සතියේ කලදවස | Page 3 | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ගෘහ ජීවිතය සාර්ථකයි

සඳු ගමන් කරන්නේ 6,10,11 සහ 12 වැන්න මතිනි. පුණ්‍ය කටයුත්තක නිරත වීමෙන් ඇරඹෙන සතිය වාසනාවන්තය. රැකියා හා ව්‍යාපාරික කටයුතුවලින් ලාභ හිමිවේ. අතමිට මුදල් ගැවසේ. ගෘහ ජීවිතය සාර්ථක වන අතර සතිය අවසානයේදී පාඩු සහ ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකිය. කලවා, දණහිස් හා පාදවල වේදනා මතු කරයි. අඟහරුවාදා දින උදේ රතු සහ සුදු පාට මල් පුජා කරන්න. තිරිසන් සතුනට කෑම සහ වතුර දෙන්න.

අය 5, වැය 3, සුබ අංකය 7, සුභ වර්ණය රතු, සුබ දවස අඟහරුවාදා

වෘෂභ - ආර්ථීකය යහපත්

ආරම්භය එතරම් සුබදායක නැතද පසුව යහපත් වේ. ගෘහ ජීවිතය සාමකාමී වන අතර රැකී රක්ෂා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. නොසිතූ ලෙස සුළු මුදලක් හෝ අතට ලැබෙන්නට හැකියාව ඇත. දුවා දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය සුබදායි වේ. පාදවල වේදනා, සෙම් රෝග, මලබද්ධය පැවතිය හැකිය. සතිය ආරම්භයේ බුදුන්ට පැන් බඳුනක් තබා සුදු, රෝස පැහැ මල් පුජා කරන්න. කරණීය මෙත්ත සුත්‍රය කීමෙන් අපල සමනය වේ.

අය 7, වැය 5, සුබ අංක 3 සහ 6, සුබ වර්ණ ක්‍රීම් සහ සුදු, සුබ දවස් සිකුරාදා සහ බදාදා

මිථුන - ව්‍යාපාරවලින් ලාභ

 සඳු ගමන් කරන්නේ 7,8,9 සහ 10 වැන්න මතිනි. ගෘහ ජීවිතය සාමකාමීය. දැහැමි කටයුතුවලින් සතුට සැනසීම හිමිවෙන අතර රැකියා ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වර්ධනය වේ. දුක්මුසු පුවත් අසන්නට ලැබිය හැකි අතර නිෂ්ඵල ගමන් ද යෙදේ. මලබද්ධය සහ අජීර්ණ තත්ත්වයන් මතු විය හැකිය. සතිය ආරම්භයේ බුදුන් වහන්සේට පැන් බඳුනක් තබා රාජකාරී අරඹන්න.

අය 8, වැය 6, සුබ අංක 3 සහ 5, සුබ වර්ණය කොළ, සුබ දවස් බදාදා සහ සිකුරාදා

 

කටක - ගැටලු සමනය වෙයි

 සඳු ගමන් කරන්නේ 6,7,8 සහ 9 වැන්න මතිනි. තමාගේ කටයුතු ඇගයීමකට ලක්වන අතර කරදර අඩු වන සතියකි. රැකියා සහ ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රායෝජන හිමිවෙන අතර පුණ්‍ය කටයුතුවලට ද දායක වෙයි. ගෘහ ජීවිතය සාමකාමී වේ. දුක්බර කරුණුවලටද ඉඩකඩ පවතී. අසනීප සහ අපල තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් සතියේ ආරම්භක සඳුදා දින සුදු මල් ටිකක් චෛත්‍යයක් අබියස පුජා කර පහන් ආලෝකයක් දල්වා ජය පිරිත කියා අවසන් කරන්න.

