පසුගිය දා නිමාවට පත් වූ නගරාධිපති මිශ්‍ර දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීඹට සමත් වූයේ යුද හමුදා කණ්ඩායමයි. මේ එම තරගාවලියේ ජයග්‍රාහී කණ්ඩායමේ ක්‍රීඩක පැටිකිරිය ‘ක්‍රීඩා‘ පුවත්පත වාර්තා කරනුයේ ඔවුන්ගේ ජයග්‍රහණයට සිදුකරන ඇගයීමක් වශයෙනි.
ජයග්‍රහණය කරන්න බලාගෙනයි අපි සටනට බැස්සේ චමරි නිලංගා ජයසේන (නායිකා)
මගේ ගම මාවනැල්ල. කෑගල්ල මාවනැල්ල බැද්දෙවෙල ජාතික පාසලෙන් උසස් පෙළ සමත්ව යුද හමුදාවට බැඳී වසර 14 ක් වෙනවා. වසර 13 ක් ම දැල්පන්දු පුහුණුවීම් වල නිරත වුණා. අපි දිනකට පෙරවරුවේ පැය 2 ක් හා සවස පැය 3 ක් පුහුණුවීම් කළා.කෝවිඩ් කාලේ සූම් තාක්ෂණය ඔස්සේත් පුහුණුවීම් කළා. අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය බලාපොරොත්තුව තමයි මේ තරගාවලියට ආවේ. හැබැයි ජය ලබා ගැනීම හිතුව තරම් ලේසි වුණේ නැහැ. ඒ තරම් ප්‍රතිවාදී පිල් දක්ෂයි. අපිත් කණ්ඩායමක් වශයෙන් එකාවන්ව ක්‍රීඩා කර තමයි මේ ජයග්‍රහණය ලබා ගත්තේ. ජය ලබාගැනීමේ සතුට මට වගේම අපේ කණ්ඩායමේ සියලුම සාමාජික සාමාජිකාවන්ට, පුහුණු කාරිණී යමුනා සඳමාලි මහත්මියටත් සමස්ත යුද හමුදාවටත් තියෙනවා.
මෙවර පැවැත්වූවේ මිශ්‍ර දැල්පන්දු තරගාවලියක්. එක් පිලකට කාන්තාවෝ 4 ක් හා පිරිමි 3 ක් ක්‍රීඩා කළ යුතුයි. පන්දුව ආරම්භක අවස්ථාව වන සෙන්ටර් හා ගෝල් ෂූටර් හා ගෝල් කීපර් යන ස්ථාන වල පිරිමි අය ක්‍රීඩා කළ යුතුයි. ඒ නිසා පන්දුව ආරම්භය,මැද හා අවසානයේ පිරිමි අයගේ සහයෝගය අත්‍යවශ්‍යම වුණා.
මේ ජයග්‍රහණය යුද හමුදාවට ආඩම්බරයක් - භාරත රණතුංග (තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා)
මම කළුතර පදිංචි කරුවෙක්. මගේ පාසල කළුතර විද්‍යාලය. එහිදී මම පැසිපන්දු ක්‍රීඩාවට පිවිසියා. පාසලේ දී මා ආරාධිත කණ්ඩායමක් සමග ක්‍රීඩා කර සමස්ත ලංකා පැසි පන්දු ශුරතාව හිමිකර ගත් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණා. යුද හමුදාවට එක්වුණේ පොදු සේවා බලකායටයි. දැන් යුද හමුදා සේවයේ වසර 10 ක් වෙනවා. අපි පැසිපන්දු තමයි පුහුණු වුණේ. නමුත් මිශ්‍ර දැල්පන්දු ශුරතාවකට අපිට ආරාධනා ලැබුණේ දින කිහිපයකට ඉහත දී යි. අපි ආරම්භයේම කොළඹ නගර සභාව දෙවනුවට කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම තෙවනුව බස්නාහිර පළාත් කණ්ඩායම නැවත කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සමග තරග වැදුණා.
