
දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් හැලෝවීන් උත්සවයක් අතරතුර ඊයේ (29) ඇතිවූ තෙරපීමෙන් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මේ බව තහවුරු කර ඇත.
ඔහු මහනුවර දිස්ත්‍රික්කයේ 27 හැවිරිදි අයෙකු බව වාර්තා වෙයි.
මෙම උත්සවය සඳහා විශාල වශයෙන් යොවුන් වියේ පසුවූ අය සහභාගි වී සිට ඇති අතර ඔවුන් අතරින් බොහොමයක් 20 හැවිරිදි වියේ පසු වූ අය බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මියගිය අය අතර විදේශීය ජාතිකයන් 19 දෙනෙකු ද වන අතර එක් ශ්‍රී ලාංකිකයෙකු ද සිටියි.
විපතට පත්වූ අනෙක් විදේශිකයන් අතර ඉරානය, නෝර්වේ, චීනය සහ උස්බෙකිස්තානය යන රටවලින් පැමිණි අය ද වෙති.
මරණවලට හේතුව කුමක් ද යන්න තවමත් පැහැදිලි නැති නමුත් සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ නගරයේ පටු වීදිවල උත්සවය සැමරූ පිරිසෙන් බොහෝ අයට එහා මෙහා යාමට අපහසු වී තදබල තෙරපීමකට ලක්වූ බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයෝල් ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එම ශෝක කාලය මෙම තත්ත්වය පාලනය කෙරෙන තුරු ක්‍රියාත්මක බව එරට ජනාධිපති කාර්යාලය නිවේදනය කර ඇත.