
පසුගිය ආණ්ඩුවේ වැරදි ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර නැමියාව ජාත්‍යන්තර වශයෙන් එක් අන්තකයට යෑම නිසා ආර්ථික අර්බුදය ගැඹුරු තැනකට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම එය අසාර්ථක විදෙස් ප්‍රතිපත්තියකි.
ශ්‍රී ලංකාව අනුගමනය කරන විදෙස් ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේදී එය පැතිමාන දෙකකට වෙන් කර හඳුනාගත හැකිය. එනම් එය ක්ෂේත්‍ර දෙකක් ලෙස සාකච්ඡා කළ හැකිය. පළමු පැතිමානය පොදුවේ මෙරට අනුගමනය කරන විදෙස් ප්‍රතිපත්තියයි. දෙවැනුව ලෝක මට්ටමින් මහා පරිමාණයෙන් අනුගමනය කරන ගෝලීය ප්‍රතිපත්තියයි. මෙහිදී දෙවැනි කරුණ වඩා පැහැදිලි කිරීමේදී නිශ්චිත වශයෙන් අභියෝගාත්මක වී ඇති ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ වැනි ස්ථානයන්හි අපි අනුගමනය කරන ගෝලීය ප්‍රතිපත්තිය හඳුනාගත හැකිය. වඩා සංයුක්තව දෙවැනි තලයේ හේතු කාරණාව සම්බන්ධයෙන් මූලිකව කරුණු පැහැදිලි කළ යුතු වන්නේ එහි දී වන බලපෑම රටක් ලෙස අපට ඉතා වැදගත් වන නිසාවෙනි. මේ විදෙස් ප්‍රතිපත්තීන් පිළිබඳව සාකච්ඡා කිරීමේදී එහි හැඩතල සහ පැතිමානයන් පිළිබඳ මෙන්ම එයින් අනාගතයේදී සිදුවිය හැකි ප්‍රතිවිපාකයන් පිළිබඳව සාකච්ඡා කිරීම වැදගත් වෙයි.
අපි පොදුවේ මේ රටේ විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතා කිරීමේ දී සතුටු නොවිය හැකි හේතු ගණනාවක්ද වෙයි. එය දාර්ශනිකව තාර්කිකව සහ විචාරශිලීව බැලීමේදී නිවැරදි ප්‍රතිත්තියක් අනුගමනය නොකිරීමක් දක්නට ලැබෙයි. මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මුල් අවස්ථාවේදී නොබැඳි නොව නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට හඳුන්වා දී ඇත. පසුව එය එය නොබැඳි සහ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවට වෙනස් විය. මෙහිදී මේ අදහස්වල යම් ව්‍යාකූල තත්ත්වයක් ඇති කරගෙන ඇති බව දක්නට ලැබෙයි. නොබැඳී යනු විදෙස් ප්‍රතිපත්තියකි. එය දැක්මකි; ප්‍රතිපත්තිමය ආකල්පයකි. නොබැඳි ව්‍යාපාරයට අයත් ලෝකයේ රටවල් සංඛ්‍යාව ගත්විට ඇත්ත වශයෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වැඩිම සාමාජික රටවල් සංඛ්‍යාව සහිත සමඟි පෙරමුණ එයයි. නොබැඳි ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වය හීනවීමක් තිබුණ ද, එහි සංකල්පයන් ඉතාම වැදගත් වෙයි.
අපි ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් යම්කිසි රටවල් දෙකක් අතර හෝ කණ්ඩායම් දෙකක් අතර ගැටුමක් අවස්ථාවකදී, එක් පාර්ශ්වයකට පක්ෂග්‍රාහී නොවීම නිශ්චිත අවස්ථාවකදී යෙදීය හැකි ස්ථාවරයකි. එය විදෙස් ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොවෙයි. විදෙස් ප්‍රතිපත්තිය හෝ දැක්ම යනු ඊට වඩා පුළුල් අර්ථයකි. විදෙස් ප්‍රතිපත්ති හෝ දැක්මක් නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් හෝ දැක්ම විය හැකිය. යම්කිසි නිශ්චිත ප්‍රශ්නයකදී අවස්ථාවට සාපේක්ෂව අපිට ස්ථානගත විය හැකියි. දෙපාර්ශ්වයන් සම්බන්ධයෙන් ම අදහස් නොදක්වා එක් පාර්ශ්වයක් නොගෙන සිටීමේ ප්‍රතිපත්ති ය අනුගමනය කිරීම කළ හැකියි. නමුත් එය විදෙස් ප්‍රතිපත්තියක් නොවෙයි.
