![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2022/04/08/s19.jpg?itok=pet8UbW0)
රටවල් අටක් ස්ථාන තුනක් වෙනුවෙන් සටනක
මෙකි වසරේ නොවැම්බර් මස 21 වැනි දා සිට දෙසැම්බර් මස 18 වැනි දා දක්වා රටවල් 32 ක සහභාගීත්වයෙන් කටාර් රාජ්‍යයේ දී පැවැත්වෙන 22 වැනි ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබාගන්නා අවසන් කණ්ඩායම් 3 අතරට එක්වීම සඳහා රටවල් 8 ක් ජූනි මාසයේ දී තරග වැදීමට නියමිතය.
සත්කාරක කටාර් රාජ්‍යය සමගින් රටවල් 29 ක් මේ වන විටත් ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා සිටිති. ජර්මනිය, බ්‍රසීලය, ප්‍රංශය, බෙල්ජියම, එංගලන්තය, ස්විට්සර්ලන්තය, නෙදර්ලන්තය , ආර්ජන්ටිනාව ඩෙන්මාර්කය, ක්‍රොයේෂියාව, ස්පාඤ්ඤය,සර්බියාව, යන රටවල් 2021දී අවසන් වන විටත් ඊට සුදුසුකම් ලබා සිටියහ.
ඉරානය 2022 ජනවාරි මාසයේදීද, දකුන කොරියාව පෙබරවාරි මාසයේදීද ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අතර ජපානය, පෘතුගාලය, පෝලන්තය, ටියුනීසියාව, මොරොක්කෝව, කැමරූනය, සවුදි අරාබිය, ඉක්වදෝරය, උරුගුවේ, කැනඩාව, ඝානාව, සෙනගාලය, ඇමරිකාව සහ මෙක්සිකෝව ඊට සුදුසුකම් ලැබුවේ මාර්තු මාසයේදීය.
මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා කළාප 6 ක් යටතේ සුදුසුකම් ලැබීමේ තරගාවලි පැවැත්විණ. ඒ අනුව යූරෝපීය කලාපයෙන් කණ්ඩායම් 13 ක්ද, ආසියානු කලාපයෙන් සහ දකුණු ඇමරිකානු කලාපයෙන් රටවල් 10 ක්ද, අප්‍රිකානු කලාපයෙන් කණ්ඩායම් 5 ක්ද, උතුරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන් කලාපයෙන් සහ ශාන්තිකර කලාපයෙන් කණ්ඩායම් 4 ක්ද මෙවර ලෝක කුසලාන තරගාවලියට සහභාගිවීමට නියමිතය.
01) කටාර් සත්කාරක රට
සුදුසුකම් ලැබුවේ 2010 දෙසැම්බර් 02
02) ජර්මනිය
යුරෝපීය පාපන්දු සංගමය /ජේ කාන්ඩයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 2021 ඔක්තෝබර් 11 සහභාගි වු තරගාවලි 19 (1934, 1938, 1954, 1958, 1962, 1966, 1970, 1974, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018) ශූරයන් (1954, 1974, 1990, 2014)
03) ඩෙන්මාර්කය
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / එෆ් කාණ්ඩයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 12 ඔක්තෝබර් 2021 සහභාගි වු තරගාවලි 5 (1986, 1998, 2002, 2010, 2018)අර්ධ අවසන් පූර්ව තරග (1998)
04) බ්‍රසීලය
දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය / ශූරයෝ සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 11 සහභාගි වු තරගාවලි 21 (1930, 1934, 1938, 1950, 1954, 1958, 1962, 1966, 1970, 1974, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018) ශූරයන් (1958, 1962, 1970, 1994, 2002)
05) ප්‍රංශය
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / ඩී කාණ්ඩයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 13 සහභාගි වු තරගාවලි15 (1930, 1934, 1938, 1954, 1958, 1966, 1978, 1982, 1986, 1998, 2002, 2006, 2010, 2014, 2018) ශූරයන් (1998, 2018)
06) බෙල්ජියම
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / ඊ කාණ්ඩයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 13 සහභාගි වු තරගාවලි 13 (1930, 1934, 1938, 1954, 1970, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2014, 2018)තෙවන ස්ථානය (2018)
07) ක්‍රොයේෂියාව
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / එච් කාණ්ඩයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 14 සහභාගි වු තරගාවලි 5 (1998, 2002, 2006, 2014, 2018) අනුශූරයන් (2018)
08) ස්පාඤ්ඤය
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය /බී කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 14 සහභාගි වු තරගාවලි 15 (1934, 1950, 1962, 1966, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018) ශූරයන් (2010)
09) සර්බියාව
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / ඒ කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 14 සහභාගි වු තරගාවලි 12 (1930, 1950, 1954, 1958, 1962, 1974, 1982, 1990, 1998, 2006, 2010, 2018) සිව්වන ස්ථානය (1930, 1962)
10) එංගලන්ත
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / අයී කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 15 සහභාගි වු තරගාවලි 15 (1950, 1954, 1958, 1962, 1966, 1970, 1982, 1986, 1990, 1998, 2002, 2006, 2010, 2014, 2018 ශූරයන් (1966)
11) ස්විට්සර්ලන්තය
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / සී කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 2021 නොවැම්බර් 15 සහභාගි වු තරගාවලි 11 (1934, 1938, 1950, 1954, 1962, 1966, 1994, 2006, 2010, 2014, 2018) අර්ධ අවසන් පූර්ව තරග (1934, 1938, 1954)
