අලියාන්ස් ලංකා වාර්ෂික සම්මාන උලෙළ | Page 3 | සිළුමිණ

අලියාන්ස් ලංකා වාර්ෂික සම්මාන උලෙළ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගම් අතරින් එකක් මෙන්ම ජාත්‍යන්තර අලියාන්ස් සමූහ ව්‍යාපාරයේ සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ වාර්ෂික සම්මාන උලෙළ 2022 අගෝස්තු 16 දින “Wings of Growth” යන තේමාව යටතේ Monarch Imperial හිදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විනි. මෙහිදී 2021 වසර තුළ විශිෂ්ටතම දක්ෂතා පෙන්නුම් කළ, සමාගමේ විකුණුම් අංශයේ සාමාජික සාමාජිකාවන් පිරිසකට සම්මාන ප්‍රදානය කිරීම සිදු විය. අලියාන්ස් වාර්ෂික සම්මාන උලෙළ යනු අලියාන්ස් ඉන්ෂුවරන්ස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන උත්සව අතරින් ප්‍රමුඛතම උත්සවයක් වන අතර, සමාගමේ ඉහළ කළමනාකාරීත්වයට අමතරව අලියාන්ස් සමූහයේ ආසියා පැසිෆික් කලාපයේ ප්‍රධාන පෙළේ නියෝජිතයන්ද එයට සහභාගී වෙති.

 

Comments