උඩලමත්ත - මාමනදොළ නව පාලමේ ඉදිකිරීම් අවසන් කරන්නේ කවදා ද? | සිළුමිණ

උඩලමත්ත - මාමනදොළ නව පාලමේ ඉදිකිරීම් අවසන් කරන්නේ කවදා ද?

බද්දේගම ආසනයේ නාගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් උඩුගම - බද්දේගම මාර්ගය ආසන්නයෙන් මාමනදොළ ගලා යයි. මාමනදොළ හරහා ඇති නව පාලමේ ඉදිකිරීම් මේ වන තුරුත් අවසන් කර නොමැත. එම නිසා ගංවතුර දිනවලදී පාලම කඩාගෙන යාමේ දැඩි අවදානමක්ද පවතී.

වර්ෂා දිනවලදී කොටසක් පමණක් කොන්ක්‍රීට් කර ඇති මාර්ගයේ ඉතිරි කොටස මඩ වී වළවල් හෑරීම නිසා වාහන ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ. මෙම නව පාලමේ ඉදිකිරීම් කටයුතු ඉක්මණින් ආරම්භ කරන ලෙස වගකිවයුතු පාර්ශ්වවලින් ජනතාව ඉල්ලා සිටිති.

 

 

Comments