තරගයේ දී දෙවතාවක් කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායම සමග තරග කළා. කොහොම හරි අවසන් මහා තරගයේදී අපි ජයග්‍රහණය ලැබුවා. ඒ කැපවීම අපේ කණ්ඩායමේම දක්ෂතාවයක්. කොහොමහරි මට තිබුණේ පන්දුව ඉලක්කයට විදින එකයි. ඒක මම නිවරදිවම ඉෂ්ඨ කළා. තරගාවලියෙන් යුද හමුදා කණ්ඩායම ජය ලැබීම සමස්ත යුද හමුදාවටම විශාල කීර්තියක් බවයි මට හැෙඟන්නේ. අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් හරි සතුටුයි.
අපි දැල්පන්දු ඉගෙන ගත්තේ දින පහෙන් - කෞෂාල් මධුරංග අල්විස්
කළුතර පොතුපිටිය මහා විද්‍යාලයෙන් ක්‍රීඩාවට පිවිසි මා යුද හමුදාවට එක් වී අවුරුදු 8 ක්. ඇත්තෙන්ම අපි වසර ගණනාවක් තිස්සේ පුහුණුවීම් කළේ පැසිපන්දු ක්‍රීඩාවයි. නමුත් අපේ පුහුණුකාරිණිය විසින් අපිට දැල්පන්දු වල නීති රීති ටික කියලා දුන්නේ දින 5 ක් වැනි කෙටි කාලයයි. අපි කොහොමහරි ඇයගේ ඉගැන්වීමේ රටාවට අනුව හැඩ ගැසී සමස්ත ශුරතාව දිනා ගත්තා. අපිට මේක සදහා අතහිත දුන් යුද හමුදාපති ඇතුළු ක්‍රීඩා සංගමයට ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා.
කැකිරාවෙන් මම යුද හමුදාවට ආවේ - ඒ. ජේ. කේ. අබේරත්න (යුද හමුදාව)
කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා යුද හමුදාවට එක්වී වසර 13 ක් වෙනවා. අපි මේ තාක්කල් පුහුණු වුණේ පැසිපන්දු. පුහුණුකාරිණියගේ ඉල්ලීම පිට අපි දින කිහිපයක් දැල්පන්දු පුහුණුවී තරගාවලියට සහභාගි වුණා. අපේ කණ්ඩායම විශාල වෙහෙසක් දරා තමයි ජයග්‍රහණය ලබා ගත්තේ.කොහොමත් අපිට ඹ්න කම තිබුණා යුද හමුදා කණ්ඩායමට ජයග්‍රහණය ලබල දෙන්න. ඒකට අපේ කණ්ඩායමේ සියලු දෙනා කැප වුණා.
අමාරු තත්ත්වයක් යටතේ අපි ලස්සනට මේ තරගාවලිය කළ එක ගැන සතුටුයි - යමුනා සඳමාලි (යුද හමුදා දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිණී) කොළඹ නගර සභාවේ ක්‍රීඩා අධ්‍යක්ෂිකා.
රටතුළ පවතින තත්ත්වය හමුවේ අපි අනුග්‍රාහකයින් හොයා ගත්තේ හරිම අමාරුවෙන්. කොහොම හරි අපි ලස්සනට සැලසුම් කරලා නගරාධිපති කුසලාන දැල්පන්දු තරගාවලිය පැවැත් වූවා. නගරාධිපතිනිය,කොමසාරිස්තුමිය ඇතුළු සමස්ත කොළඹ නගර සභාවේ ලොකු කුඩා සියලුම සේවකයන්ගේ නොමද සහයෝගය තුළින් මේ තරගාවලිය සාර්ථක කර ගැනීමට හැකි වුණා. යුද හමුදා කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ ජාතික සංචිතයේ සිටි ක්‍රීඩිකාවන් සහභාගී කරවීමට අවසර දුන්නේ නැහැ. සෙසු ක්‍රීඩිකාවන්ගේ කැපවීම උනන්දුව නිසා තමයි මෙවැනි ජයග්‍රහණයක් අත්පත් කර ගත්තේ. කණ්ඩායමේ ක්‍රීඩකයන් 5 දෙනා පැසිපන්දු ක්‍රීඩකයන්. ඔවුන්ව දින 05 ක් තුළ තමයි පුහුණු කරන්න වුණේ.
