මෙරට පාසල් කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලැබිය හැකි විශිෂ්ට ම ජය තහවුරු කරමින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ලකුණු 66 කින් නුගේගොඩ අනුලා විද්‍යාලය පරාජය කිරීමට සමත් විය. ඒ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව 8 වැනි වරටත් සංවිධානය කළ 19 න් පහළ ශ්‍රී ලංකා කාන්තා පාසල් ක්‍රිකට් තරගාවලියේදී ය.
අවසන් මහා තරගයට විශ්මි ගුණරත්නගේ නායකත්වයෙන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යලයීය කණ්ඩායම පිටියට පිවිසි අතර නුගේගොඩ අනුලා විද්‍යාල කණ්ඩායම හෂිනි ලියනගේ ගේ නායකත්වයෙන් අවසන් මහා තරගයට එක් විය.
කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නායිකා විශ්මි ගුණරත්නගේ විශ්මිත සහ අතිවිශිෂ්ට පිතිහරඹයෙන් පෝෂණය වු රත්නාවලී කණ්ඩායම පන්දු වාර 30 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 199 ක් රැස් කිරීමට සමත් වු අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අනුලා විද්‍යාලයීය කණ්ඩායම පන්දු වාර 29.3ක් අවසානයේ රැස්කිරිමට හැකි වුයේ කඩුලු 9 ක් දැවී ලකුණු 133ක් පමණී. ඒ අනුව ලකුණු 66ක විශිෂ්ට ජයක් වාර්තා කළ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයීය ක්‍රීඩිකාවෝ වසර හතකට පසු ශූරතාවට හිමිකම් කිවේය. කාසියේ වාසිය දිනා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට පිටියට පිවිසි අතර නායිකා විශ්මි ගුණරත්න හා හිමායා විජේසිංහ පන්දුවට පහරදිම ආරම්භ කළ අතර විශ්මි ගේ විශ්මිත පිතිහරඹය රත්නාවලී බාලිකාවට ජය තහවුරු කිරීමට සමත් විය. විශ්මි පන්දු වාර 30 අවසන් වනතුරුම පිටියේ රැදෙමින් පන්දු 92කදී හතරේ පහර 15ක් හා හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 125ක් රැස් කිරිමට සමත් වුවාය.
ජයග්‍රහණය සඳහා ලකුණු 200ක ඉලක්කයක් හඹා ගිය නුගේගොඩ අනුලා විද්‍යාලයීය කණ්ඩායම රත්නාවලි බාලිකා විද්‍යාලයීය පන්දු යවන්නන්ගේ ග්‍රහණයට ගොඳුරු වුහ.
16 වියැති විශ්මි ගුණරත්න මෙම තරග වාරයේදී ඉනිම අටකදී නොදැවුණු වාර 5ක් සමගින් ලකුණු 900ක් රැස් කිරීමට සමත්ව ඇති අතර විස්සයි 20 ජාතික කාන්තා ක්‍රීකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමග ආරම්භක පිතිකරණයේ නියැලෙන ක්‍රීඩිකාවයි.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයේ සප්නා මධුභාෂිනී සමස්ත තරගාවලියේ ඉනිම 9 කදී කඩුලු 22ක් දවාලමින් වැඩිම කඩුලුලාභී පන්දු යවන්නිය බවට පත්වුවාය.
රත්නාවලි බාලිකා විද්‍යාලය විශ්මි ගුණරත්න (නායක), නෙත්මි ගුණරත්න, හේමිණී රත්නායක, හසිනි විජේසිංහ, රසාංජලී ගුණසේකර, පිංසිත් පූර්ණිමා, විදුෂිකා පෙරේරා, සඳලි වීරසිංහ, කාවින්දි විජේසේකර, සඳුනි අමන්දා, දෙව්මිණි පබසරා, ප්‍රතිභා ගම්හේවා, නවෝද්‍යා ජයසිංහ, කාවින්ද්‍යා ගුණසිංහ, භාග්‍යා ඉදිරිසිංහ, සඳරුවි ප්‍රේමරත්න, කසුන්දි කුලතුංග, මධුෂානි වික්‍රමසිංහ. පී.ඒ.ජී.එන්. මුණසිංහ (පුහුණුකරු) අනූෂා ගුණසේකර (රත්නාවලී බාලිකා විද්‍යාලයේ ක්‍රීඩා භර ගුරුවරිය)
පළමු වටයට කණ්ඩායම් 34ක් එක්ව සිටි අතර අර්ධ අවසන්, අවසන් පූර්ව හා අවසන් යන කාණ්ඩ පසු කරමින් අපරාජිතව ගම්පහ රත්නාවලී බාලිකා විදුහල අවසන් තරගයට පිවිස අතර අනුලා විද්‍යාල පළමු වටයේදී ගම්පහ රත්නාවලී කණ්ඩායමට පමණක් පරාජය වි තිබුණී.