මේ වනවිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී යම් අසාර්ථකත්වයකට අපි මුහුණ දී ඇති බව විචාරාත්මකව සලකා බැලීමේදී පැහැදිලි කරුණකි. ඒ අනුව මෑතකදී පැවැති සමුළුවේදී මෙරට පිළිබඳව සිදුවූ අන්තර් ක්‍රියාකාරී සාකච්ඡාවේදී, මතු වූ කරුණක් නම් රටවල් 45න් රටවල් 31ක් අපිට පක්ෂපාතීත්වය දැක් වූ බවය. ඒ කාරණාව එක් පසකින් සත්‍යයක් වුවත් එය අනෙක් පසින් අර්ධ සත්‍යයක් ද වෙයි. එක්සත් ජාතින් මානව හිමිකම් කවුසිලයේදී වැදගත් වනුයේ; එහි සාමාජිකත්වය දරන රටවල් සංඛ්‍යාවයි; එක්සත් ජාතින්ගේ සංවිධානයේ රටවල් 193ක් නියෝජනය කරන ජිනීවා නුවර තානාපතිවරුන් වෙයි. නමුත් මානව හිමිකම් කවුන්සිලයේ සමාජිකත්වය හිමිකර ගන්නේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතින්ගේ මහ මණ්ඩලයේ ඡන්දයකිනි. ජිනිවා මානව හිමිකම් කවුසිලයේ සාමාජිකයෝ රටවල් 193ක් නොවන අතර; ඒ සඳහා ඡන්දයෙන් සාමාජිකයන් තෝරා පත් කර ගන්නේ සමාජික රටවල් 47කි.
සාමාජික රටවල් මෙවැනි යෝජනාවක් අවස්ථාවකදී කොපමණ සිටින්නේ ද යන කාරණාව ඉතා වැදගත් වෙයි. යෝජනා සම්මත වුවහොත් එයට බහුතරයක් තිබිය යුතුයි. උදාහරණ ලෙස සුප්‍රකට කාරණාවක් දැක්විය හැකියි. 2009 වසරේදි යුද්ධය අවසන් වීමත් සමඟ බටහිර රටවල් අපේ රටට විරුද්ධව යෝජනාවක් ගෙන ඒමට උත්සහ කළත්; ඒ යෝජනාවට සාමාජික රටවල් 29ක අපට පක්ෂපාතිව ඡන්දය ලබාදීම සිදුවිය. විපක්ෂව 12 ඡන්දය ප්‍රකාශ කරන ලදී. ඒ ඡන්ද ප්‍රමාණය සාමාජික රටවල් අනුව ඉතා වැදගත් වෙයි. යුක්රේනය සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුසිලයේම ඡන්දයක් පවත්වනු ලැබූවිට ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර ලෝකයේ රටවල් රුසියාවට විරුද්ධ ඡන්ද 29 ලබාදීම සිදුවිය. එසේ නම් එය සාමාජිකත්වය අනුව ලබන ඡන්දවලට සාපේක්ෂව විශාල ප්‍රමාණයකි.
කෙසේ වුවත් ඉදිරි සැප්තැම්බර් මස ලංකාවට විරුද්ධව තව යෝජනාවක් සම්මත කරගැනීමට හැකියාවක් ඇත. ඒ යෝජනාවට පැරදවීමට අපිට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් අවශ්‍ය වෙයි; අපිට 2009 ඡන්ද 29 හිමිවීම කෙසේද අඩුවීමේ කාරණාව සිදුවූයේ යන්න ගැටලු සහගතය. එසේනම් අපිට ඉතා වැදගත් වන ජාත්‍යන්තර රණ භූමියක් වන ජිනිවා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුසිලයේ දී අනුගමනය කළේ වැරදි ප්‍රතිපත්තියකි. එනම් ලංකාව විදෙස් ප්‍රතිපත්තිය අර්බුදයක ඇති බව අපට වැටහෙනු ඇත. යහපාලන ආණ්ඩුව සමයේ එජාප යෝජනාවකට සම අනුග්‍රහය ලබාදීම ඉතාම වැරැදි සහගතයි. එය පිළිකුල් සහගත පවාදීමකි. පසුගිය ආණ්ඩුව ද ඉතාමත් අසාර්ථක විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව පෙනෙයි.
