ඉන්ධන මිල අඩු කරයි | Page 3 | සිළුමිණ

ඉන්ධන මිල අඩු කරයි

අද(17) රාත්‍රී 9.00 සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල අඩුකර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සදහන් කරයි. 
 
ඒ අනුව 92 ඔක්ටේන් වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ද අඩුකර ඇත.
 
නව මිල සංශෝධනය අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 370ක් වන අතර, ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 415ක් වේ.
 
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවේ.

Comments