මේ යුද්ධය නිරායුධකරණය කිරීම සහ ජාතිවාදය හරණය කිරීමේ මෙහෙයුමකි | Page 2 | සිළුමිණ

මේ යුද්ධය නිරායුධකරණය කිරීම සහ ජාතිවාදය හරණය කිරීමේ මෙහෙයුමකි

මේ වනවිට ලෝකයේ ප්‍රධාන මාධ්‍යයේ සහ දේශපාලන අවකාශයේ ප්‍රමුඛ මාතෘකාව බවට පත් වන්නේ රුසියානු යුක්රේන යුදමය තත්ත්වයයි. මේ යුදමය වාතාවරණය ඇතිවීම පිළිබඳ මාධ්‍ය සහ දේශපාලනික කරළියේ නොයෙක් මාදිලියෙන් අර්ථකතන දක්වයි. එහිදී මෙය රුසියානු යුක්රේන අතර යුද්ධයක් ලෙසත්, රට අභ්‍යන්තරික ගැටුමක් ලෙසත්, අසල්වැසියන් අතර යුද්ධයක් ලෙස සහ බටහිර නේටෝ සංවිධානය සහ රුසියාව අතර ඇති යුද්ධයක් ලෙස සහ හයිබ්‍රිඩ් යුද්ධයක් ලෙසත් නොයෙක් ආකාරයේ මතිමතාන්දර ඇති වී තිබේ; රුසියාව හා යුක්රේනය අතර ඇති වූ යුද්ධයක ස්වරූපක් පෙණුනද; මෙය බටහිර සහ නැඟෙනහිර අතර ඇතිවෙන භූ දේශපාලනික අරගලයක් බව පැහැදිලි කරුණකි. එය දිග හැරෙන්නේ යුක්රේනය යන වේදිකාව මතවීම එකම පරස්පරයයි.

මේ රටවල් දෙක පිළිබඳ හඳුනා ගැනීමේදී යුක්රේනය සහ රුසියාව දිර්ඝ ඓතිහාසික මෙන්ම මානව විද්‍යාත්මක සාමාජීය සහ දේශපාලනික වශයෙන් සියලු සමාජ කාරණාවන් පිළිබඳව සමීප සම්බන්ධයක් ඇති ප්‍රජාවන් දෙකක් වෙයි. දෙරටේ ජනතාවගේ සම්භවය ගත්විට ගෝත්‍ර වශයෙන් වශයෙන් සංවිධානය වීම සිදුවන්නේ 882 වසරේදීයි. ඉන් අනතුරුව ඒ ඒ ශිෂ්ටාචාරයට අයිති ජන කොටස් යම් රාජධානියක් ලෙස සංවිධානය වෙයි. මොවුන් ඉන් වසර 100කට පසුව 188 දී ක්‍රිස්තියානි ආගම පිළිගනු ලබයි.

සාහිත්‍ය කලා ආදී ක්ෂේත්‍රයන් ඉන් අනතුරුව විශාල වර්ධනයන් වෙයි. විවිධ ආක්‍රමණයන්ට ද ලක්වීමත් සිදුවන අතර පසුකාලීනව මේ රටවල් රුසියාව, බෙලොරුසියාව සහ රුසියාව වශයෙන් නිර්මාණය වී වර්ධනය වෙයි. මුල්කාලීනව යුක්රේනයේ කොටසක් ඕස්ලෝ හන්ගේරියානු අධිරාජ්‍යයට ද අනෙක් අනෙක් කොටස සාර් අධිරාජ්‍යයට අයත් විය. 1917දි රුසියානු විප්ලවය ඇති විය. රුසියානු විප්ලවයත් සමඟ කොමියුනිස්ට්වාදින් විසින් යුක්රේනය ස්වාධීන රාජ්‍යයක් බවට පත් කෙරිණි.