මෙහි ලොකු කලවමක් වී ඇත්තේ ඒ හෙයිනි. එය ප්‍රායෝගිකව ගත් විට මේ ආණ්ඩුවේ ඒ මේ අත විශාල දෝලනය වීමක් සිදුවිය. එය පසුගිය ආණ්ඩුව සමයේද විශාල දෝලනය වීමක් විය. එසමයෙහි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නොව, එජාප අගමැති සහ විදෙස් ඇමැතිවරයාගේ වරදින් ලංකාව බටහිර රටවල සුරතලෙක් බවට පත්වී තිබිණි. එය එක්තරා ආකාරයට එක් අන්තයකට යාමකි. මේ ආණ්ඩුවද පසුගිය කාලය පුරා චීනයේ රැකවරණය ලබාගැනීමට උත්සාහ කළ නමුත් එහි එක් ප්‍රතිඵලයක් වූයේ ඉන්දියාව මෙරට දෙස වපරැසින් බැලීමයි. ඒ වපරැසින් බැලීමේ ප්‍රතිඵලය වුණේ අද අපි දකින ඉන්දියාවෙන් උදව් ලැබීමට අපිට කොන්දේසි ගණනාවක් සහිතව ණය ලබාදීමයි.
මීට වඩා මිත්‍රශීලි තත්ත්වයක සිටියේ නම් හෝ මීට වඩා ඉන්දියාව සහ චීනය අතර සමබරතාවක් අප රැක්කේ නම් ඉන්දියාව චීනයේ ග්‍රහණයෙන් ලංකාව අපි දිනාගත යුතුයි යන ආකල්පමය මතවාදයක නොසිටියි. චීනයට ලංකා ආණ්ඩු විසින් දී ඇති, මුලෝපායීක වැදගත්කම සදහටම තුලනය කළ හැකි අයුරින් මුලෝපායීක වශයෙන් යම් යම් වැදගත්කම් වලට ලංකාව ආර්ථික ගිවිසුම්වලට හසුකර ගැනීම සම්බන්ධයෙන් මීට වඩා වෙනස් මතවාදයක් දැරීමට ඉඩ තිබිණි. නමුත් අද සිදුවී ඇත්තේ එයයි. විශාල රටවලට අපි වැනි කුඩා දූපතක සම්පත් ලබාදීමට අවකාශය ලැබෙන්නේ ඒ නිසයි. එය සිදු වූයේද අන්තකයට යාම නිසාවෙනි.
අපේ රටේ වැරදි විදෙස් ආර්ථීක ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් කතා කළහොත් කළොත් පසුගිය ආණ්ඩුව සහ මේ ආණ්ඩුවේ ද ඇතැම් වැරදි ආර්ථික ප්‍රතිපත්ති වෙයි. පසුගිය ආණ්ඩුව බලයට පත්වූ වහාම සියලුම ව්‍යාපෘති එකවර නතර කර දැමීම සිදුවිය. බටහිර රටවලින් ඉන්දියාවෙන් යම් සහනයක් ලැබෙතැයි ඔවුන් උපකල්පනය කරන ලදී. පසුගිය ආණ්ඩුව බලයට පත්වූ වහාම පෝට් සිටි ඇතුව සියලුම චින ව්‍යාපෘති නතර කර දැමීමට එය හේතුවක් විය. ඒ නතර කිරීමෙන් බටහිර රටවල් සහ ඉන්දියාවෙන් ප්‍රාග්ධනය ලැබී සංවර්ධන කටයුතු කිරීමට හැකිවෙතැයි එම ආණ්ඩුව සිතන්නට ඇත. එතැන් සිට ආර්ථික වර්ධන වේගය අඩාළ විය. එහි ප්‍රතිඵලයක් ලෙස හම්බන්තොට මහ විශාල ඉඩම් ප්‍රමාණයක් චීනයට ලබාදීමට සිදුවිය. හම්බන්තොටට ඉඩම් ලබාදීම නිසා ඉන්දියාව උරණ විය. මේ ආණ්ඩුවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක් වූයේද යහපාලන ආණ්ඩුව ඇරඹී එම කටයුත්ත දිගටම අනුගමනය කරගෙන යාමයි. තවද මේ ආණ්ඩුව චීනයට අවශ්‍ය ප්‍රමාණයකට වඩා මිත්‍රත්වයක් නැඹුරුවීමක් පෙන්නුම් කිරීමට උත්සහ දැරීමක් දක්නට ලැබෙයි. එය යම් පළුදුවීමක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. අපි සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදි කඳවුරකය. චීනයට තමන්ගේම දේශපාලන ව්‍යුහයක් වෙයි; එය චිනයට ගැළපෙන ආකාරයට හැඩ ගැසී ඇත. චීන කොමියුනිස්ට් පක්ෂය එරට ආණ්ඩු කරන ආකාරයට මෙරට දේශපාලනික ව්‍යුහය සැකසීම අසීරු කාර්යයකි. පසුගිය කාලයේ චීනයට වඩා වැඩි නැඹුරුවාව වෙනත් රටවලින් මෙරටට ලැබීය යුතු ආයෝජනය නොලැබිණි. 