
මෙරට මෝටර් රථ ක්‍රීඩාව ආරම්භ කර දසක 10 කට ආසන්න කාල පරිච්ඡේදයක් ගෙවා ඇත. එම ක්‍රීඩාවේ පරිපාලනය පිණිස ශ්‍රී ලංකා යතුපැදි සමාජය (මෝටර් සයිකල් සමාජය) ආරම්භ වී මේ වන විට වසර හැත්තෑ පහකි. නිදහසට පෙර එනම් 1947 මාර්තු 16 වැනිදා ‘සිලොන් මෝටර් සයිකල් ක්ලබ්‘ ලෙස ඇරැඹි මෙම සමාජය 1972 න් පසු ශ්‍රී ලංකා යතුරු පැදි සංගමය ලෙස නම් කෙරිණි.
මෙහි මුල්ම සභාපති වොලී ඩී. සිල්වා මහතා ය. වත්මන් සභාපති ආනන්ද ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් 75 වැනි සංවත්සරය සැමරූ මෙම ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ටයන් දෙපළක් වන විශ්‍රාමික ගුවන් කොමදෝරු අවින්ද්‍ර මිරැන්ඩෝ හා නිහාල් රත්නායක යන මහත්වරුන් විසින් එහි ඉතිහාසය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරනු ලැබූහ.
එම සංගමයේ පළමු මාණ්ඩලික තරගාවලිය සංවිධානය කර ඇත්තේ 1947 දෙසැම්බර් 7 වැනි දා රත්මලාන ගුවන් පථයේ දී ය.
සැතැපුම් 461 ක දුරකින් සමන්විත පළමු ‘මොන්සූන් රැලි‘ අත්දැකීම මෙරට මෝටර් රථ ක්‍රීඩාවට 1948 සිට හඳුන්වා දුන් අතර එය වසර 25 ක් අඛණ්ඩව පවත්වා ගෙන යනු ලැබිණි.
ඇන්ඩෘ මිරැන්ඩෝ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ලොව බිහිසුණු මෝටර් රථ අත්දැකීම Isle of Man තරගාවලි අත්දැකීම විඳගැනීමට 1949 දී බ්‍රිතාන්‍යයට ගියේ සිලෝන් යතුරු පැදි සංගමය නියෝජනය කරමිනි.
බ්‍රිතාන්‍ය සහ අයර්ලන්ඩ් දූපත් සමුහයේ Isle of Man සංචාරය කළ ඔහු තම පුද්ගලික වියදමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් යතුරු පැදි කණ්ඩායමක් එම තරගාවලිය වෙනුවෙන් බ්‍රිතාන්‍යයට යවා තිබිණි.
1950 ජනවාරි 22 වැනි දා පළමු නුවරඑළිය මාර්ග ධාවන තරගාවලිය ආරම්භ කළ අතර, 1951 සැප්තැම්බර් 30 වැනි දා කටුකුරුන්ද ගුවන් පථයේ දී පළමු මාණ්ඩලික (Circuit) ධාවන තරගාවලිය ආරම්භ කළේ ය. 1952 ජූලි 20 වැනි දා පළමු මාර්ග ධාවන තරගාවලිය කුරුණෑගල කේන්ද්‍ර කර ගනිමින් ඇරැඹි අතර 1958 – 61 යන තුන් වසරක කාල වකවානුවේ දී ධාවකයන් කණ්ඩායම් මෝටර් සයිකල් සංගමය නියෝජනය කරමින් මැලේසියවේ හා ජෝර්දානය යන රටවල් හි තරග වැදුණ හ.
1956 දී යතුරුපැදි කණ්ඩායමක් ඉන්දියාවේ තරගාවලියකට සහභාගි විණි. ඉන් අනතුරුව 1969 දී විදේශීය ක්‍රීඩකයන්ගේ සහභාගීත්වය ඇතිව ආසියානු මාර්ග ධාවන තරගාවලිය ගාලු මුවදොර කේන්ද්‍ර කර ගනිමින් පවත්වා තිබේ.
ආසියාව පුරා මෙරට මෝටර් රථ ක්‍රීඩාවේ දක්ෂතාවන් වර්ධනය වීමත් සමඟ 1972 වසරේ ඹක්තෝබර් 29 වැනි දා පළමු වරට ග්‍රෝන් ෆ්‍රී තරගාවලියක් මෙරටට හදුන්වා දුන්නේ කටුනායක ගුවන් තොට කේන්ද්‍ර කර ගනිමිනි. එම තරගාවලිය වසර 7 ක් අඛණ්ඩව පවත්වාගෙන යැමේ ගෞරවය ද ශ්‍රී ලංකා මෝටර් සයිකල් ක්‍රීඩා සමාජයට හිමිවෙයි. පළමු ග්‍රෝන් ෆ්‍රී තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ භාතිය මිරැන්ඩෝ යතුරුපැදි තරග කාණ්ඩයෙන් ද ඩෙවිඩ් පීරිස් මෝටර් රථ තරග කාණ්ඩයෙන් ද ජයගෙන ඇත.
ෆොඩ් ෆෝමියුලා තරගාවලියක් මෙරටට හඳුන්වා දීමේ පළමු ගෞරවයද හිමි වන්නේ ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සමාජයටයි. ඒ 1985 වසරේ ඔක්තෝබර් 7 වැනි දා කටුකුරුන්ද ගුවන් ධාවන පථයේ දී ය. ගාලු පුරවරයේ තරගාවලියක් පළමු වරට සංවිධානය කෙරුණේ 1992 වසරේ ජූලි 25 වැනි දා ය.
මෙරට ධාවන පථයට ත්‍රිරෝද රථ තරගාවලියක් හඳුන්වා දීමේ ගෞරවය ද මෙම සංගමයට හිමි වෙයි. ඒ 1998 වසරේ “කොයෝ කුටුකුරුන්ද 98“ තරගාවලියේ දී ය.
මේ අනුව 75 වැනි දියමන්ති ජුබිලිය සමරන ශ්‍රී ලංකා යතුරු පැදි ක්‍රීඩා සමාජයේ වත්මන් විධායක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ආනන්ද ජයසේකර මහතායි, උප සභාපතිවරුන් ලෙස වයි.කේ. රාජපක්ෂ, සුරංජිත් ප්‍රේමදාසත්, ප්‍රධාන ලේකම් ලෙස බී.ජේ. සූරේෂ් කුමාර ත්, නියෝජ්‍ය ලේකම් ලෙස ප්‍රදීප් විජේසිරිවර්ධන, භාණ්ඩාගාරික ලෙස ධම්මික පීරිස්, නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස ශාන්ත සූරවීර, පිට පළාත් ලේකම් ලෙස තිලක් පීරිස් කටයුතු කරති. එහි විධායක සභාව ලෙස ඇන්ටන් රාජා රොද්‍රිගු, අනිල් ජයකොඩි, ප්‍රසන්න ඩී. අල්විස්, අජිත් හේමචන්ද්‍ර, රාමේල් පතිරණ, සුජිත් කරුණාසේකර, ගුවන් කොමදෝරු අවින්ද්‍ර මිරැන්ඩෝ( විශ්‍රාමික), මේජර් ජෙනරාල් ඉන්දු සමරකොන් හා කර්නල් දුමින්ද ජයසේකර ( විශ්‍රාමික) පත්ව සිටිති.
ඡායාරුප - සුලෝචන ගමගේ