1922 රුසියාව සහ යුක්රේනය අතර යම්කිසි සමූහ ආණ්ඩුවක සම්බන්ධතා ගොඩනඟා ගනී. ඉන්පසුව සෝවියට් දේශය නිර්මාණය විය. යුක්රේනය, බෙලොරුසියාව, රුසියානු ෆෙඩරලය සහ රටවල් 15ක් එකතුවකින් මෙය නිර්මාණය විය. ඉන් පසු එය සෝවියට් දේශය නමින් හැඳින්විය. එය සමූහ ආණ්ඩු පහළොවක් එකට ඒකාබද්ධව සකස් විය. එහි ප්‍රධාන රටවල් දෙකක් රුසියාව සහ යුක්රේනයයි. එයින් රුසියාව වර්ග කිලෝමිටර් මිලියන 18ක භූමි ප්‍රදේශයක් විය. ලෝක භූමියෙන් 1/8 මිලියන එකසිය පනහක ජනගහනක් එහි වෙයි. යුක්රේනය වර්ග කිලෝමීටර් හයලක්ෂයක් වන අතර මිලියන හතළිස් හතරක් ජනතාව යුක්රේනයේ ජිවත් වෙති. මේ රටවල් යුදමය වශයෙන් ද භූමි ප්‍රමාණය පැත්තෙන් ද ජනතාව පැත්තෙන්ද ජාත්‍යන්තර සම්බන්ධතා ගත්ත ද එකිනෙකට සමබන්ධතා ඇති රටවල් නිසා භාෂා සාම්‍යයක් ද වෙයි. එමෙන්ම සංස්කෘතිය ආගමික වටිනාකම් සහ පුරුෂාර්ථ මුල්කර ගනිමින් නිර්මාණය වූ ශිෂ්ටාචාරයක් මෙහි වෙයි. ඒ නිසා මේ රටවල් දෙක අතර යම් යුදමය තත්ත්වයක් ඇතිවීම විය නොහැකි තත්ත්වයකි. මේ යුද්ධය මේ රටවල් දෙකේ වුවමනාවන් අනුව ඇති වූවක්ද යන්න නොයෙක් සමාජ තලයන්වල සාකච්ජාවට බඳුන් වෙයි.

මේ තත්ත්වය තුළ යම් භූ දේශපාලනික වෙනසක් 1991 දී ඇති විය. ලෝකය පුරාම ඒතාක් දුරට පැවැති දිවිධ්‍රැවික ලෝක රටාව බිඳ වැටීමක් සිදුවිය. එක් පැත්තකින් සෝවියට් දේශය ප්‍රමුඛ නැගෙනහිර යුරෝපිය සමාජවාදී රාජ්‍ය පද්ධතියත් සහ අනෙක් පසින් ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර යුරෝපිය ධනේෂ්වර ලිබරල්වාදී පද්ධති දෙක අතර ලෝක බල තුලනය පසුගිය සියවස පුරාම පැවැතිණි. එය 1991 එය බිඳ වැටීම සිදු වෙයි. සමූහාණ්ඩු පහළොව ස්වාධීන රාජ්‍යයන් ලෙස වෙනම සංවිධානය වෙයි. ඒ අනුව රුසියාව යුක්රේනයත් ස්වාධීන රාජ්‍ය දෙකද වෙනම සංවිධානය වෙයි.

1990 සිට 2000 මේවා නව රාජ්‍ය ලෙස රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ගිවිසුම් සහ රාජ්‍ය තන්ත්‍රික සම්මුතින්වලට රාජ්‍ය තාන්ත්‍රික එකඟතාවන්ට සාමකාමීව පැමිණෙන ලදී. 2013 ජනවාරි මාසයේ යුක්රේනයේ ඇතිවූ නව විප්ලවයන් සමඟ එවකට හිටිපු ජනාධිපතිවරයා කුමන්ත්‍රණයකින් බලයෙන් පහකරන ලදී. ජාතිවාදී සහ බටහිර නේටෝ සහයෝගයේ යම් බලපෑමක් මේ සඳහා විය. 2014 වසරේ සිට රුසියාව සහ යුක්රේනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා යම් බිඳවැටීමක් ඇතිවිය. මේ රටවල් බිඳවැටීමට එක් හේතුවක් නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාගැනීමට සහ යුරෝපා සංවිධානයේ සමාජිකත්වය ලබා ගැනීමට උත්සාහ කිරීමයි. එමෙන්ම රුසියාව සහ යුක්රේනය අතර යම් ගැටුමක් ඇති කිරීමට ඇමරිකාව සහ නේටෝ සංවිධානය පසුගිය වසර තිහක කාලය පුරා උපරිම උත්සහයක යෙදිණි. එයට හේතුව ඇමරිකාවේ භූ දේශපාලනික අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමයි.

ඉන් අනතුරුව යුක්රේනය 2014 වසරේ රුසියානු විරෝධි රාජ්‍යයක් ගොඩනඟයි. එතැන් සිට රුසියාව තමන්ගේ ප්‍රධාන හතුරකු ලෙස සලකනු ලබයි. නේටෝ සංවිධානය ප්‍රමුඛ බටහිර රටවල් ප්‍රමුඛ රටවල් රුසියාව අස්ථාවර කිරීම සහ බිඳදමා තෙල් සම්පත ගල්අඟුරු සම්පත වැනි අති දැවැන්ත ප්‍රපංචයන් ඔවුන්ගේ ආධිපත්‍යයට යටත් කර ගැනීමට උත්සාහ දරයි. එයට ප්‍රබල තර්ජනය රුසියාව වන නිසා එය අස්ථාවර කිරීම භූ දේශපාලනික උපාය මාර්ගයේ ප්‍රධාන අරමුණ වී ඇත. යුක්රේනය තෝරා ගැනීම එහි එක් වැඩපිළිවෙළක් වෙයි.

