‘සතොස’ට ‘පණ’ දෙන්න | Page 2 | සිළුමිණ

‘සතොස’ට ‘පණ’ දෙන්න

මෙරට විවෘත ආර්ථිකය දෝරගලා යෑමත් සමඟ පොදු ජනතාවට සමීපව තිබූ සමූපකාරය වළ පල්ලට වැටුණි. පසුගිය යහපාලන සමයේදී ‘සතොස’ ද විනාශ කර ඊට ඇණ ගසා දැමූහ. මේ තත්ත්වය වෙනස් කර යළි ‘සතොස’ ප්‍රධාන ජනතා වෙළෙඳ ජාලය බවට පත්කිරීම කාලීන අවශ්‍යතාවක් වී ඇත.

අද වෙළෙඳ නගරවල ඇත්තේ ‘සතොස’ ශාඛා ස්වල්පයකි. ඒ හේතුවෙන් ‘සතොස’ක් සොයා කිලෝමීටර් දහයක් දොළහක් දුර යන්නට ජනතාවට සිදුව ඇත. අඩුම තරමේ කිලෝ මීටර් දෙකක් වැනි කෙටි පරතරයක්වත් ඇතිව කුඩා නගරවල ‘සතොස’ශාඛා පිහිටු වන්නේ නම් එය මහජනතාවට පහසුවකි. එමෙන්ම ඒවා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලින් පිරී තිබිය යුතුය. ඇතැම් මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරවල ඉලක්කය වී ඇත්තේ සතොස, සමූපකාර සහ සාමාන්‍ය වෙළෙඳසැල් ක්‍රම ක්‍රමයෙන් පරිහානියට ලක් කිරීමය. එය රජය මැනවින් තේරුම් ගෙන සතොස නඟා සිටුවීමට ක්‍රියා කළ යුතුය.

විශේෂයෙන් සහල් ඒකාධිකාරය බිඳ දැමීමට මේ කන්නයේ සිට ජනතාවට අවශ්‍ය සහල් සාධාරණ මිලක් යටතේ බෙදාහැරීමට ‘සතොස’හරහා නිසි ක්‍රියාදාමයක් සකස් කළ යුතුය. ඒ සඳහා ජනතාවට සහන ලබාදීමට හැකි අවස්ථාව මගනොහරින ලෙස රජයෙන් ඉල්ලා සිටිමු.

පියසිරි කොඩිතුවක්කු, මාතර

Comments