ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නායකත්වයෙන් මොහොමඩ් නබි ඉල්ලා අස්වෙයි | Page 2 | සිළුමිණ

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නායකත්වයෙන් මොහොමඩ් නබි ඉල්ලා අස්වෙයි

විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේදී ඊයේ(4) ඔස්ට්‍රේලියාවට එරෙහිව ඇඩිලේඩ්හිදී ලකුණු 4ක පරාජයක් ලැබීමත් සමඟ ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් නායක මොහොමඩ් නබි එරට ජාතික කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.
 
නබි T20 තරඟ 35 කදී කණ්ඩායමේ නායකත්වය දරා තිබෙන අතර ඉන් ඇෆ්ගනිස්ථානය තරඟ 16 ක් ජයග්‍රහණය කරා ගෙනගොස් තිබේ.
 
කෙසේ වෙතත් ක්‍රීඩකයෙකු ලෙස දිගටම ක්‍රියා කරන බවත්, "කළමනාකාරිත්වයට සහ කණ්ඩායමට අවශ්‍ය විට"  සිටින බවත් ඔහු පැහැදිලි කළේය. 
 
"ලෝක කුසලානයේ සුපිරි 12 තරඟයේදී අපගේ විස්සයි20 ලෝක කුසලාන ගමන අවසන් වූයේ අප හෝ අපගේ ආධාරකරුවන් බලාපොරොත්තු නොවූ ප්‍රතිඵලයක් සමඟිනි. තරඟවල ප්‍රතිඵල ගැන ඔබ මෙන්ම අපිත් කලකිරෙනවා," නබී සිය ට්විටර් පණිවුඩයේ සඳහන් කර ඇත.
 

Comments