එල්. වී. ජයවීර බාලිකා බොක්සිං ශූරතාවලියේ | සිළුමිණ

එල්. වී. ජයවීර බාලිකා බොක්සිං ශූරතාවලියේ

 

ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සහ සබරගමු පළාත් පාසල් බොක්සිං සංගමය එක් ව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව සංවිධානය කළ එල්. වී. ජයවීර අනුස්මරණ කුසලාන අන්තර් පාසල් බාලිකා බොක්සිං තරගාවලිය රත්නපුර, දෑල රාජකීය විද්‍යාලයේ දී අවසන් වූයේ සමස්ත ශූරතාව පොරමඬුල්ල ජාතික පාසලට හිමි කර දෙමිනි. වසර කිහිපයක් පුරා නොපැවැත්වුණ මෙම තරගාවලියට මෙවර පාසල් 32ක ක්‍රීඩිකාවන් 130ක් දෙනා සහභාගී වූහ. තරගාවලිය කාණ්ඩ 6ක් යටතේ බර පංති 24කින් යුක්තව පැවැත්විණි.

එහි දී රන් පදක්කම් 4ක් සහ රිදී පදක්කමක් දිනා ගත් පොරමඩුල්ල ජාතික පාසල සමස්ත ශූරතාව වූ ඩොනල්ඩ් මුණසිංහ අභියෝග ශූරතාව දිනා ගත් අතර අනු ශූරතාව රන් පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 4ක් දිනා ගත් පිළිමතලාව ධීරානන්ද ජාතික පාසලට හිමි වුණි. රන් පදක්කම් 2ක් රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් තෙවන ස්ථානයට පත් වීමට මාතර, කොරබොරුවාන මහ විද්‍යාලය සමත් විය. කිලෝ ග්‍රෑම් 39-41 බර පංතිය නියෝජනය කළ පොරමඬුල්ල ජාතික පාසලේ ඉමාෂා ගිම්හානි රත්නායක තරගාවලියේ දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාව ලෙසින් සම්මාන දිනා ගත්තා ය. දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත් වූයේ කිලෝ ග්‍රෑම් 41-43 බර පංතිය නියෝජනය කළ කොරබොරුවාන මහා විද්‍යාලයේ එච්. ජී. ඒ. තරුෂිකා ය.

තරගාවලියේ නැගී එන ක්‍රීඩිකාව බවට රත්නපුර දෑල රාජකීය විද්‍යාලයේ පුෂ්පරාජ් චානුකා තේරී පත් වූ අතර ඇයගේ පුහුණුකරු අශේන් පොල්වත්ත තරගාවලියේ නැගී එන නවක පාසල් පුහුණුකරු ලෙසින් සම්මාන දිනා ගත්තේ ය.

තරග ප්‍රතිඵල

ජ්‍යෙෂ්ඨ කාන්තා

කිලෝ ග්‍රෑම් 35 - රත්නපුරු සුමන සමන් විද්‍යාලයේ එච්. ඒ. සශිනිකා දේවින්දි විසින් හොරණ දොන් ප්‍රෙඩ්රික් විද්‍යාලයේ ඩබ්ලිව්. එච්. වාසනා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 37 - වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ වයි. එම්. පී. ජී. මුතුගල විසින් කරගොඩ, උයන්ගොඩ ජාතික පාසලේ ඒ. බී. රාජපක්ෂ පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 39 - කඹුරුපිටිය මහා විද්‍යාලයේ යූ. ඩී. ආරියරත්න විසින් මාතර, කොරබොරුවාන මහා විද්‍යාලයේ යූ. ජේ. ඒ. මල්ෂා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 41 - නිවිතගල, පොරමඩුල්ල ජාතික පාසලේ ඉමාෂා ගිම්හානි රත්නායක විසින් මැණික්දිවෙළ ජාතික පාසලේ එච්. කේ. ජී. ඩී. බී. විජේසිංහ පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 43 - නාරංදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ එච්. පී. එස්. රංගිකා විසින් කරගොඩ, උයන්ගොඩ ජාතික පාසලේ ඊ. ජී. ආර්. එස්. තාරකා පරාජය කරන ලදි.

 

කිලෝ ග්‍රෑම් 45 - පිළිමතලාව ධීරානන්ද ජාතික පාසලේ ඩී. එම්. පී. ඩබ්ලිව්. ආර්. දිසානායක විසින් නිවිතිගල පබොටුව ජාතික පාසලේ ඊ. ඒ. පී. එස්. එදිරිසිංහ පරාජය කරන ලදි.