2012 වසරේදී ආරම්භ කළ 19 න් පහළ කාන්තා පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු ජය වාර්තා කිරිමට සමත්ව ඇත්තේ මෙවර අනුශූරීයන් බවට පත් වු නුගේගොඩ අනුලා විද්‍යාලයීය කණ්ඩායමයි. වසර 6ක් අඛණ්ඩව ශූරතාවය හිමිකරගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත්ව ඇති අතර එක් වතාවකදි තෙවන ස්ථානයත් එක් වතාවකදී අනුශූරීයන් විමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට හැකිව තිබේ.මෙවර තරගාවලියේ තෙවන ස්ථානය වෙනුවෙන් රත්ගම දේවපතිරාජ විද්‍යාලය හා වාද්දුව මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැති තරගයෙන් ලකුණු 54ක ජයක් වාර්තා කිරීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් වු අතර ඒ අනුව සමස්ත තරගාවලියේ තුන්වන ස්ථානය හිමිකර ගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය සමත් විය.
ජයග්‍රහණයේ සතුට ප්‍රකාශ කරමින් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපතිනි හේමා ජයවර්ධන පවසා සිටියේ වසර ගණනාවක බලපොරොත්තු මල්පල ගැන් වු අවස්ථාව මෙය බවයි. එක් වතාවක් තුන්වන ස්ථානය දිනාගත් අතර එක් වතාවක් අනුශූරතාව දිනාගැනීමට හැකි වුණා. ඒත් වසර හතක් පුරා මගේ බලාපොරොත්තුව වුණේ රත්නාවලී බාලිකාවට ශූරතාව රැගෙන යන්නේ කොහොම ද කියලා. අද ඒ අවස්ථාව මගේ දුවා දරුවන් ඉෂ්ට කළා, එය ඇත්තෙන් ම මට හරි සතුටුයි. මම ඒ වෙනුවෙන් දරුවන්ට ආශිර්වාද කරනවා.යැයි ඇය පැවසුවාය.
මම රත්නාවලී බාලිකා විද්‍යාලයට එන්නේ මලල ක්‍රීඩා පුහුණු ගුරුවරයා ලෙසයි. වසර හතරක කාලයක් මම මෙම විද්‍යාලයේ මලල ක්‍රීඩා ගුරුවරයා ලෙස කටයුතු කරමින් සිටින විට තමයි අප විද්‍යාලයේ ක්‍රිකට් බාර ආචාර්යවරයා කොවිඩ් වසංගතය හමුවේ අපෙන් සමුගත් පසුව මට එම වගකීමත් පැවරෙනවා. මම රත්නාවලී බාලිකා විද්‍යාලයේ මලල ක්‍රීඩාව නගා සිටුවන්න ක්‍රියා කළා, මගේ පුහුණුව යටතේ රත්නාවලී බාලිකාවෝ සමස්ත ලංකා තරග වාර්තා දෙකක් තැබුවා. ක්‍රිකට් පුහුණුකරු සර් සිටින විට මම සිටියේ ශාරීරික යෝග්‍යතා පුහුණුකරු ලෙසයි. මම අධ්‍යාපනය ලැබුවේ ගලහිටියාව මධ්‍ය මහ විද්‍යාලයේ එම විද්‍යාලයේදී වසර හයක් පමණ ක්‍රිකට් ක්‍රීඩා කළා ඒ අත්දැකිම තමයි මෙම තරගාවලිය ජයග්‍රාහණය කිරිමට ඉවහල් වුණේ. යැයි රත්නාවලී බාලිකාවේ පුහුණුකරු පී.ඒ.ජී.එන්. මුණසිංහ අප හා පැවසීය.