතීඥ අසේල රැකව යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විමර්ශන මඩුල්ලක් පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. 
 
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටි කාලය තුළ සිදුවූ බව කියන විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් ද මෙම කමිටුව විමර්ශනය කරනු ඇති අතර කණ්ඩායම් කළමනාකරුගෙන්ද මේ පිළිබඳ වහාම පැහැදිලි කිරීමක් ඉල්ලා සිටීමටද නියමිතය.
 
එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසු අදාල ක්‍රඩකයින් සහ නිලධාරින් යම් වරදක් හෝ නොසැලකිලිමත්කමක් සිදු කර ඇති බවට ඔප්පු වුවහොත් අදාල ක්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සදහන් කර ඇත. 
 

Comments