අය 5, වැය 3, සුබ අංක 7 සහ 9, සුබ වර්ණය සුදු, සුබ දවස සඳුදා

සිංහ - මිශ්‍ර පල සහිතයි

සඳු ගමන් ගන්නේ 5,6,7 සහ 8 වැන්න මතිනි. සුබ අසුබ මිශ්‍රව හිමි වන අතර ගෘහ ජීවිතයේ ගැටලු සුළු වශයෙන් පෙන්වයි. දුවා දරුවන්ගේ අධ්‍යාපනයට සුබ සතියකි. ආර්ථික ලාභ හිමි වේ. රැකියා අංශවල දියුණුව පැවතුණත් සතුරු කරදර, අසනීප අපල තත්ත්වයන් ද ඇති විය හැකි බැවින් ඉවසීම, සංයමයෙන් කටයුතු කිරීමෙන් ජයග්‍රහණය හිමි වනු ඇත. ඉරිදා දින නිර්මාංශ වීමෙන් අපල මග හරවා ගත හැකි අතර බුදුන්ට රතු මල් පූජා කර පැන් බඳුනක් තබන්න.

අය 11, වැය 9, සුබ අංක 1 සහ 4, සුබ වර්ණය රතු, සුබ දවස් ඉරිදා සහ අඟහරුවාදා

කන්‍යා - ප්‍රීතිමත් සතියකි

 

මවු පාර්ශ්වයෙන් උදවු ලැබෙන දුවා දරුවන්ගේ ඉගෙනීමේ කටයුතු සුබ අතට හැරෙන සතියකි. ගෘහ ජීවිතය සාමකාමීය. රැකියා ව්‍යාපාර කටයුතුවලින් ලාභ ප්‍රයෝජන අත්වේ. මුත්‍රා ආසාදන, කොඳු ඇට පෙළේ අමාරු, උදර රෝග ඇති විය හැකිය. බදාදා දවස නිර්මාංශ වීමෙන් ඔබට අපල අවම කර ගැනීමට හැකි වන අතර කොළ පැහැ ඇඳුම් පැලඳුම් ඇදීමත් සුබය.

අය 5, වැය 3, සුබ අංක 5 සහ 7, සුබ වර්ණය කොළ, සුබ දවස් සිකුරාදා සහ බදාදා

තුලා - පවුලේ සමගිය වැඩි වෙයි

 

සොහොයුරු සොහොයුරියන්ගෙන් උපකාර ලැබෙන දුවා දරුවන් අසල් වැසියන් සමඟ සුහදත්වයෙන් කටයුතු කරන සතියකි. දුවා දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය සුබ අතට හැරවෙන ග්‍රහපල දක්නට ලැබෙයි. ගෘහ ජීවිතය, ආර්ථිකය රැකියා දියුණුව පලදායි වුවත් සතිය අවසානයේදී අසනීප කරදර අපල අනතුරු ඇති විය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. සිකුරාදා දවස නිර්මාංශ වී වර්ණවත් මල් පුජා කර සුවඳ දුම් අල්ලා බුදුන් වඳින්න.

අය 8, වැය 6, සුබ අංක 6 සහ 9, සුබ වර්ණ සුදු, ක්‍රීම් සහ තැඹිලි

වෘශ්චික - යහපත් සතියකි

 

 සඳු ගමන් කරන්නේ 2,3,4,5 මතිනි. ආරම්භයේ පටන් සතුටුදායක වාතාවරණයක් පවතී. ගරුත්වය, දේපළ, ධනය හිමිකම් ඇති ඇසුරු කරන අය සමඟ ඉතා සුහදත්වයෙන් කල් ගෙවන සතියකි. අධ්‍යාපන කටයුතු නොපැකිළව අලසකමින් තොරව ඉටු කරයි. රැකියා ව්‍යාපාර අංශවලින් ලාභ ප්‍රයෝජන ඇත. සතියේ අවසාන දින වකවානු තුළ සොර සතුරු බිය, අසනීප සහ සුළු අනතුරු ඇති විය හැකිය. අඟහරුවාදා දින නිර්මාංශ වී දුර්වල අයකුට ආහාරපානාදියෙන් සංග්‍රහ කරන්න.