12) නෙදර්ලන්තය
යුරෝපීය පාපන්දු සංගම් සම්මේලනය / ජී කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 16 නොවැම්බර් 2021 සහභාගි වු තරගාවලි 10 (1934, 1938, 1974, 1978, 1990, 1994, 1998, 2006, 2010, 2014) අනුශූරයන් (1974, 1978, 2010)
13) ආර්ජන්ටිනාව
දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය / අනු ශූරයෝ සුදුසුකම් ලැබුවේ 16 නොවැම්බර් 2021 සහභාගි වු තරගාවලි 17 (1930, 1934, 1958, 1962, 1966, 1974, 1978, 1982, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018) ශූරයන් (1978, 1986)
14) ඉරානය
ආසියානු පාපන්දු සම්මේලනය / තුන්වන වටයේ ඒ කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 2022 ජනවාරි 27 සහභාගි වු තරගාවලි 5 (1978, 1998, 2006, 2014, 2018) කණ්ඩායම් අදියර මුලික වටය (1978, 1998, 2006, 2014, 2018)
15) දකුණු කොරියාව
ආසියානු පාපන්දු සම්මේලනය / තුන්වන වටයේ ඒ කාණ්ඩයේ අනුශූරයන් සුදුසුකම් ලැබුවේ 2022 පෙබරවාරි 1සහභාගි වු තරගාවලි 10 (1954, 1986, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018) සිව්වන ස්ථානය (2002)
16) ජපානය
ආසියානු පාපන්දු සම්මේලනය / තුන්වන වටයේ බී කාණ්ඩයේ අනුශූරයන් සුදුසුකම් ලැබුවේ 24 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 6 (1998, 2002, 2006, 2010, 2014, 2018) 16 වටයට සුදුසුකම් ලැබීම (2002, 2010, 2018)
17) සවුදි අරාබිය
ආසියානු පාපන්දු සම්මේලනය / තුන්වන වටයේ බී කාණ්ඩයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 24 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 5 (1994, 1998, 2002, 2006, 2018) 16 වටයට සුදුසුකම් ලැබීම (1994)
18) ඉක්වදෝරය
දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය / සිව්වන ස්ථානය සුදුසුකම් ලැබුවේ 24 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 3 (2002, 2006, 2014) 16 වටයට සුදුසුකම් ලැබීම (2006)
19) උරුගුවේ
දකුණු ඇමරිකානු පාපන්දු සම්මේලනය / තුන්වන ස්ථානය සුදුසුකම් ලැබුවේ 24 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 13 (1930, 1950, 1954, 1962, 1966, 1970, 1974, 1986, 1990, 2002, 2010, 2014, 2018) ශූරයන් (1930, 1950)
20) කැනඩාව
මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන් සංගමයේ පාපන්දු තුන්වන වටයේ ශූරයන් සුදුසුකම් ලැබුවේ 27 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 1 (1986) කණ්ඩායම් අදියර මුලික වටය (1986)
21) ඝානාව
අප්‍රිකානු පාපන්දු සම්මේලනය තුන්වන වටයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 3 (2006, 2010, 2014) අර්ධ අවසන් පූර්ව වටය (2010)
22) සෙනගාලය
අප්‍රිකානු පාපන්දු සම්මේලනය තුන්වන වටයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 2 (2002, 2018) අර්ධ අවසන් පූර්ව වටය (2002)
23) පෘතුගාලය
යුරෝපීය පාපන්දු සම්මේලන දෙවන වටයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 7 (1966, 1986, 2002, 2006, 2010, 2014, 2018) තෙවන ස්ථානය (1966)
24) ටියුනීසියාව
අප්‍රිකානු පාපන්දු සම්මේලනය තුන්වන වටයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 5 (1978, 1998, 2002, 2006, 2018) කණ්ඩායම් අදියර වටය (1978, 1998, 2002, 2006, 2018)
25) මොරොක්කෝව
අප්‍රිකානු පාපන්දු සම්මේලනය තුන්වන වටයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 5 (1970, 1986, 1994, 1998, 2018) 16 වටයට සුදුසුකම් ලැබීම (1986)
26) කැමරූනය
අප්‍රිකානු පාපන්දු සම්මේලනය තුන්වන වටයේ ශූරයෝ සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 7 (1982, 1990, 1994, 1998, 2002, 2010, 2014) අර්ධ අවසන් පූර්ව වටය (1990)
27) ඇමරිකා එක්සත් ජනපදය
උතුරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන් කොටසේ තුන්වන වටය තෙවන ස්ථානය සුදුසුකම් ලැබුවේ 30 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 10 (1930, 1934, 1950, 1990, 1994, 1998, 2002, 2006, 2010, 2014) තෙවන ස්ථානය (1930)
28) මෙක්සිකෝව
උතුරු, මධ්‍යම ඇමරිකානු සහ කැරිබියන් කොටසේ තුන්වන වටය තෙවන ස්ථානය සුදුසුකම් ලැබුවේ 30 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 16 (1930, 1950, 1954, 1958, 1962, 1966, 1970, 1978, 1986, 1994, 1998, 2002, 2006, 2010, 2014, 2018 අර්ධ අවසන් පූර්ව වට (1970, 1986)
29) පෝලන්තය
යුරෝපීය පාපන්දු සම්මේලන දෙවන වටයේ ශූරයෝ, සුදුසුකම් ලැබුවේ 29 මාර්තු 2022 සහභාගි වු තරගාවලි 8 (1938, 1974, 1978, 1982, 1986, 2002, 2006, 2018) තෙවන ස්ථානය (1974, 1982)
බන්ධුල ජයමාන්න