කණ්ඩායමේ කළමනාකාරිත්වයේ හා කණ්ඩායමේ යෝග්‍යතා පුහුණුකරු රවීන්ද්‍ර ජීවනාත් මහතා ගෙන් අපට ලොකු හයියක් ලැබුණා. එසේම ලේකම් සමුද්රි කපිතාන්ගෙන් ද විශාල සේවයක් හිමිවුණා. මේ තරගාවලියට සහයෝගය ලබාදුන් කොළඹ මහ නගර සභාවේ සියලුම දෙනාට මගේ ස්තුතිය පුදකරනවා.
මම නගර සභාවේ සේවයට පැමිණ වසර 38 ක් වෙනවා. කොළඹ නගර සභාව තමයි මාව දැල්පන්දු ක්‍රීඩිකාවක් මෙන්ම පුහුණු කාරියක් ලෙස රටට හදුන්වා දුන්නේ. ඒ සම්බන්ධයෙන් මා මගේ ආයතනයට හිස නමා ආචාර කරනවා. දැන් අපේ අලුත් පරම්පරාවට දැල්පන්දුව භාරගෙන කටයුතු කරන ලෙස මා ඉතා ආදරයෙන් ආරාධනා කරනවා. ඒ අයට සහයෝගය ලබාදීමට කැපවෙන බවද මා පොරොන්දු වෙනවා.
අපි කණ්ඩායම හැදුවේ සම්මිශ්‍රනයකින් - ටී.යූ.අශාන් චිරන්ත (කෑගල්ල දිස්ත්‍රික් කණ්ඩායමේ නායක)
කෑගල්ල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් මෙන්ම පාසලේ සිසුන් කිහිප දෙනෙක්ගෙන් තමයි අපි කණ්ඩායම හදාගෙන තියෙන්නේ. මිශ්‍ර කණ්ඩායමක් ඕන නිසා අපි පිටතින් කාන්තා වන් ද අපේ කණ්ඩායමට බඳවාගෙන තියනවා. අප කණ්ඩායමේ පාසල් සිසුන්,විශ්ව විද්‍යාල සිසුන් මෙන්ම රැකියාවල නියුතුවූවන් සිටිනවා. මේ නිසා අපි කෑගල්ල විද්‍යා ලයන්ස් කියලා නමකින් තමයි ඉදිරිපත්වී ඉන්නේ. අපි බාස්කට් බෝල්,ත්‍රෝ බෝල්,දැල්පන්දු යන ක්‍රීඩා තුනම ප්‍රසන්න ඇලෝසියස් හා දීප්ත සෙනරත් බණ්ඩාර යන දෙදෙනා යටතේ පුහුණුවීම් කරනවා.
