ශ්‍රී ලංකා මහජන පක්ෂය සිය අතීත ආදර්ශයන් සමඟ යමින් වර්තමානයේ රට මුහුණපා ඇති අර්බුදය හමුවේ කැඳවා ඇති සර්වපාක්ෂික සමුළුවට සහභාගිවීම ඓතිහාසිකව වැදගත් වන්නකි. දේශපාලන පක්ෂයක් යනු රටක ජනතාව වෙනුවෙන් නිශ්චිත ප්‍රතිපත්ති මාලාවක් මත ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක වන ජනතා සංවිධානයකි. එහිදී පක්ෂ, පාට, ජාති ආගම්, කුලභේදවලින් බැහැරව අතිශය දුෂ්කර අවස්ථාවලදී හා ක්‍රියාත්මක වීමේදීද ‘මිනිසා පදනම් කර ගනිමින් මූලික ගැළපීම්‘ සිදුවන ආකාරයෙන් ක්‍රියාත්මක වීම ජනතාවගේ සංවිධානයක් තුළ තිබිය යුතු ආදර්ශය වනු ඇත.
වර්තමානයේ මතුව තිබෙන අර්බුදයට වගකිවයුත්තා කවුදැයි සෙවීමට වඩා හෝ ඒවා බැර කළ යුත්තේ කාගේ ගිණුමටදැයි සෙවීමට පෙර තමාගෙන් රටටත් ජනතාවටත් තම ප්‍රතිපත්ති මාලාව තුළ සිට හෝ තම ආර්ථික දැක්ම තුළ ඇති විකල්ප ක්‍රියාමාර්ග රට හමුවේ තැබීම සඳහා තම සහභාගිත්ව නියෝජනයෙන් ලබාදුන් සක්‍රීය දායකත්වය දේශපාලන පක්ෂයක් ලෙස ආදර්ශවත් වනු ඇත.
මේ මොහොතේ අවශ්‍යව ඇත්තේ ආණ්ඩු පිහිටුවීම හෝ බලයේ සිටින රජය පෙරාළා දැමීමවත් නොවේ. අර්බුදය හමුවේ ජනතාව පෙළෙන සැබෑ ගැටලු වෙනුවෙන් සියලුම පක්ෂ එකමුතුව එක්ව වැඩ කිරීමේ මාවතක් සකසා ගැනීම හැර වෙනත් විසඳුමක් නොමැති බවය. විදේශ විනිමය අර්බුදය එක් රැයකින් උද්ගත වූවක් නොවේ. එසේම එය විසඳා ගැනීමද ක්ෂණිකව කිසිවකුට කළ නොහැක්කක්ද වේ.
රටක් ලෙස එක්ව වැඩ කිරීම මෙවන් උවදුරකදී රටේ සියලු පුරවැසියාගේම පරම වගකීම වේ. බලයේ සිටින්නේ කවුද පවතින රජය කාගේද යන්න සිතනවාට වඩා ජනතාවගේ ජීවත්වීමේ අයිතිය පිළිගෙන ඔවුන් ආරක්ෂා කර දීම සෑම පක්ෂයකමත් සෑම පුරවැසියකුගේමත් වගකීම වනු ඇත. අර්බුදයන්හිදී පාට පක්ෂ භේද අමතකකොට එක්ව ක්‍රියා කළ හැකි බැව් අතීතයේ විවිධ අවස්ථාවලද ඔප්පු කොට ඇත. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ දේශපාලන පෞරුෂත්වය තුළ ඇති ‘ජීවී ගුණය යළි අවධිකොට‘ එහි ඇති ‘සංවේදී දේශපාලන පැබදුම‘ ශ්‍රී ලාංකේය ජතිය ගොඩනැඟීමේ කාර්යයට අතීතයේ සිටම පෙන්වා දුන් ආදර්ශයකි.
මෙම යහපත් ප්රවිෂ්ටය ජාතික සංවර්ධනයේ මුඛ්‍ය පරමාර්ථය ඉටුකරවා ගැනීම වෙනුවෙන් අවශ්‍ය කරන පධාන යෙදවුමක්, දිගුවක් ලෙස ජාතීන් අතර එකමුතුභාවය ගොඩනැඟීම සඳහා ‘ජාතික සංහිඳියාව‘ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නැඹුරුව හා සර්ව පාක්ෂික සමුළුවේ පුළුල් අවධානයට යොමු විය යුතු ප්‍රබල කාරණාවක්ද වේ.