මේ නව යුද්ධය එක්තරා ශෛල්‍ය මෙහෙයුමක් ලෙස හඳුනාගත හැකියි. මෙය ආක්‍රමණයකට වඩා නිරායුධකරණය කිරීම සහ ජාතිවාදය හරණය කිරීම යන අරමුණු වන අතර එය සාක්ෂාත් කර ගැනීමේ ප්‍රයත්නයක් ද වෙයි. යුක්රේනය මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස පවත්වා ගෙන යෑම තවත් අරමුණක් බව සඳහන් වෙයි. පසුගිය කාලය පුරාම නේටෝ සංවිධානය ඇතුළු බටහිර මාධ්‍ය තුළ විශාල උණුසුමක් ඇති විය. එහි අරමුණ රුසියාව හරහා යුක්රේනය ආක්‍රමණය කිරීමේ අවශ්‍යතාවයි. රුසියාව හරහා ආක්‍රමණය කරවීමක් වූ අතර මාධ්‍ය තොරතුරු පැතිරවිමේ යුද්ධයෙන් ඒ ප්‍රමුඛ රටවල් ජයග්‍රහණය කරන ලදී.

යුදමය තත්ත්වය දැන් ආරම්භ වුවද එහි ආරම්භය මීට අවුරුදු 30කට පෙර යුරෝපා හා රුසියානු දුරස්ථතා පද්ධතිය නැවත ස්ථාපනය කිරීමෙන් අනතුරුව සිදුවිය.

රුසියානු යුක්රේනය ගැටලුව භූ දේශපාලනික පැතිකඩට අමතරව මෙහි භූ ආර්ථික පැතිකඩක්ද වෙයි. රුසියාව ප්‍රධාන බලශක්ති උත්පාදකයෙක් වෙයි. රුසියානු තෙල් 50%කට වැඩි ප්‍රමාණයක් බටහිර යුරෝපයට අපනයනය කරයි. ඔවුන් ඇමරිකාවට තෙල් නිෂ්පාදනයෙන් 10%ක් අපනයනය කරයි. මේ තත්ත්වය තුළ බටහිර රටවල් රුසියාව යටත් කිරීම සඳහා ආර්ථික සම්බාධක විශාල ලෙස යොදමින් පවතී. ජාත්‍යන්තර ගනුදෙනු පද්ධතියෙන් ඉවත් කෙරිණි. ඒ අනුව සියලු රටවල් සමඟ ඇති ආනයන අපනයන වෙළෙඳාම නතර වෙයි. රුසියානු ගෑස් ලෝක වෙළෙඳපොළට නිකුත් කිරීම නතර වුවහොත් බලශක්ති ගැටලුව උග්‍රවිය හැකියි.

රුසියාව කළු මුහුද හරහා ගෑස් ප්‍රවාහනය පද්ධතියක් නිර්මාණය කළ අතර එය ජෝ බයින්ඩ් ඇතුළු පිරිස විසින් නතර කරන ලදී. මේ තත්ත්වය බටහිර කඳවුර සහ නැඟෙනහිර කඳවුර අතර ඇති ලෝක ආර්ථිකය මෙහෙය වීමට සහ වැඩිදායකත්වය අත්පත් කර ගැනීමට ඇති දැඩි උත්සාහයයි. ඒ අනුව බටහිර කොම්පැණි බහුජාතික සමාගම් ද රුසියානු සමාගම් අතර මීට වසර 30කට පෙර ඇති වී තිබූ ආර්ථීක අවකාශය වෙළෙඳ අවකාශය බටහිර සමාගම් කාලයක් පුරා අත්පත් කර ගෙන තිබිණි. එය නැවත අත්පත් කර ගැනීමේ ප්‍රයත්නයක්ද මතු වෙමින් පවති. යුරෝපයේ වර්ධන වන රුසියානු ආර්ථික ආධිපත්‍ය විශේෂයෙන් බලශක්ති වෙළෙඳපොළ තුළ ආධිපත්‍ය බිඳ දැමීමට ඇමරිකානු ප්‍රමුඛ බටහිර රටවලට අවශ්‍ය වෙයි.

