මිථ්‍යාව පසුපස නොයනු | සිළුමිණ

මිථ්‍යාව පසුපස නොයනු

අද සෑම දේකටම දේවාලවල පිහිට පතන්නට පුරුදු වූ ඇතැම්හු අසනීපයකට බේතක් නොගෙන දෙවියන්ගේ පිහිට පතති. එවැනි අවස්ථාවලට මුහුණ දුන් ඇතැමුන්ගේ ජීවිතද අවදානමකට ලක්වූ අවස්ථාද පසුගිය කාලයේ අසන්නට ලැබිණි. ජනතාව බහුල ලෙස දේවාල කරා ඇදී යාම නිසා විවිධ නම්වලින් යුත් දෙවිවරුන්ගෙන් යුත් දේවාලද රටේ සෑම කොනකම පාහේ ඉදි වී තිබේ. ඇතැම් විහාරස්ථානවලද දේවාල බහුල ලෙස පිහිටා තිබේ.

බුදු ගුණ පතා පන්සලට ගිය විට දේවාලයේ කපු මහතා විසින් ජනතාව දේවාලයට ගෙන ගොස් දෙවියනට පුද පූජා පවත්වමින් යන්ත්‍ර මන්ත්‍ර ජප කරති. එහෙත් කපු මහතා අසනීපයට බෙහෙත් ගන්නට රෝහලට යයි. යමක් නැතිවූ විට පොලිසියට යයි. ජනතාවට මෙය තේරුම් ගැනීමට නොහැකි වීම අභාග්‍යසම්පන්නය.

යහපත් කල්ක්‍රියාවෙන් සිටින මිනිසුනට දෙවියන් නමස්කාර කරන බවද පැවැසේ. මිනිසුන් නඩුහබවලින් ජය ගැනීමටද දේවාල ගානේ යති. විභාග ළංවෙද්දීත් දේවාල ගානේ යති. ආශිර්වාද පූජා පවත්වති. ග්‍රහ අපලවලින් බේරීමට දේවාලවලට යම් යම් දෑ පූජා කිරීමටද පුරුදුව සිටී.

මෙකී සියලු දෑ මිථ්‍යාවන් වේ. අපගේ ප්‍රශ්න නුවණින් විසඳා ගත යුතු වේ. පාඩම් කළානම් විභාගය සමත් වෙයි. නියමිත වෙලාවට අවශ්‍ය ඖෂධ ලබාගත්තේනම් රෝගය සුවපත් වේ. මිථ්‍යාව පසුපස නොයන්න. ධර්මානුකූලව ජීවිතය ගත කරන්න. අදට නියමිත වැඩය පමා නොකොට අදම කරගන්න.

 

 

Comments