සතියේ කලදවස | Page 2 | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ප්‍රීතිමත් සතියකි

 

සඳු ගමන් කරන්නේ 5, 6, 7, 8 භාවස්ථානවලය. දුරදිග නොබලා කරන සමහර ක්‍රියාවන් නිසා පසුතැවිලි වීමටත් ගෘහ ජීවිතයේ ගැටලුකාරී බවක් ඇතිවීමටත් පුළුවන. දුවා දරුවන්ගේ අධ්‍යාපනික තත්ත්වය යහපත් වේ. රැකියා සහ ව්‍යාපාරවලින් ආදායම් ලබන්නේ මැද දින දෙක තුන අතර කාලසීමාවේදීය. ජලාශවලින් දිය නෑමට යන්නේ නම්, පරෙස්සම් වන්න. අපල අවම කර ගැනීමට සතිය ආරම්භයේදී චෛත්‍යයක් අබියසදී රතු සහ සුදු මල් පුදා දෙවියන්ට පින් දෙන්න.

අය 8, වැය 5, සුබ අංකය 7, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

වෘෂභ - සහජ දක්ෂතා තුළින් අත්හදා බැලීම් සිදුකරයි

 

සඳු ගමන් කරනුයේ 4, 5, 6, 7 භාවස්ථාන මතිනි. සතිය ආරම්භයට වඩා අගදී සිතෙහි සැනසිලිදායක බවක් ඇතිවේ. නව අත්හදා බැලීම්වලට සිත යොමුවන අතර, යම් ආදායම් මාර්ග පිළිබඳ සිත් යොමුකරයි. දරුවන්ගේ අධ්‍යාපන මට්ටම සුබවාදී වන ලකුණු පහළ වේ. ස්වයං රැකියා ඇත්නම් ඒවායින් දියුණුව ඇතිවේ. දුවා දරුවන්ගේ සෙනෙහස, මවුපිය සබඳතා වර්ධනය වේ. උදර රෝග සහ සෙම් රෝග මතු කරයි. අපල අවම කර ගැනීමට පිරිත් ශ්‍රවණය කරන්න.

අය 5, වැය 3, සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

 

මිථුන - චිත්ත ශක්තිය වර්ධනය වේ

 

සතිය ආරම්භය සුබවාදීය. සිතෙහි කලකිරුණු ගති පහව ගොස් නව දැනුම් උපදවා ගැනීමට ශක්තිය ඇතිවෙයි. පොත්පත්වල වැඩ, ලියන කියන කටයුතු දියුණුවෙයි. පවුලේ සමගිය වර්ධනය වන අතර රැකීරක්ෂා වෙළෙඳාම් ආදියෙන් මිල මුදල් ලැබේ. එහෙත් සතියේ මධ්‍යස්ථ දිනවල සාමාන්‍ය ලැබීම් පෙන්වයි. සතිය අගදී සතුටුදායක තත්ත්වයක් උදාවේ. අධ්‍යාපනය ලබන දරුවන්ට යහපත් සතියකි. සෞඛ්‍ය තත්ත්වය ගැන සැලකිලිමත් විය යුත්තේ කොඳු නාරටිය පිළිබඳ අසනීප මතුවීමට ඉඩ ඇති බැවිනි. අපල අවම කර ගැනීමට ඉගෙන ගන්නා වයසේ කුඩා දරුවකුට පාසල් උපකරණ දෙන්න.

අය 7, වැය 4, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - බදාදා

කටක - යහපත් සිතුවිලි ඇති කරයි

2, 3, 4, 5 යන භාවයන්හි සඳු ගෝචර වන සතිය ආරම්භක දිනයට වඩා පසුදින සුබඵල ඇත. සිතෙහි සතුට සැනසීම දනවයි. මවුපස හෝ වෙනත් හිතවත් ස්ත්‍රී පාර්ශ්වවලින් උපකාර හිමිවේ. පවුලේ සාමාජික සාමාජිකාවන් අතර සෙනෙහස වර්ධනය වන අතර, දුවා දරුවන් අඩු පහසුකම් මත ඉගෙනීම කරගෙන යයි. රැකියා සහ ව්‍යාපාර අංශවල පිබිදීමක් සහ සුළු ආදායම් ඉපයීමක් ද පෙන්නුම් කරයි. හිසෙහි බර ගතිය, ක්ලාන්තය වැනි සෞඛ්‍යය දුර්වල කරන ග්‍රහබල ද නැතුවා නොවේ. වස් කාලයේ බෝධිපූජාවලට සහභාගි වීමෙන් අපල මගහැරේ.