ඇමරිකානු සමාගම්වල භූ දේශපාලනික මෙන්ම භූ ආර්ථික අරගලයක් පවති. එය ආසියාවට ද බලපානු ලබයි. ගෝලීය ආර්ථිකය බිඳවැටීම සිදුවන අතර පශ්චාත් කොවිඩ් අවදියේ ආරම්භ කරන ලද යුද්ධය රුසියානු යුක්රේන යුද්ධයක්ම නොවෙයි. යුක්රේනය නම් වේදිකාව ඔස්සේ එය කලඑළියට එයි. මේ හරහා ප්‍රති විරෝධතාවන් 2ක් නිර්මාණය වී ඇත. එනම් ආර්ථික දේශපාලනික සහ භූගෝලීය වශයෙන් අර්බුදයන් නිර්මාණ වී ඇත. ඇමරිකානු ගෝලිය උපරිසමාජය බහුජාතික සමාගම් පෙරදිග ඉන්දුනීසාව, චීනය යන රටවල් අතර ප්‍රතිවිරෝධතා උත්සන්න වී ඇත. යුක්රේනය පරාජය වුවහොත් රුසියාවේ පැවැත්ම අවසන් විය හැකියි. රුසියාවට මේ අවස්ථාවේදී පරාජය වීමට නොහැකි වන්නේ ඒ නිසාවෙනි. යුක්රේනය යනු එක සිද්ධියක් පමණි, සමස්ත ක්‍රියාවලියේ රුසියාවට ඉදිරියට යෑමට අත්‍යවශ්‍ය ඉලක්කය චීනයයි. චීනය අස්ථාවර කිරීම මුලිකව සිදුවිය හැකියි. ඒ නිසා පැහැදිලිව බල අරගලයක් ඇති වෙයි.

මේ ක්‍රමවේදය පසුව ඊළඟට සිදුවන්නේ අපේ ආර්ථිකය ගොඩනඟා ඇති අභ්‍යන්තර විදෙස් සම්බන්ධතා පද්ධතිය ද වෙනස් වෙයි. මෙහිදී ලෝකය පාලනය කරන ලද අමරිකානු එක්සත් ජනපදය ප්‍රමුඛ ක්‍රමවේදයන් අභාවයට යනු ලබයි. රුසියාව චිනය සහ ඉන්දියාව එකට ඒකාබද්ධ වීමේ අවකාශ තිබිය හැකියි. එසේ වුවහොත් නැවත ලෝකයේ බල තුලනය වෙනස් විය හැකියි. ආර්ථික සම්බන්ධතාවය වෙනස් විය හැකියි. එය අලුත් මාදිලියක ආරම්භ විය හැකියි.

මේ භූ දේශපාලනික ඝට්ටනයේදි 21 වැනි සියවර්ෂයේ ඇති වන සුවිශාලම භූ ඝට්ටනයේ දේශපාලනික උපරිවර්තනයට මුලපිරීම ආරම්භය වෙයි. එයට මූලික හේතුව නේටෝ සංවිධානය ප්‍රමුඛ ඇමරිකා එක්සත් ජනපදයයි. මෙහි අවසානයේ 1990 දශකයේ තිබූ ලෝක පර්යාය, සහ ලෝක ආරක්ෂණ පද්ධතියට සහ බලතුලන පද්ධියට නැවත යාමට සිදු වෙයි.

දෙවැනි ලෝක යුද්ධය අවසානයේදී කිසියම් කථිකාවකින් අවසන් වන්නේ ලෝකය යළි බෙදා ගැනීමෙනි. මෙහිදී දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව වසර 70ක කාලයේ වර්ධනය වී ඉන් කොටසක් බිඳ වැටිණි. ලෝක බලතුලනයේ අසමබරතාවකට පත්විණි. ඒ තුළ නව අර්බුදයක් ඇති වී ඇත. මේ අර්බුදය විසඳීම දැවැන්ත විපරිවර්ධනයකින් පසුව සිදු වෙයි. 2වැනි ලෝක යුද්ධයෙන් පසුව භූදේශපාලනික රාමුවේ ප්‍රමුඛව ඇමරිකාව ලෝක රටාව තීන්දු කරන ලදී. දැන් ඇමෙරිකාව අභ්‍යන්තර අර්බුදයන් උත්සන්න වී ඇත. නිෂ්පාදනය අංශයේ අර්බුද උත්සන්න වී ඇත. ඇමරිකාවේ අභ්‍යන්තර අර්බුදය බාහිර අර්බුදයක් ලෙස ප්‍රක්ෂේපණ කිරීමක් සිදු කරන ලදී.

