මෙවර පැවැති නගරාධිපති කුසලාන මිශ්ර දැල්පන්දු තරගයේ ශූරතාව චමරි නිලකං ජයසිංහගේ නායකත්වය යටතේ ක්රීඩා කළ යුද හමුදා දැල්පන්දු කණ්ඩායමට හිමිවිය. තියුණු තරගයකින් අනතුරුව කෑගල්ල දිස්ත්රික් කණ්ඩායම 41-37 ක් ලෙස පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම මෙම ශූරතාවට හිමිකම් කීහ.
එක් පිලකට ක්රීඩිකාවන් 4 ක් හා ක්රීඩකයෝ 3 ක් තරග වදිමින් මෙම තරගාවලිය පැවැත් විණි.
පළමු වටයේ දී දෙපිලම ලකුණු 11 බැගින් ලබා සම තත්ත්වයේ පසු වුවද දෙවැනි, තෙවැනි හා සිව්වැනි වටවල දී පිළිවෙලින් යුද හමුදාව හා කෑගල්ල කණ්ඩායම ලකුණු 12 – 08, 08-10 හා 10-08 ක් වශයෙන් 41-37 ක් ලෙස සමස්ත තරගයේ ජය හිමි කරගැනීමට යුද හමුදාව සමත් විය. තරගයේ දක්ෂතම ක්රීඩකයා භාරත රණතුංග (යුද හමුදාව) සහ දක්ෂතම ක්රීඩිකාව ඉමාෂි සෙව්වන්දි (යුද හමුදාව) තේරී පත්විය.
තරගය විනිශ්චය ධරණි තරංගා හා බුද්ධික සිරිවර්ධන , පිටියේ විනිසුරු නිමාලිකා තුෂාන්ති සිදුකළ අතර නිමාලි විජේසිංහ වෙලාව සටහන්කාරිය ලෙසත් දේදුනු පෙරේරා ලකුණු සටහන්කාරිණිය ලෙසත් කටයුතු කරන ලැබීය.
අවසන් පූර්ව තරගයේ දී යුද හමුදාව හා රත්නපුර දිස්ත්රික්කය 36- 17 ලෙස ද නාවික හමුදාව හා කෑගල්ල දිස්ත්රික්කය 31 - 39 ක් ලෙස ද ජය හිමිකරගත් අතර තරගාවලියේ තෙවැනි ස්ථානය නාවික හමුදාව හිමිකරගත්තේ රත්නපුර දිස්ත්රික්කය සමඟ තරගය 43-31 ක් වශයෙනි.
දැල්පන්දු මිශ්ර කණ්ඩායම් 8 ක සහභාගිත්වයෙන් මෙම තරගාවලිය පසුගිය (24හා 25) දෙදින තුළ බී.ආර්.සී. පිටියේ පැවැත්විණි.