අය 11, වැය 8, සුබ අංකය 9, සුබ වර්ණය - සුදු, සුබ දවස - සඳුදා

 

සිංහ - දරා ගැනීමේ ශක්තිය ප්‍රබලයි

 

සඳු ගමන් කරනුයේ ලග්නය දෙවැන්න, තෙවැන්න සහ සිවුවැන්න මතිනි. සතිය පුරාවට උනන්දුවෙන් වැඩ කටයුතු කිරීමටත් සියල්ල දරා ගැනීමේ ශක්තියත් පෙන්නුම් කරයි. ව්‍යාපාර හෝ රැකීරක්ෂාවල දියුණු ස්වභාවයක් ඇත. නිවෙසේ සිට ආදායම් ලබන ක්‍රම පිළිබඳව අධ්‍යයනය කරයි. අපහසුතා මැද වුවද දරුවන් අධ්‍යාපනයට යොමු කරයි. ඒ සඳහා වෙහෙසෙයි. උණ රෝග, පාදවල වේදනා මතු කරයි. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සැලකිලිමත් වන්න. ඉරිදා දිනයේ බෝධිපූජා තබන්න.

අය 5, වැය 3, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

කන්‍යා - හිතවතුන් සහ සමාජ ඇසුර පරෙස්සමෙන්

 

සඳු ගමන් කරනුයේ 12, 1, 2 සහ තෙවැන්න මතිනි. සතිය ආරම්භය සමීපතමයන් නිසාම සිත්රිදීම් හා කලකිරීම් ඇතිවිය හැක. සතිය අග දිනවලදී තරමක සැනසීමක් පෙන්වයි. රැකියාව සහ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් දැඩි කැපකිරීම් කරන්නට සිදුවේ. ආත්ම අභිමානය සහ යහපත් මානසිකත්වය ඇතිව කටයුතු කරන්න. අපල අවම කර ගැනීමට උදේ සවස නිවෙසෙහි සුවඳ වර්ග දල්වා මල් පහන් තබන්න. පන්සින් ගැනීමෙන් අනතුරුව අන්තරාය නිවාරණ පිරිත කියන්න.

අය 7, වැය 5, සුබ අංකය 5, සුබ වර්ණය - කොළ, සුබ දවස - සිකුරාදා

 

තුලා - සොයුරු සොයුරියන්ගෙන් උපකාර

සඳු ගමන් කරනුයේ 11, 12, 1 සහ දෙවැන්න මතිනි. ආරම්භය සුබදායක වන අතර සොයුරු සොයුරියන්ගෙන් උපකාර හිමිවේ. වෙනත් ලැබීම් ද පවතී. ගෘහ ජීවිතය සතුටින් ගෙවයි. ආර්ථිකය අයහපත් නොවේ. දරුවන්ගේ අනාගතය උදෙසා අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෙනසක් පෙන්නුම් කරනු ලබයි. ඒවායේ සුබ අසුබ ඉදිරි කාලයේදී දක්නට ලැබෙයි. ස්නායු ආබාධවලට ඉඩ ඇති බැවින් සැලකිලිමත් වන්න. සතිය ආරම්භයේ උදේ හෝ සවස බෝමළුව පිරිසුදු කරන්න. පැන් කලයකින් බෝධිය නහවන්න.

අය 7, වැය 5, සුබ අංකය 6, සුබ වර්ණය - ක්‍රීම්, සුබ දවස - සිකුරාදා

වෘශ්චික - යහපත් වූ සතියකි

 

සඳු ගමන් කරනුයේ 10, 11, 12, 01 යන භාවස්ථානවලය. ගෘහ ජීවිතය තුළ සමීපතමයන් එකමුතු බවින් කල් ගෙවයි. ආදායම් තත්ත්වය සතුටුදායක විය හැක. වෙහෙසී වැඩ කිරීමට පෙළඹෙන අතර කෘෂිකාර්මික කටයුතු ද සපල වේ. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ දරුවන්ට අනාගත වැඩපිළිවෙළක් නිර්මාණය වීමේ ප්‍රවණතාවක් ඇත. පාසල් අධ්‍යාපනය නිම කර ඇත්නම්, විදෙස් ගමන් සඳහා අයැදුම් කර ඇත්නම් ලිපි ලේඛන හුවමාරු විය හැකිය. ලේ දෝෂ, ස්නායු දුබලතා මතුවීමේ ඉඩක් ඇති බැවින් විමසිලිමත් වන්න.

