බන්දුල වැඩ බෙදයි | Page 2 | සිළුමිණ

බන්දුල වැඩ බෙදයි


ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් එම අමාත්‍යාංශයන්හි විෂය පථයන් සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනෙකු පත්කර තිබේ. ඒ අනුව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාරට  තැපැල් දෙපාර්තමේන්තුව, රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනය ගැසට් නිවේදනයක් මඟින් සිකුරාදා ප්‍රකාශයට පත්කර ඇත. එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, සිරිපාල ගම්ලත් සහ සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් යන අයට ද කැබිනට් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන යටතේ ඇති ආයතන රැසක ක්‍රියාකාරීව කටයුතු කිරීමට අවස්ථාව ලබාදී ඇත.

 

Comments