2009 වසරේදී ජිනිවා ජයග්‍රහණ කළ අවස්ථාවේ දී ඉන්දියාව, රුසියාව, චිනය පකිස්ථානයේ සහාය අපිට තිබුණි. 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කර උතුරේ වැඩ කරන පළාත් සභා දෙකක් ප්‍රතිස්ථාපිත කිරීමට එම අවස්ථාවේදී අපි පොරොන්දු වීමු.
කෙසේ වෙතත් වර්තමානයේ උද්ගතව ඇති යුක්රේන ගැටුම සම්බන්ධ විදෙස් ප්‍රතිපත්ති ස්ථාවරය නිවැරදිය. එහිදී පැත්තක් නොගෙන සිටීම ඉතා වැදගත් වෙයි. මේ අවස්ථාවේදී ඉන්දියාව චීනය ආසියාවේ මහ බලවතුන් වෙනම ස්ථාවරයක් ගෙන ඇත. ඉන්දියාව සහ පකිස්ථානය එක් ස්ථාවරයක වෙයි. දකුණු ආසියානු කලාපය ගත්විට සාක් කලාපයේ ඉන්දියාව පකිස්ථානය බංගලිදේශය සහ ලංකාව එක් ස්ථාවරයක් ගෙන ඇත. යුක්රේනයේ සහ රුසියාව පිළිබඳ මෙරට ස්ථාවරය නිවැරදියි.
ඈත අතිතයේ පමණක් නොවෙයි; සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ දි ලක්ෂමන් කදිරගාමන් හිටපු විදෙස් ඇමැති වරයාගේ කාලයේදීත් ඒ කිර්ති නාමයක් හිමි කරගත් අතර 2009 වසරේදී මහින්ද රාජපක්ෂයන්ගේ පාලන සමයේදි ජිනිවාවල අභියෝගවලට මුහුණ දී විශාල ජයග්‍රහණයක් ලැබිණි.
පසුගිය ආණ්ඩුවේ වැරදි ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර නැමියාව ජාත්‍යන්තර වශයෙන් එක් අන්තකයට යෑම නිසා ආර්ථික අර්බුදය ගැඹුරු තැනකට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම එය අසාර්ථක විදෙස් ප්‍රතිපත්තියකි. ඒ දක්වා ජාත්‍යන්තර කිර්තියක් මෙරටට හිමිවී තිබිණි.
පසුකාලීනව එය ක්‍රමක්‍රමයෙන් ඈත් විය. වෙනස් වූයේ කුමන හේතු කාරණාවක් නිසාද යන්න නැවත කියවීමක් කළ යුතුයි. ඒ ගැන සොයා බැලිය යුතුය. 2009 මේ සඳහා රටවල් 29ක් අපිට ඡන්දය ලබාදුන් අතර විපක්ෂව 12යි හිමිවිය. මේ සම්බන්ධ අපි නැවත කියවීමක් කළ යුතුයි. පසුගිය ආණ්ඩුවේ වැරදි ජාත්‍යන්තර ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර නැමියාව ජාත්‍යන්තර වශයෙන් එක් අන්තකයට යෑම නිසා ආර්ථික අර්බුදය ගැඹුරු තැනකට පත්ව ඇත. ඇත්ත වශයෙන්ම එය අසාර්ථික විදෙස් ප්‍රතිපත්තියකි. මේවනවිට ලංකාවට ලෝකයේ ඉදිරියේ හිටගැනීමට නොහැකිසේ ආර්ථිකයේ අත්තිවාරම කඩාගෙන ගොස් ඇත. ලෝකය සමඟ ගනුදෙනු කිරීමට සිදුව ඇත්තේද ඉතා සෝචනීය ආකාරයටය.දෙපයින් නැඟීසිට කළහැකි බොහෝ කටයුතු කරගැනීමේ අවකාශය ගිලිහී ඇත.