අය 8, වැය 5, සුබ අංකය 1, සුබ වර්ණය - රතු, සුබ දවස - අඟහරුවාදා

ධනු - වාසනාවන්ත සතියකි

 

සඳු ගමන් කරන්නේ 9, 10, 11, 12 යන භාවයන් මතින්ය. පුණ්‍ය සිතුවිලි ඇති වෙනවා පමණක් නොව එවැනි කර්තව්‍යයන් ද සිදුකරයි. සොයුරු සොහොයුරියන්ට සෙනෙහස, ආදරය ඇතිවා මෙන්ම ඔබට ද ඒ අයගෙන් උපකාර හිමිවේ. අන්‍යයන්ගේ ගෞරවයට ලක්වේ. ප්‍රමාණවත් මුදලක් ගෘහ ජීවිතයේ කටයුතු සඳහා ලැබේ. රැකී රක්ෂා උනන්දුවෙන් කරයි. අන්‍යයන්ට දෝෂාරෝපණ නොකර තමාගේ යුතුකම පමණක් ඉටුකරන බැවින් යහපත් මානසිකත්වයක සිටී. අධ්‍යාපන කටයුතුවලට සුබඵල හිමිවේ. දරුවන් ඒ සඳහා උනන්දු වේ. බඩපුරවා දැමීම, උගුරට ඒම වැනි අසනීප මතුවේ.

අය 5, වැය 3, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - ඉරිදා

මකර - මිතුරු සබඳතා ගොඩනැඟෙයි

සඳු ගමන් කරනුයේ 8, 9, 10, 11 වැන්න මතින්ය. මුල් දිනවලට වඩා මැද අග දින සුබඵල සහිතය. කය මනස වෙහෙසා වැඩ කරන ඔබට හිතවත් මිතුරු සබඳතා ගොඩ නැඟෙයි. සමාජයේ පැසසුමට ලක්වෙයි. ආර්ථිකය තරමක් දුරට ස්ථාවරත්වයකට පැමිණ ඇත. අධ්‍යාපනය ලබන වයසේ දුවා දරුවනට මතක ශක්තිය වර්ධනය කෙරෙයි. සෞඛ්‍ය තත්ත්වය දුර්වල වීමකට ඉඩකඩ ඇත. භාවනාවක යෙදීම අපල අවම කරයි.

 

අය 5, වැය 3, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සෙනසුරාදා

කුම්භ - සතුටින් දවස ආරම්භ කරයි

සඳු ගමන් කරනුයේ 7, 8, 9, 10 වෙනි භාවයන් මතය. දවස ආරම්භයේ සිට ගෘහය තුළ මෙන්ම රැකියා ස්ථානයේදි වැඩ කටයුතුවල නියැළීම සිතේ සතුට වඩවයි. තමාට අයත් වූ වැඩ කොටසක් මනාව ඉටුකිරීම තුළ දිනය අවසානයේදී සතුටට පත්වෙයි. ආර්ථිකය යහපත් වේ. අධ්‍යාපනය ලබන දරුවනට දැනුම වර්ධනය වන ග්‍රහ රටාවක් පෙන්වයි. ලේ දෝෂ, ස්නායු ආබාධවලට ඉඩ ඇත. පිරිත් ශ්‍රවණය කිරීම අපල අවම කරයි. තිරිසන් සතුනට ආහාර සහ ජලය දෙන්න.

 

අය 7, වැය 5, සුබ අංකය 9, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මීන - උපදෙස් බුද්ධියෙන් පිළිපදින්න

 

සඳු ගමන් කරනුයේ 6, 7, 8, 9 යන භාවස්ථානවලය. වචනය පරෙස්සමෙන් පරිහරණය කිරීම ගැටලු අවම කරයි. ගෘහ ජීවිතය තුළ සාමකාමී බව රඳවා ගැනීමට නම් පිටස්තර අයගෙන් උපදේශ සිතා බලා පිළිපදින්න. සමහරවිට එය ඔබට අවැඩදායක විය හැක. ආර්ථිකය තවමත් සුදුසු තත්ත්වයක නැති වුවත් ඉදිරිය සිතා කටයුතු කිරීම වැදගත්වේ. අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ඉදිරි කාලය යහපත් වේ. සෞඛ්‍යමය ගැටලු මතුවේ. වෛද්‍ය උපදෙස් පිළිපදින්න. ඔබට හැකියාව ඇතොත් වස්කාලයේ බෝධි පූජාවල නිරත වන්න

