අර­ග­ලයේ හඬ රජය තේරුම් අර­ගෙන නැහැ | Page 2 | සිළුමිණ

අර­ග­ලයේ හඬ රජය තේරුම් අර­ගෙන නැහැ

රුණ අරගලකරුවන් විසින් ජනතා අපේක්ෂා ලෙස ඉදිරිපත් කළ හඬ තේරුම් ගැනීමට වත්මන් ජනාධිපතිවරයාත් රජයත් අසමත්ව ඇති බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක සිළුමිණට කීය.  

රජයේ කටයුතු හා ජනාධිපතිවරයාගේ තීරණ දෙස බැලීමේදී පෙනී යන්නේ රට මුහුණ දී ඇති ආර්ථික ගැටලුවට හා ජනතා අවශ්‍යතා තේරුම් නොගෙන ඔවුන්ගේ දේශපාලන ගමන් මඟේ අවශ්‍යතා අනුව කටයුතු කරන බව යැයිද ඔහු පෙන්වා දුන්නේය. රට මුහුණ පා ඇති අර්බුදයෙන් ගලවා ගෙන ජනතාවට සහන සැලසිය හැකි යාන්ත්‍රණයක් සකස් කරන ලෙසත් ‘සිස්ටම් චේන්ජ්‘ එකක් අවශ්‍ය බවත් ජනතාව ඉල්ලා සිටියද අද ඇත්තේ වසර දෙකකට පෙර පැවැති ආකාරයේ පාලනයක්ම බවත් රාජ්‍ය අමාත්‍යවරුන් 38 දෙනකු පත්කිරීම තුළින් ඒ බව මැනවින් පිළිඹිබු වන බවද ඔහු කීවේය.

 

Comments