ක්‍රිකට් ක්‍රීඩා සමාජයකට වාර්ෂිකව මිලියන විසිපහක් | Page 2 | සිළුමිණ

ක්‍රිකට් ක්‍රීඩා සමාජයකට වාර්ෂිකව මිලියන විසිපහක්

එළඹෙන තරග වාරයේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය දරන ක්‍රීඩා සමාජ වෙත වාර්ෂිකව ලබා දෙන දීමනාව වැඩි කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ක්‍රිකට් ආරංචි මාර්ග සදහන් කරන්නේ දේශීය තරග සදහා ලබා දෙන වාර්ෂික දීමනාව රුපියල් මිලියන 25 දක්වා වැඩි කරන බවයි.

ජාත්‍යන්තර කබඩි සම්මේලනයෙන් ශ්‍රී ලංකාවට උප සභාපති ධුරයක්

ජාත්‍යන්තර කබඩි සම්මේලනයේ වාර්ෂික මහ සභා රැස්වීමේ දී ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ සභාපති අනුර පතිරණ මහතා උප සභාපතිවරයෙකු ලෙස පත්ව ඇති අතර මෙම තනතුර ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ මෙවන් තනතුරක් ශ්‍රී ලංකාවට හිමිවූ පළමු අවස්ථාව මෙය වේ.

ශූරයන්ගේ පාපන්දු ලීග් තරගාවලිය කල්යන ලකුණු

ශූරයන්ගේ පාපන්දු ලීග් තරගාවලිය රටේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ අවිනිශ්චිතව ඇතැයි වාර්තා වෙයි. කොළඹ සුගතදාස පිටියේ දී හා රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේ දී එහි තරග පැවැත්වීමට සැලැසුම් කර තිබුණි.

අරවින්ද හා සංගා ඉල්ලා අස්වෙති

ශ්‍රී ලංකා ක්‍රීකට් ආයතනයේ ක්‍රිකට් කමිටු සමාජිකයන් ලෙසින් කටයුතු කරමින් සිටි අරවින්ද ද සිල්වා හා කුමාර් සංගක්කාර දෙදෙනාම එම කමිටුවෙන් ඉල්ලා අස්වීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි. ඔවුහු එලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන තම යෝජනාවන්ට සවන් නොදෙන තත්ත්වය හේතුවෙන් බව ඔවුනට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කළේ ය.

ගීෂා මුණසිංහ

Comments