කනිෂ්ඨ කාන්තා

කිලෝ ග්‍රෑම් 46 - නිවිතිගල, පොරමඬුල්ල ජාතික පාසලේ පී. එම්. අයි. එස්. පණ්ඩිතරන්ත විසින් රත්නපුර, කොලොන්න ජාතික පාසලේ එච්. පි. එන්. එච්. සඳලානි පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 48 - මාතර, කොරබොරුවාන මහා විද්‍යාලයේ එස්. ඒ. කේ. මධුභාෂිණි විසින් හඟුරන්කෙත අකිරිය මහා විද්‍යාලයේ ඩබ්ලිව්. ආර්. එන්. හෝලියබණ්ඩාර පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 50 - රත්නපුර, කොලොන්න ජාතික පාසලේ කේ. පි. ජී. අයි. යූ. කාරියවසම් විසින් මාතර, කොරබොරුවාන මහා විද්‍යාලයේ එච්. ඩී. මාරිසා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 52 - නිවිතිගල, පොරමඬුල්ල ජාතික පාසලේ එස්. කේ. ඒ. එන්. සංදීපනී විසින් මාතර, කොරබොරුවාන මහා විද්‍යාලයේ කේ. එම්. යූ. සංදීපනි පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 54 - පිළිමතලාව ධීරානන්ද ජාතික පාසලේ එල්. ජී. එස්. ලේකම්ගේ විසින් නිවිතිගල, පාබොටුව ජාතික පාසලේ එස්. ටී. මධුවන්ති පරාජය කරන ලදි.

 

තරුණ කාන්තා

කිලෝ ග්‍රෑම් 48 - හොරණ දොන් ප්‍රෙඩ්රික් විද්‍යාලයේ ඊ. කේ. කේ. සිල්වා විසින් රත්නපුර ධර්මාලෝක විද්‍යාලයේ එම්. කේ. එම්. මුතුනි පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 57 - හොරණ දොන් ප්‍රෙඩ්රික් විද්‍යාලයේ ඒ. එම්. ආර්. එන්. අබේරත්න විසින් රත්නපුර ධර්මාලෝක විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. ඩබ්ලිව්. නවෝද්‍යා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 63 - හොරණ දොන් ප්‍රෙඩ්රික් විද්‍යාලයේ එච්. පි. එම්. නෙත්මිනි විසින් නිවිතිගල, පාබොටුව ජාතික පාසලේ ඩබ්ලිව්. ඒ. ඩී. අයි. එන්. වික්‍රමසිංහ පරාජය කරන ලදි.

එලයිට් කාන්තා

කිලෝ ග්‍රෑම් 48 - හඟුරන්කෙත, පල්ලෙබෝවල ජාතික පාසලේ ආර්. එම්. අයි. කුමාරි විසින් කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයේ කේ. එච්. ජේ. වනසිංහ පරාජය කරන ලදි.

 

ජ්‍යෙෂ්ඨ කාන්තා

කිලෝ ග්‍රෑම් 35 - නිවිතිගල, පොරමඬුල්ල ජාතික පාසලේ කේ. ජී. වයි. පී. රත්නායක විසින් රත්නපුර, දෑල රාජකීය විද්‍යාලයේ ඩබ්ලිව්. ඩී. නවෝද්‍යා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 37 - රත්නපුර මිහිඳු විද්‍යාලයේ ඊ. ඩබ්ලිව්. වයි. ඩී. අබේසේන විසින් හොරණ දොන් ප්‍රෙඩ්රික් විද්‍යාලයේ කේ. ජී. රශ්මිකා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 39 - කොටහේන සිරි පැරකුම් සිංහල විද්‍යාලයේ යූ. බී. සොනාලි විසින් හොරණ දොන් ප්‍රෙඩ්රික් විද්‍යාලයේ කේ. එස්. වී. මුතුමාලි පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 41 - රත්නපුර සුමනසමන් මහා විද්‍යාලයේ පී. පී. ආර්. පබසරා විසින් මාතර, කොරබොරවාන මහා විද්‍යාලයේ එච්. අයි. තත්සරණි පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 43 - පිළිමතලාව ධීරානන්ද ජාතික පාසලේ කේ. එච්. ජී. එස්. යූ. එස්. වික්‍රමරත්න විසින් මාතර, කොරබොරවාන මහා විද්‍යාලයේ එච්. ජී. ඒ. තරුෂිකා පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 45 - නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ එච්. එන්. සංජනා විසින් කරගොඩ, උයන්ගොඩ එච්. ඩී. ඩී. අයේෂා පරාජය කරන ලදි.

කනිෂ්ඨ කාන්තා

කිලෝ ග්‍රෑම් 46 - වේයන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ එන්. එස්. රහීම් විසින් එච්. ඒ. කේ. ඒ. කේ. වික්‍රමසිංහ පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 48 - රත්නපුර, දෑල රාජකීය විද්‍යාලයේ පී. චානුක විසින් පොළොන්නරුව, ගල්මුල්ල විද්‍යාලයේ ඉන්දුමනි මුණසිංහ පරාජය කරන ලදි.

කිලෝ ග්‍රෑම් 54 – නිවිතිගල, පොරමඬුල්ල ජාතික පාසලේ එම්. එම්. එස්. ජී. මහලේකම් විසින් කිරිබත්ගොඩ විහාර මහා දේවි විද්‍යාලයේ එස්. එච්. ඊ. ප්‍රනාන්දු විසින් පරාජය කරන ලදි.

 

Comments