සතියේ කලදවස | Page 3 | සිළුමිණ

සතියේ කලදවස

මේෂ - ලොතරැයි වාසනා

සඳු හෙවත් චන්ද්‍රයා 04‍, 05, 06 සහ 07 වැන්න මතින් ගමන් කරයි. සතියේ මැද සිට යහපත් තත්ත්වයක් උදාවන අතර බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සතියකි. ලොතරැයි ලාභයක් මෙන්ම හදිසි ධන ලාභයක් හිමිවීමේ ප්‍රවණතාවයක් පවතී. මවට යහපත් වන අතර මවු පස ඥාතීන්ගේ උපකාර හිමිවනු ඇත. රසවත් ආහාර පාන භුක්ති විඳීමට ලැබේ. දියුණුවට ඇති බාධාවන් ඉවත්වේ.

•අය 08, වැය 05, සුබ අංකය 09, සුබ වර්ණය - රතු, සුබ දවස -අඟහරුවාදා

වෘෂභ - භාග්‍යවත් සතියකි

චන්ද්‍රයා 03, 04, 05 සහ 06 වැන්න මතින් ගමන් කරන අතරේ සතිය උදාවේ. සිතුම් පැතුම් ඉටුවන අතර රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වීමේ ප්‍රවණතාවයක් පවතී. සමහර අවස්ථාවලදී අදහස්වල චංචල බව නිසා ලැබීමට තිබූ වාසියක් නොලැබී යාමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය සාමයෙන් ගතවේ. හදිසි මුදල් ලාභයන්ට හිතකර, භාග්‍ය මතු කරන සතියකි.

•අය 14, වැය 08, සුබ අංකය 06, සුබ වර්ණය - නිල්, සුබ දවස - සිකුරාදා

මිථුන - රැකියා සාර්ථක වේ

චන්ද්‍රයා 02, 03, 04 සහ 05 වැන්න මතින් ගමන් කරයි. පැතුම් ඉටුවන වාසනාවන්ත සතියකි. අතගසන වැඩ කටයුතු සාර්ථක වන අතර රැකීරක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වේ. ශරීර සෞඛ්‍ය යහපත් වන අතර පැවති රෝග තත්ත්වයන් සමනය වනු ඇත. තරමක මුදල් අවහිරතාවයන්ට ද මුහුණ දීමට සිදුවිය හැක. සතියේ මැද සිට තත්ත්වය යහපත් වන අතර යහපත් බලාපොරොත්තු ඉටුවේ.

•අය 11, වැය 05, සුබ අංකය 05, සුබ වර්ණය - කොළ, සුබ දිනය - බදාදා

කටක - ආර්ථිකය යහපත්ය

චන්ද්‍රයා ලග්නය 01, 02, 03 සහ 04 වැන්න මතින් ගමන් අරඹද්දී සතිය උදාවේ. යහපත් සතියක උදාවකි. ප්‍රීතිමත් බවින් යුතුව කාලය ගතවන අතර සොම්නස් හැඟුමින් දවස් ගතවේ. සහෝදරයෙකුගෙන් උපකාරයක් හිමිවේ. රැකීරක්ෂා වලින් උසස්වීමක් ලැබීමට ඉඩ ඇති අතර ඉහළ නිලධාරීන්ගෙන් ඔබට උදව් ලැබෙනු ඇත. ආර්ථිකය යහපත් වේ. ධෛර්යමත්ව වැඩ කටයුතුවල නිරත වීමෙන් සුබවාදී වෙනසක් ඇති කර ගත හැක.