අය 8, වැය 5, සුබ අංකය 3, සුබ වර්ණය - කහ, සුබ දවස - බ්‍රහස්පතින්දා

----------------------------

රාහු කාලය

2022.08.01 දින සිට 2022.08.06 දක්වා

 

සඳුදා පෙ.ව. 07.37 - 09.10 දක්වා රාත්‍රී 19.55 - 21.23 දක්වා

අඟහරුවාදා දවල් 15.22 - 16.56 දක්වා රාත්‍රී 03.10 - 04.37 දක්වා

බදාදා දවල් 12.16 - 13.50 දක්වා රාත්‍රි 00.16 - 01.43 දක්වා

බ්‍රහස්පතින්දා 13.49 - 15.23 දක්වා රාත්‍රි 01.44 - 03.11 දක්වා

සිකුරාදා පෙ.ව. 10.44 - 12.17 දක්වා රාත්‍රි 22.50 - 00.17 දක්වා

සෙනසුරාදා පෙ.ව. 09.10 - 10.44 දක්වා රාත්‍රි 21.22 - 22.49 දක්වා

ඉරිදා දවල් 16.55 - 18.28 දක්වා රාත්‍රි 04.37 - 06.05 දක්වා

සතියේ  වගා නැකත්

 

ඇට වර්ග තවාන් දැමීමට

අගෝස්තු 04 වෙනි බ්‍රහස්පතින්දා

06.04 - 06.16 දක්වා උතුර බලා

ගොයම් කැපීමට

අගෝස්තු 02 අඟහරුවාදා

11.51 - 12.03 දක්වා දකුණ බලා

අගෝස්තු 07 ඉරිදා

11.51 - 12.03 දක්වා දකුණ බලා

සියලුම ගොවිතැන් කටයුතුවලට

අගෝස්තු 07 ඉරිදා 10.24 - 10.36 දක්වා

කොළ එළවළු සිටුවීමට

අගෝස්තු 02 අඟහරුවාදා

06.16 - 06.28 දක්වා නැඟෙනහිර බලා

අගෝස්තු 04 බ්‍රහස්පතින්දා

06.28 - 06.39 දක්වා නැඟෙනහිර බලා

 

මල් පැල රෝපණයට

අගෝස්තු 04 බ්‍රහස්පතින්දා

05.42 - 06.58 දක්වා නැඟෙනහිර බලා

 

 

බිලිඳු නමට අකුරු ජූලි 31 සිට අගෝස්තු 06 දක්වා

 

 සමන්ති අහුබුදු

• ජූලි 31 ඉරිදා

ජූලි 31 ඉරිදා 14.19 තෙක් මා නැකැත යි. සුදුසු අකුරු ම, මි, මු, මෙ

• අගෝස්තු 01 සඳුදා

ජූලි 31 ඉරිදා 14.19 සිට අගෝස්තු 01 සඳුදා 16.06 දක්වා පුවපල් නැකැතයි. සුදුසු අකුරු මො, ට, ටි, ටු

• අගෝස්තු 02 අඟහරුවාදා

අගෝස්තු 01 සඳුදා 16.06 සිට අගෝස්තු 02 අඟහරුවාදා 17.28 තෙක් උත්‍රපල් නැකැතයි. සුදුසු අකුරු ටෙ, ටො, ප, පි

• අගෝස්තු 03 බදාදා

අගෝස්තු 02 අඟහරුවාදා 17.28 සිට අගෝස්තු 03 බදාදා 18.23 තෙක් හත නැකැතයි. සුදුසු අකුර පු

• අගෝස්තු 04 බ්‍රහස්පතින්දා

අගෝස්තු 03 බදාදා 18.23 සිට අගෝස්තු 04 බ්‍රහස්පතින්දා 18.47 තෙක් සිත නැකැතයි.

සුදුසු අකුරු පෙ, පො, ර, රි

• අගෝස්තු 05 සිකුරාදා

අගෝස්තු 04 බ්‍රහස්පතින්දා 18.47 සිට අගෝස්තු 05 සිකුරාදා 18.37 තෙක් සා නැකැතයි.

සුදුසු අකුරු රු, රෙ, රො, ත

• අගෝස්තු 06 සෙනසුරාදා

අගෝස්තු 05 සිකුරාදා 18.37 සිට අගෝස්තු 06 සෙනසුරාදා 17.51 තෙක්

විසා නැකැතයි. සුදුසු අකුරු ති, තු, තෙ, තො. ඉන් පසු ඉරිදා 16.30 තෙක්

අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ.

මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි.

 

 

 

 

 

Comments