රත්නපුර ලිබර්ටි මෝටර්ස් ප්‍රජා සත්කාරක සේවා මෙවරත් | සිළුමිණ

රත්නපුර ලිබර්ටි මෝටර්ස් ප්‍රජා සත්කාරක සේවා මෙවරත්

කොවිඩ් 19 වසංගතය නිසා අපේ රටේ ආනයනික භාණ්ඩ හිඟවුණා.යතුරුපැදි අමතර කොටස්වලට ද මෙය දැඩිසේ බලපෑවා.ඒ වෙලාවෙ කලින් ගෙන්වූ භාණ්ඩ වෙළෙඳපොළේ විශාල ලෙස මිල ඉහළ ගියා. නමුත් අපි ළඟ තිබුණු යතුරුපැදි අමතර කොටස් වල මිල කිසිම ආකාරයකින් වැඩි කළේ නෑ. හෘදසාක්ෂිය ට එකඟ ව ඒක නොකළ යුතු දෙයක්.රටක් ජනතාවක් අමාරුවෙ වැටුණු වෙලාවට ඒ මත පිනුම් ගහන එක අපේ අරමුණ නොවෙයි.එයින් පටු අරමුණු ඉටු කර ගැනීමට යාම ඉතා නරක ක්‍රියාවක්.

මෙම වචන පෙළ අපට අසන්නට ලැබුණේ රත්නපුර ලිබර්ටි මෝටර්ස් අධිපති ලුතුෆි රවුෂාන් ගෙනි.

පසුගිය දා කොළඹ marina beach hotel හිදී පැවති රත්නපුර ලිබර්ටි මෝටර්ස් සේවක පාරිභෝගික ප්‍රසාද සම්මාන ප්‍රදානෝත්සවයේදී ලිබර්ටි මෝටර්ස් අධිපති ලුතුෆි රවුෂාන් කළ කතාවේ අපූරු සමාජ පණිවිඩයක් ගැබ්වී තිබුණා. මිනිස්සුන් ගේ දියුණුව රඳා පවතින්නේ තමා තුළමයි.ඒක හඳුනා ගෙන ශක්තිමත් ව ගොඩ නඟා ගැනීමේ වගකීම තියෙන්නෙත් තමා තුළයි. අනුන්ට ඊර්ෂ්‍යා කරමින් කටයුතු කළහොත් එහි නරක ප්‍රතිඵල ලබන්නෙත් තමා විසින්මයි.කෙනෙක්ව ඉහළට ගෙනියන්න රජයකටවත් ඇමතිවරයෙකුටවත් බෑ.හුඟදෙනෙක් කරන්නෙ තමන්ට වුවමනා නැතිම වැඩ.

මගේ ව්‍යාපාරික ස්ථානය පිහිටා තියෙන්නේ පර්චස් එකක් තරම් වූ ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක.

එහි සම්පූර්ණයෙන් ම අයිතිය තියෙන්නෙ මොහොමඩ් රිෂ්වාන් මගේ සහෝදරයාටයි. මම මෙච්චර ලොකු වැඩ කලාට මගේ නමින් එකම එක චෙක් පතක්වත් මෙතෙක් ගනුදෙනු වෙලා නෑ. මට අයියා චෙක් පොත අත්සන් කරල දෙනවා. අපි දෙන්නා අතර තියෙන්නෙ පුදුම විශ්වාසයක්.

ව්‍යාපාරික ස්ථානයේ අයිතිය පිළිබඳව මේ වන තෙක් එකම එක සැරයක්වත් මම අයිය එක්ක කතා කරලා නෑ. අද සමාජෙ මෙහෙම බැඳීමක් හා විශ්වාසය තියෙන අයියා කෙනෙක් ගැන මම අහලම නෑ.

අපේ ගනුදෙනුකරුවෙකු මුහුණ දෙන අසීරුතාවල දී ඉන් මිදීමට අපෙන් විය යුතු යුතුකම නොපිරිහෙලා ඉටු කිරීම අපේ සාර්ථකත්වයේ රහසයි.උදාහරණයක් ලෙස පසුගිය කොවිඩ් වසංගතය නිසා තමන්ගේ ගැරේජ් වල කටයුතු අඩපණ වෙලා ආර්ථිකයට බාධා වුණු වෙලාවේ අපේ ආයතනය ඹවුන්ගේ දුක සැප බලන්න අමතක කළේ නෑ.

වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කළා. ඒ වගේ ම යතුරුපැදි කාර්මික ශිල්පීන් දස දෙනෙකුට වැඩි පිරිසක් විදේශ සංචාරයකට රැගෙන ගියා. දැනටත් ඒක කරගෙන යනවා. ඒ වගේම කාර්මික ශිල්පීන් ට අවශ්‍ය සියලු ම කාර්මික උපකරණ ලබා දෙනවා. ඉතා දුප්පත් දරුවන් ගේ පාසල් අධ්‍යාපනය වෙනුවෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ශිෂ්‍යත්ව හා පාසල් උපකරණ ලබා දීම සිදු කරනවා.

ඔවුන් ට මගේ දරුවන් ලබන තරු පන්තියේ හෝටලයක අත්දැකීම් ඒ අහිංසක දරුවන්ටත් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙනවා.

මගේ දරුවන් කන්න ආසා කරන හැම රසවත් කෑමක්ම නැති බැරි අනෙකුත් දරුවන් ද කෑමට ප්‍රිය කරන බව මම දන්නවා.ඒ අය විනෝද වෙන්න වගේම හොඳින් අධ්‍යාපනය ලබන්නට ද කැමැත්තෙන් සිටී.එහෙත් ඒ අයට ආර්ථික ශක්තියක් නොතිබෙන්නට පුළුවන්.

ඒ අය අතර අපේ රටේ අනාගතයේ බිහිවෙන අති දක්ෂයින් සිටිය හැකියි. ඔවුනට කිසියම් බාහිර ශක්තියක් නොලැබුණහොත් අනුග්‍රහයක් නොදැක්වුවහොත් ඔවුන්ගේ ඉලක්කයට ළඟා වීමට නොහැකි වන්නට පුළුවනි.

ඒ නිසා ඈත පිටිසර අති දුෂ්කර ගම්මාන වල අඩු පහසුකම් එක්ක ඉගෙන ගන්න වෙර දරන දරුවන් ට මම මගේ දරුවන් ට වගේ ම සලකන්න ගොඩක් කැමතියි .

Comments