•අය 05, වැය 08, සුබ අංකය 02, සුබ වර්ණය - මුතු පැහැය, සුබ දිනය - සඳුදා

සිංහ - සිතේ සතුට

චන්ද්‍රයා 12, 01, 02 සහ 03 වැන්න මතින් ගමන් කරයි. සතියේ මැද සිට යහපත්, වාසනාවන්ත තත්ත්වයක් ඇති වන අතර සිතුම් පැතුම් හා බලාපොරොත්තු ඉටුවීමේ ප්‍රවණතාවයක් පවතී. සිතේ සතුට හා ප්‍රබෝධය ඇතිවේ. රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවල ප්‍රගතියක් උදා වන අතර මිල මුදල් ලාභ වලට ද හිතකර ගෝචරයකි. ආර්ථික ලාභයකට ද මංපෙත් විවර වේ. වාසනාවන්ත සතියකි.

•අය 11, වැය 05, සුබ අංකය 01, සුබ වර්ණය - රතු, සුබ දිනය - ඉරිදා

කන්‍යා - ධනලාභ

සඳු හෙවත් චන්ද්‍රයා 11, 12, 01 සහ 02 වැන්න මතින් ගමන් කරන අතරේ සතිය උදාවේ. පෙර පින් ක්‍රියාත්මක වීමෙන් සතිය යහපත් වනු ඇත. හදිසි ධන ලාභයක් හිමි වීමෙන් ආර්ථික තත්ත්වය උසස් වීමට ඉඩ ලැබේ. විදේශ ගත හිතවතකුගෙන් මුදලක් ලැබීමෙන් සිතේ සතුට වර්ධනය වනු ඇත. රැකියා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු දියුණුවට පත්වේ. සතියේ මැද සිට වාසනාවන්ත තත්ත්වයක් ඇති වීමේ ප්‍රවණතාවයක් පවතී.

•අය 14, වැය 11, සුබ අංකය 06, සුබ වර්ණය - කොළ, සුබ දිනය - බදාදා

තුලා - බැංකු ගිණුම් තර වේ

චන්ද්‍රයා 10, 11, 12 සහ ලග්නය මතින් ගමන් කරයි. වාසනාවන්ත සතියකි. ධන ලාභ වලට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව උනන්දුවන්න. රැකී රක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු දියුණුවට පත්වන අතර උසස් පුද්ගලයින්ගේ උදව් උපකාර හිමිවනු ඇත. බැංකු ගිණුම් තරවන වාසනාවන්ත සතියකි. නිරෝගි සුවය පවතී. දුර බැහැර ගමන් වලින් වාසිදායක තත්ත්වයක් ඇති වන අතර නවක මිතුරු මිතුරියන් හඳුනා ගැනීමටත් ඔවුන් හා ප්‍රීති සාද පැවැත්වීමටත් අවස්ථාව උදාවේ.

•අය 08, වැය 05, සුබ අංකය 06, සුබ වර්ණය - ලානිල්, සුබ දිනය - සිකුරාදා

වෘශ්චික - ගෘහ ජීවිතය සාර්ථක වේ

චන්ද්‍රයා 09, 10, 11 සහ 12 වැන්න මතින් ගෝචර වන අතරේ සතිය උදාවේ. සතියේ මැද සිට තත්ත්වය යහපත් වේ. පීඩාකාරී බව දුරුවන අතර මානසික සුවය හා නිරෝගි බව වැඩි දියුණුවේ. රැකී රක්ෂා, වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථකත්වයට පත්වේ. බලාපොරොත්තු ඉටුවනු ඇත. දුර බැහැර ඥාතියෙකුගේ පැමිණීමක් සිදුවන අතර එමඟින් ආර්ථිකයට වාසි සහගත තත්ත්වයක් උදාවීමට ඉඩ තිබේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ.

