දොළොස් වසකට පසු සයකොන් ජගත් රග්බි ශුරතාව ප්‍රංශ කුමාරයන්ට | සිළුමිණ

දොළොස් වසකට පසු සයකොන් ජගත් රග්බි ශුරතාව ප්‍රංශ කුමාරයන්ට

 

‘යුරෝපයේ පාපන්දු වසන්තය මෙන්ම රග්බි වසන්තය ද කැන්දූ සයකොන් රග්බි තරගාවලිය පසුගිය දා අවසන් විය. එහි ශූරතාව හිමි වූයේ ප්‍රංශ කණ්ඩායමට ය.‘

ලොව ප්‍රමුකත ම ජාත්‍යන්තර රගර් තරගාවලියක් ලෙස සැලකෙන ගිනස් රග්බි ශුරතාව පසුගිය දා අවසන් වූයේ ප්‍රංශයට මෙවර ශුරතාව හිමිකර දෙමිනි. ඒ සඳහා ඔවුන් අවසන් තරගයේ දී සටන් වැදුණේ එංගලන්තය සමඟිනි.

මෙවර තරගාවලියේ තවත් විශේෂත්වයක් වූයේ ඉතාලි කණ්ඩායම පසුගිය වර ශූරයින් පරාජය කිරීමට සමත්වීමත් සමඟ ය. මෙවර තරගාවලියේ අවසන් ස්ථානයට පත් ඉතාලිය අවසන් සතියේ පෙරළිකාර ජයක් හිමි කර ගනිමින් පසුගිය වර ශූරයන් වූ වේල්සය පරාජය කළේ ය.

එය තවත් අතකින් සුවිශේෂී වන්නේ වසර හතකට පසු ඉතාලි කණ්ඩායමක් මෙම තරගාවලිය තුළ ලැබූ පළමු ජයග්‍රහණය මෙය වන බැවිණි. ”මෙය අප අසීරුවෙන් ලබා ගත් ජයක්. අප ආරම්භ කළ ක්‍රියාවලියේ අඩිතාල ම ලෙස මෙම ජයග්‍රහණය හැඳින්විය හැකියි.”ඉතාලි නායක මිචෙලේ ලමෙරෝ තරගයෙන් පසු පවසා සිටියේ ය.එමෙන්ම ඔවුන්ගේ ප්‍රධාන පුහුණුකරු කිරෙන් ක්‍රෝලි පැවසුවේ වේල්සය පරදා ලැබූ ජයග්‍රහණය ගැන තමන් ආඩම්බර වන බවයි. කෙසේ නමුත් සුපුරුදු ලෙස 17 වැනි වරටත් ඉතාලියට හිමිවූයේ තරගාවලියේ අවසන් ස්ථානයයි.

ප්‍රංශය,වේල්සය,එංගලන්තය,ස්කොට්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය අතර වාර්ෂිකව පැවැත්වෙන මෙම තරගාවලියේ තමන් සහභාගී වූ තරග පහම ජයගත් ප්‍රංශය ගිනස් ශුරතාවට අමතරව තරගාවලියේ සියලුම තරග ජය ගැනීමේ කණ්ඩායමට හිමිවන ග්‍රෑන්ඩ් ස්ලෑම් කුසලාන ද අත්කර ගනු ලැබිණි. මෙවර තරගාවලියේ දෙවැනි ස්ථානයට පත් අයර්ලන්තය තමන් සහභාගී වූ තරග පහෙන් එක තරගයක් පරාජය වී තරග හතරක් ජය ගැනීමට සමත් වූ අතර, පසුගිය 2021 වසරේ ශුරතාව දිනාගත් වේල්සයට මෙවර ජය ගැනීමට හැකියාව ලැබුණේ එක් තරගයකින් පමණි.

වසරේ පෙබරවාරි මාසයේ ආරම්භ වී මාර්තු මාසයේ නිමවන ගිනස් රග්බි තරගාවලිය මුලින්ම ආරම්භ වුවේ 1883 වසරේ කණ්ඩායම් හතරක සහභාගිත්වයෙනි. ඒ එක්සත් රාජධානියට අයත් රටවල් වූ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය හා ස්කොට්ලන්තය යන රටවල් අතර තරගාවලියක් ලෙසිනි. මේ අනුව එකල මෙය හැඳින්වූයේ ගෘහස්ත ජාතින් අතර තරගාවලිය ලෙසය.

පසුව 1910 වසරේ මේ සඳහා ප්‍රංශය එකවීමත් සමගම මෙය පස්කොන් රග්බි තරගාවලියක් විණි. 2000 වසරේ ඉතාලිය ද එක්වීමත් සමග එය සය කොන් තරගාවලියක් ලෙස උසස් විය.

1931 සිට 1939 දක්වා කාලය තුළ යළි මෙම තරගාවලිය ගෘහස්ථ තත්ත්වය හිමිවූයේ එම කාලය තුළ ප්‍රංශය ඊට සහභාගී නොවීම හේතුවෙනි. එමෙන්ම දෙවැනි ලෝක යුද්ධය හේතුවෙන් 1940-46 දක්වා කාලය තුළ තරගාවලිය පැවැත්වූයේ නැත.

තරගාවලියේ සමස්ත ඉතිහාසය දෙස බලන විට එංගලන්තය හා වේල්සය මේ දක්වා මෙම තරගාවලියේ ශුරතාව 39 වාරය බැගින් ජයගෙන තිබේ. ගිනස් තරගාවලියට සමගාමීව තවත් තරගාවලි කිහිපයක් පැවැත්වීම ද විශේෂත්වයකි.මෙයින් ට්‍රිපල් ක්‍රවුන් ශුරතාව එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය යන කණ්ඩායම් හතර අතර පැවැත්වෙන තරගවලින් අනෙක් කණ්ඩායම් තුනම

්‍රංශය හා ඉතාලිය සහභාගි වන තරග මෙයට අයත් නැත. 2022 තරගාවලියේ දී ට්‍රිපල් ක්‍රවුන් ශූරතාව හිමිවුණේ අයර්ලන්ත කණ්ඩායමටය. එංගලන්තය හා ස්කොට්ලන්තය අතර පැවැත්වෙන තරග සඳහා කල්කටා කුසලාන පිරිනැමෙන අතර එංගලන්තය හා අයර්ලන්තය අතර තරගය සඳහා පිරිනමනුයේ මිලේනියම් කුසලාන ය.අයර්ලන්තය හා ස්කොට්ලන්තය වෙනුවෙන් සෙන්ටෙනරි ක්වයිච් කුසලාන ද ,ප්‍රංශය හා ඉතාලිය අතර තරග සඳහා ග්යුසේප් ගරිබෝල්ඩි කුසලාන, ප්‍රංශය හා ස්කොට්ලන්තය වෙනුවෙන් ඕල්ඩ් එලයන්ස් කුසලාන,වේල්සය හා ස්කොට්ලන්තය අතර තරග වෙනුවෙන් ඩොඩි වේර් කුසලාන, ස්කොට්ලන්තය හා ඉතාලිය වෙනුවෙන් ක්යුටිටා කුසලාන ද පිරි නැමීම සුවිශේෂී ය.

 

Comments