මා දකින්නේ IMF යෑම යනු පවතින ගැටලුව විවාදය වෙනතකට හැරවීමක් ලෙසයි. IMF යෑමට විරෝධයකට කරුණක් නොවෙයි. ඒ අය සමඟ ගනුදෙනු කළ යුතුයි. යන මතයේද මා නොවන අතර ඒ සඳහා යම් කිසි සටහනට යා යුතුයි. එතැනදී ආණ්ඩුව විපක්ෂය එක් තැනකට පැමිණිය යුතුයි. මහජනතාවගේ ජීවන බර වැඩි කරන තැනකට නොයෙන බවට සහතිකයක් දිය යුතුයි. මේ අර්බුදයේ බර මිනිසුන්ගේ කරට නොදැමිය යුතුයි.
නොබෙල් ත්‍යාගය හිමි කරගත් මහාචාර්ය ජොශප්ස් ස්ටික්ලිත් පවසයි. මහාචාර්ය ජොශප්ස් ස්ටික්ලිත් ප්‍රගතිශීලි ආර්ථික විශේෂඥයෙකි. 2015 යහපාලන රජය සමයේ ලංකාවට පැමිණ එවක අගමැතිතුමා රනිල් වික්‍රමසිංහ සමඟ එක වේදිකාවක සමුළුවකට සහභාගී වී මෙරට ආර්ථිකය වඩාත් සමානාත්මතාව මත පදනම් ආර්ථික මූලෝපායකට යා යුතුයි යන්න ඔහු උපදෙස් ලබාදී ඇත. එජපෙ එම උපදෙස් තැකීමකට ලක් නොකළේය. එම උපදෙස් අනුව කටයුතු කළේ නම් අද මේ තත්ත්වය මීට වඩා හොඳ විය හැකියි.
එසේ වුවත් ආර්ථික නව ලිබරල්වාදීන් මෙය පිළිනොගත්තේය. එය අපේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වළ කපාගත් එක් අවස්ථාවකි.
ආනයනික භාණ්ඩ සඳහා බදු බරින් මහ ධන කුවේරයන් නිදහස් කිරීමද රජය ගත් එක් වැරදි තීන්දුවකි. අද වන විට තේ ආශ්‍රිත අපනයනය ක්ෂේත්‍රය වැටී ඇත. මේ ඇතැම් දේශිය ප්‍රතිපත්ති නිසා විදෙස් ප්‍රතිපත්තියට පෙර දේශීය ප්‍රතිපත්තීන් වෙනස් වියයුතුයි.
IMF ගියද එයින් සිදුවන්නේ මුල්‍ය තත්ත්වය කළමනාකරණය කිරීමයි. IMFවලින් බෙහෙත් කිරීමෙන් සුව කළ නොහැකි තුවාලයක් මේ ආර්ථීකයකට සිදුවී ඇත. එයට එදා මෙදාතුර හේතු සාධකයන් බලපෑ අයුරු මෙහිදී පැහැදිලි වෙයි.
මෙරට ඇතැම් ආණ්ඩු අපගේ ආර්ථික කොඳුනාරටිය කඩා දමාගන්නා ආකාරයට කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය. ලෝකය ඉදිරියේ රටක් ලෙස දෙපයින් හිට ගන්නේ කෙසේද රටක ආර්ථික කොඳු නාරටිය කඩාගෙන වැටුණු විට එය සමස්ත ක්‍රියාවලියට හා අන්තර්ජාතික වශයෙන් වඩා වැදගත් සාධකයකි. මේ සියලු කරුණු කාරණා සලකා බැලීමේදී නිවැරදි විදෙස් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම අන්තර්ජාතික ගෝලීය සම්බන්ධතා පැවැත්වීමට අපේ රටට ඉතා වැදගත් වෙයි.