•අය 11, වැය 08, සුබ අංකය 01, සුබ වර්ණය - රතු, සුබ දිනය - අඟහරුවාදා

ධනු - රැකියා සාර්ථක වේ

චන්ද්‍රයා 08, 09, 10 සහ 11 වැන්න මතින් ගමන් කරයි. බලාපොරොත්තු හා සිතුම් පැතුම් ඉටුවන අතර වාසනාවන්ත බවක් ගෙන දෙනු ඇත. රැකී රක්ෂා කටයුතු සාර්ථකත්වයට පත්වේ. ඒ සඳහා උසස් නිලධාරීන්ගේ උදව් ලැබෙන අතර ව්‍යාපාර කටයුතු ද දියුණුවට පත්වේ. හදිසි ධන වාසනාවක් මතුවන්නට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳව උනන්දුවන්න. ජයග්‍රහණය පතා කරන කටයුතුවලින් ජය අත්වේ. සාමය, සතුට හා ප්‍රීතිය රජයන සතියකි.

• අය 14, වැය 11, සුබ අංකය 01, සුබ වර්ණය - තඹ, සුබ දිනය - ඉරිදා

මකර - ගොවිතැන් කටයුතු සරු වේ

චන්ද්‍රයා 07, 08, 09 සහ 10 මතින් ගමන් කරන මෙම සතියේ ආරම්භය යහපත්ය. සැප පහසුවත්, රසවත් ආහාරපානත් භුක්ති විඳීමට ලැබෙන සුන්දරතම සතියක් වන අතර විනෝදයට සිත ඇදී යන ශෘංගාරාත්මක කාලයකි. ආදර සබඳතා වැඩි වර්ධනය වන අතර විවාහකයින්ගේ විවාහ දිවිය රසවත් වනු ඇත. විනෝද ගමනක් සඳහා සහභාගි වීමට අවස්ථාව උදාවේ. රැකීරක්ෂා, ව්‍යාපාර හා ගොවිතැන් කටයුතුවලට ඇති බාධා ඉවත්වේ.

•අය 05, වැය 08, සුබ අංකය 08, සුබ වර්ණය - නිල්, සුබ දිනය - සිකුරාදා

කුම්භ - සතුරු කරදර පහවයයි

චන්ද්‍රයා 06, 07, 08 සහ 09 වැන්න මතින් චන්ද්‍රයා ගමන් කරයි. බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සතියකි. සුළු සුළු වස්තු ලාභ හිමි වීමේ ප්‍රවණතාවයක් පවතින අතර ජයග්‍රහණ පතා කරන කටයුතුවලින් ජය අත්වේ. සතුරු කරදර පහව යයි. නඩු හබවලින් ජය අත්වේ. ගරු සැලකිලි ලැබෙන අතර ගෞරවය වැඩි වෙයි. දියුණුව සැලසේ. විනෝදයට සිත ඇදී යන අතර විරුද්ධ ලිංගිකයින්ගේ ඇසුරට පත්වනු ඇත.

•අය 14, වැය 11, සුබ අංකය 06, සුබ වර්ණය - නිල්, සුබ දිනය - සෙනසුරාදා

මීන - ප්‍රීතිමත් සතියකි

චන්ද්‍රයා 05, 06, 07 සහ 08 වැන්න මතින් ගමන් කරයි. සතියේ ආරම්භය එතරම් යහපත් නොවුණද, සතියේ මැද සිට ජීවිතය ප්‍රීතිමත් වනු ඇත. ජයග්‍රහණ හිමිවේ. සතුරු බල විනාශ වන අතර නඩු හබවලින් ජය අත්වේ. ධන ලාභ හා වස්තු ලාභවලට හිතකර ග්‍රහ ගෝචරයකි. රැකී රක්ෂා කටයුතු නව මුහුණුවරක් ගන්නා අතර වෙළෙඳ ව්‍යාපාර හා ගොවිතැන් කටයුතු සාර්ථක වනු ඇත. ප්‍රීතිමත් ගමනක් යෑමට ලැබේ. ඇසුරු කරන්නන් නිසා සිත ප්‍රමෝදයට පත්වේ.

•අය 08, වැය 05, සුබ අංකය 03, සුබ වර්ණය - කහ, සුබ දිනය - බ්‍රහස්පතින්දා

Comments