මේ තරගාවලියේදී අපි හොඳ තරගයක් දුන්නා. අපිට අත්දැකීම් අතින් ගැටලුවක් නැහැ. අපිට හොඳ පුහුණු කරුවන් දෙදෙනෙක් සිටියා. අඩුපාඩුවක්ව තිබුණේ උසේ අවාසිය තමයි. අපිට හොඳ පිටියේ සහයෝගයක් ලැබුණා.අපේ පොඩි පොඩි අත්වැරදීම් වලින් තරගය ගිලිහුණා. අපිට දිනන්න තිබුණු තරගයක්. ආරම්භයේ සිට අපි වැරදි නිවරදි කරගනිමින් තරගයෙන් තරගයට ඉදිරියට පැමිණියා. කණ්ඩායමම එකාවන්ව මහන්සි වී අවසන් මහා තරගය දක්වා පැමිණියා. නමුත් අවසන් මහා තරගයේදී අපිව පරදවා යුද හමුදා දැල්පන්දු කණ්ඩායම ජයග්‍රහණය තහවුරු කරගත්තා. අපිට පුහුණුවීම් වලදී විදුහල්පතිතුමා, විද්‍යාලයේ ක්‍රීඩා සංගමය මෙන්ම ගුරු මණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලබා දුන්නා. එය මේ වෙලාවේ සිහිපත් කරන්නේ ඉතා ගෞරවයෙන්. අපි එක තරගයකදී යුද හමුදාව පරාජය කළා. ඒක අපට අවසන් තරගයට එන්න හේතුවක් වුණා. කවදහරි අපි පාසලෙන් එළියට එනවිට පසු පෙළක් හදලයි යන්නේ. අද වන විට අප කණ්ඩායමේ ශ්‍රී ලංකා දැල්පන්දු කනිෂ්ඪ කණ්ඩායමේ 4 දෙනෙක් ඉන්නවා. ඒ අය නම් කාවින්දි පෙරේරා,තරුෂි පෙරේරා,සමාධි මීගල්ල,ඉෂාරා ධර්මසිරි.
දක්ෂතම ක්‍රීඩිකාව වීම ගැන සතුටුයි - ආර්.ඒ.ඩී.ඉෂාරා සෙව්වන්දි
මා අධ්‍යාපනය හැදෑරුවේ කළුතර පයාගල බාලිකා විද්‍යාලයේ. පාසල් කාලයේ සිට මම දැල්පන්දු ක්‍රීඩාවට හරිම කැමැතියි. කොහොම හරි මම උසස් පෙළින් පස්සේ ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වුණා. එහෙම ඇවිත් අවුරුදු 8ක් පමණ වෙනවා.
මම පාසලේ දී මෙන්ම යුද හමුදාවේදී දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලෙස කටයුතු කළා. මම හැමදාම ක්‍රීඩා කළේ ගෝල් ඩිෆෙන්ඩ් (GD) පොෂිසන් එකයි. පුහුණුකරුවන් තමයි මා කණ්ඩායමේ ක්‍රීඩා කළ යුතු ස්ථානය නියම කරන්නේ. මම සාමාන්‍ය උසින් වැඩි නිසා එම ස්ථානය මට ලැබුණා කියලා හිතනවා.
මෙවර තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩිකාව වීමේ අදහසින් නෙමෙයි ක්‍රීඩා කළේ . නමුත් අපේ ගේම් එකේදී යුද හමුදාව දිනවනවා කියන අධිෂ්ඨානය නම් තිබුණා. ඒ නිසා දෝ මන්දා මා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස තේරුණේ.
විශේෂයෙන්ම මේ වෙලවේ කියන්න ඕන අපේ පුහුණු කාරිණිය යමුනා මහත්මිය සහ ශාරීරික යෝග්‍යතා නිලධාරී රවින්ද්‍ර සිල්වා මහතාගෙන් අපිට හොද සහයෝගයක් ලැබුණා. එසේම අපේ කණ්ඩායම විශාල වෙහෙසක් දරා හැකි උපරිම කැපවීම් කර තමයි මේ සුවිශේෂී ජයග්‍රණය ලැබුවේ.
යුද හමුදා දැල්පන්දු කණ්ඩායම - චමරි ජයසේන, පූර්ණි ලක්ෂානි, අෂිනි ජයසුන්දර, උපේක්ෂා සුරවීර, මිර්සා සිල්වා, නතාෂා අළුවිහාරේ, ඉෂාරා සෙව්වන්දි්, තරිදු දසුන්කා, කුෂාන් මධුෂංක, දුෂාන් තාරුක, ජීවන් අබේරත්න, භාරත රණතුංග
උදුලා පීරිස්