අය 7, වැය 5, සුබ වර්ණය රතු, සුබ අංක 4 සහ 5, සුබ දවස් අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා

ධනු - ධනය සහ රැකියා ලාභ

සඳු ගමන් කරන්නේ ලග්නය 2, 3 සහ සිවු වැන්න මතිනි. වෙර වීරියෙන් යමක් හරි හම්බ කරගන්නා දැහැමි දිවියකට අවතීර්ණ වන සතියකි. වැඩිහිටි අවවාද පිළිගනී. ධනය සහ රැකියා ලාභවලට හිමිකම් ඇත. ගේදොර අලංකරණ කටයුතු සහ දරුවන්ගේ ඉගෙනුම් කටයුතු සාර්ථක වේ. බ්‍රහස්පතින්දා දින නිර්මාංශව බෝමළුව පිරිසුදු කිරීමත් කහ පාට මල් පිදීමත් තුළින් අපල දුරුවේ.

අය 7, වැය 5, සුබ අංක 6 සහ 8, සුබ වර්ණය කහ, සුබ දවස් බ්‍රහස්පතින්දා සහ ඉරිදා

මකර - කායික මානසික නීරෝගි බව

 

 සඳු ගමන් කරන්නේ 12 ලග්නය 2 සහ 3 වැන්න මතිනි. ආරම්භයේදී සිත් රිදීමක් ඇති වුවද ඉන් පසු දින කිහිපය යහපත්ය. ශරීර සෞඛ්‍යය, බලය, වික්‍රමය ඇතිව ගෘහස්ථ මෙන්ම සේවා ස්ථානවල වැඩ කටයුතු ආරම්භ කරයි. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු හොඳින් සිදු කෙරේ. සුළු වශයෙන් අනතුරු සිදු වීමටද ඉඩ ඇත. සෙනසුරාදා දින උදෑසන නිර්මාංශව නිර්මාංශ ආහාරයක් නැති බැරි කෙනෙකුට ලබා දෙන්න.

අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය නිල්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා

කුම්භ - ශක්තිමත් ආර්ථිකයක්

 

සඳු ගමන් ආරම්භ කරන්නේ 11,12 ලග්නය හා දෙවැන්න මතිනි. ගෘහ ජීවිතය සතුටින් සාමදානයෙන් ගෙවයි. ආර්ථිකය යහපත් ලෙස ශක්තිමත් වන වාතාවරණයක් ඇතත් අසනීප මෙන්ම පාඩු සිදු වන අවස්ථා ද යෙදිය හැකිය. අන්‍යයන්ගේ රැවටිලිවලට හසු නොවී කටයුතු කිරීම වැදගත් වේ. සෙම් රෝග, පාදවල අසනීප, ලේ දෝෂ හට ගත හැකිය. සෙනසුරාදා දින නිර්මාංශ වී අතපය වාරු නැති අයකුට රසවත් ආහාරයක් දෙන්න.

අය 11, වැය 9, සුබ අංක 3,8 සහ 9, සුබ වර්ණය නිල්, සුබ දවස් සිකුරාදා සහ සෙනසුරාදා

 

මීන - අතමිට මිල මුදල් ගැවසේ

 

 අගහිඟකම් නැති යහපත් සතියකි. මිල මුදල් අතමිට ගැවසේ. සෑම දෙයක්ම යහපත් අන්දමින් විසඳෙන, සමගිය සමදානය රැඳුණු ගෘහ ජීවිතයක් ගොඩනැඟෙයි. දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය උසස් වේ. බ්‍රහස්පතින්දා දින නිර්මාංශව සිට භික්ෂුන් වහන්සේලාට ගිලන්පස පූජා කරන්න. කහ මල් පුජා කරන්න. බෝධි පූජා පවත් වන්න.

අය 7, වැය 5, සුබ අංක 3 සහ 9, සුබ වර්ණය කහ, සුබ දවස් බ්‍රහස්පතින්දා සහ අඟහරුවාදා

 

Comments