දෛව අංකයෙන් හෙළිවන ඔබේ ජීවිතය දෛව අංක 4 හිමි ඔබ ගැනයි මේ | Page 2 | සිළුමිණ

දෛව අංකයෙන් හෙළිවන ඔබේ ජීවිතය දෛව අංක 4 හිමි ඔබ ගැනයි මේ

දෛව අංක 4 හිමි ඔබ යුරේනස් ග්‍රහයාගේ කම්පන බලවේගයට යටත් වෙයි. ඔබ සිහින ලෝකවල ජීවත් වන්නකු නොවේ. ඉතා ප්‍රායෝගික ගති පැවතුම් ඇති පොළොවේ පය ගසා ජීවත් වන පුද්ගලයෙකි. ඔබට හොඳින් හොඳ නරක තෝරා බේරා ගෙන කටයුතු කිරීමේ හැකියාව ඇති අතර, හොඳ දේ හොඳ ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් නිර්භයව කවුරුන් තරහ වුවද ප්‍රකාශ කිරීම ඔබේ සිරිතයි. ඔබ තුළ ප්‍රබල අදහස් පවතින අතර ජීවිතයේ සෑම දෙයක් පිළිබඳවම යම් ආකාරයක පිළිවෙළකට කටයුතු කිරීම ඔබේ ස්වභාවයයි.

ඔබගේ පාල­කයා ඔබම මිස අන් කිසි­වකු නොවේ

ඔබ සෑම දෙයක්ම සැල­සු­ම­කට අනුව ක්‍රියා­ත්මක කරන අතර, ඉතා හොඳින් ක්‍රමා­නු­කූ­ලව ඒ කට­යුතු සැල­සුම් කරයි.

තම චිත්ත­වේග පාල­නය කිරීමේ දක්ෂ­තා­ව­යක් ඇති අතර ඔබගේ පාල­කයා වන්නේ ඔබ­මයි. ජීවි­තය කෙසේ හෝ සාර්ථක කර­ගැ­නී­මට ඔබට හැකි­යාව පව­තින අතර, ඒ වෙනු­වෙන් සියලු කැප­කි­රීම් කරයි. පිය­ව­රෙන් පිය­වර තමන්ගේ ගැටලු නිරා­ක­ර­ණය කර­ගෙන ක්‍රමා­නු­කූ­ලව පිය­ව­රෙන් පිය­වර සාර්ථ­ක­ත්වය කරා ගමන් කරයි. ඔබ යම් කාර්යක් කිරී­මේදී ඒ වෙනු­වෙන් සැල­කිය යුතු තරම් කාල­යක් ගන්නා අතර කරන කාර්ය­ට කොප­මණ කාල­යක් ගියත් එය නිවැ­ර­දිව පිළි­වෙ­ළ­කට කිරීම ඔබගේ ස්වභා­ව­යයි. ඒ වෙනු­වෙන් උප­රිම මහන්සි වී වැඩ කිරී­මට ඔබ කැප වෙයි.

ඉතා නීති­ග­රුක පුද්ග­ල­යකු වන ඔබ අසා­ධා­ර­ණ­යට එරෙහි වෙයි. තමන්ගේ ආත්ම ගරු­ත්වය රැක­ගෙන කට­යුතු කිරී­මට ද ඉතා උනන්දු වෙයි. විශේ­ෂ­යෙන් ඔබ යම් ආය­තන ප්‍රධා­නි­යෙක් යටතේ කට­යුතු කිරී­මේදී ඉතා කල්ප­නා­කා­රීව කට­යුතු කළ යුතුය. ප්‍රධා­නීන් සමඟ ගැටු­ම්කාරි තත්ත්ව­යන් ඇති­වී­මට වැඩි ඉඩක් පැව­ති­යද ඔබ ස්වභා­ව­යෙන් කා සම­ඟ­වත් ප්‍රශ්න ඇති කර ගැනී­මට කැමති අයකු නොවේ. ලෝකය තුළ යහ­පත් පුද්ග­ල­යන් ලෙස ජීව­ත්වීම ඔබගේ එකම අර­මු­ණයි.

ආර්ථි­ක­මය වශ­යෙන් හොඳ ස්ථාව­ර­ත්ව­යක් ගොඩ­නඟා ගැනී­මට හැකි­යාව පව­තින අතර මුදල් පරි­හ­ර­ණය කිරී­මේදී වඩාත් සැල­කි­ලි­මත් වීම ඉතා වැද­ගත් වෙයි. අන­වශ්‍ය විය­දම් පාල­නය කළ යුතුය. ඔබ උප­යන මුදල් ඔබට නොදැ­නිම වාගේ විය­දම් වී යන ස්වභා­ව­යක් පවතී. තම පවුල, දරු­වන් සහ මවු­පි­යන් වෙනු­වෙන් ඔබ ඔබගේ යුතු­කම නොපි­රි­හෙලා ඉටු කිරී­මට උත්සාහ දරයි. ඔබ පවු­ලට ඉතා ළෙන්ගතු ආද­ර­ණීය පුද්ග­ල­යකු ලෙස ක්‍රියා කළද ඔබගේ විවාහ ජීවි­තය සම්බ­න්ධව ඉතා සැල­කි­ලි­මත් විය යුතුය.

පවුලේ සම­ගිය ආරක්ෂා කර ගැනී­ම­ටත් විවාහ ජීවි­තය වැඩිය හිතට බරක් කර නොගැ­නී­ම­ටත් සිතේ තබා ගැනීම සුදු­සුය. මැදි වය­සට පත්වන විට සෞඛ්‍යය සම්බ­න්ධ­යෙන් වැඩි අව­ධා­න­යක් යොමු කළ යුතු අතර, දිය­වැ­ඩි­යාව, රුධිර පීඩ­නය වැනි රෝග තත්ත්ව පහ­සු­වෙන් ඇති­විය හැකිය. මාන­සික සහ කායික සුවය රැක­ගැ­නීම සඳහා අවශ්‍ය තරම් විවේක ගැනීම ද වැද­ගත් වේ.
දෛව අංක 5 ලබන කලා­ප­යෙන් බලා­පො­රොත්තු වන්න.

දෛව අංකය සොයා­ගන්නා අයුරු

 

ඔබේ උපන් අවු­රුද්ද, මාසය, දිනය තනි අංක­යක් වන ලෙස එකට එකතු කරන්න. මෙම උදා­හ­ර­ණයේ ආකා­ර­යට ඔබ­ටත් ඔබගේ දෛව අංකය
පහ­සු­වෙන්ම සොයා­ගත හැකිය.
උදා­හ­ර­ණ­යක් ලෙස ඔබේ උප­න්දි­නය 1985.03.14 නම්,
1+9+8+5+3+1+4 = 31
3+1 = 4

Comments