මේ නිසා දැවැන්ත නවීන යුද බලවතෙක් වූ රුසියාවත් දැවැන්ත නවීන මුල්‍ය අර්ථික බලවතෙක් වූ චීනයත් එකට ඒකාබද්ධ වීම ලෝක බලතුලනයේ සම්පූර්ණ වෙනස් වීමක් සිදු වෙයි.

එවැනි අවස්ථාවලදී අපේ රටවලට ආර්ථිකමය වශයෙන් විශාල බලපෑමක් වෙයි. මේ ක්‍රියාවලියේදි අපේ ස්ථාවරය කුමක්ද? අපේ රටවල ආර්ථිකය රඳා පවතින්නේ ලෝක ධනවාදය ලිබරල්වාදය සමඟය. සංචාරක කර්මාන්තයෙන් තේ අපනයනයෙන් මේ දෙරටින් ම විශාල විදෙස් විනිමයක් මෙරටට හිමි වෙයි. මේ අර්බුදාත්මක අවස්ථාවේදී අපේ ආර්ථික හා විදෙස් ප්‍රතිපත්තිය සකස් කළ යුතුයි. ආක්‍රමණකාරි ඇමෙරිකානු හා නේටො සංවිධාන විසින් දියත් කරන ගෝලීය උපරි සමාජ ප්‍රවාහය අපි නියෝජනය කරන්නේද; නැතිනම් චිනය හා ඉන්දිය පෙරදිග කලාපයන්ගේ වුමනාවන් අපි නියෝජනය කරන්නේද යන්න තීන්දු කළ යුතුයි. ඉදිරියේදි අපි තාර්කිය විදෙස් ප්‍රතිපත්තියක් ඇති කරගත යුතුයි. බලකඳවුරු දෙක සම්බන්ධ මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම මුලික හරය විය යුතුයි. මේ නව සන්දර්භය තුළ බලකඳවුරු දෙකට ම හේත්තු නොවී ජාතික ආර්ථික වුවමනාවන්ට සමපාත වන අය සමඟ නිශ්චිත අවස්ථාවේ ගනුදෙනු කිරීම වඩා සුදුසු වෙයි.

අභ්‍යන්තරව ගත් විට ඩොලර් ගෑස් තෙල් විදෙස් මුල්‍ය ගැටලු මතු වෙයි. මෙවැනි අර්බුද හමුවේ මුහුණදීමට ඒකීය අභ්‍යන්තර ජනතා කේන්ද්‍රීය ආර්ථික සංකිර්ණයකට යා යුතුයි. ආර්ථික යථාර්ථය, ගෝලීය භූ දේශපාලනික වෙනස්කම් යටතේ අපේ සමස්ත ආර්ථික ප්‍රතිපත්තිය හැඩගැස්විය යුතුයි. රටේ අභ්‍යන්තරික ආර්ථික ගතික විභවයන් උත්කර්ෂණය කරන, සක්‍රිය කරන ආකාරයෙන් නැවත ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍ය වෙයි.

අපි ආර්ථික ප්‍රතිසංස්කරණයන්ට යා යුතුයි. අපිට සෑහීකමකට පත්වන ආර්ථික ශක්තියක් ලබා ගැනීමට අභ්‍යන්තරික වශයෙන් බාහිරින් ලෝක වෙළෙඳපොළෙන් මොන බලපෑම් පැමිණිය ද සාපේක්ෂ ව ස්ථාවරව පැවැතීමට හැකිවන ආකාරයට අපේ සම්පත් උපරිම වශයෙන් ස්ථාවරව පවත්වා ගැනිමට කටයුතු කළ යුතුයි. රුසියාව වැනි රටවල් හරහා වන බලපෑම් එන්නේ තෙල් ගෑස් වැනි දෑ සම්බන්ධයෙනි. ඖෂධ වැනි දෑ සඳහා විදෙස් විනිමය ලබා ගැනීමට අභන්තර ආර්ථිකය බල ගැන්වීමෙන් අවශ්‍ය ආනයන, අපනයනවලට යොදාගැනීමට හැකියාව පවතියි. ජාතික ආර්ථික විරෝධි සංහාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන අතර; මේ කූට වැඩපිළිවෙල අඩපණ කිරීම අවශ්‍යයි. රට අභ්‍යන්තර නිෂ්පාදනයන් ශක්තිමත් කළ යුතුය. ඒ සඳහා චිනය ජපානය වැනි ආකාරයකට යා යුතුයි. මේ අර්බුදය අපි ස්වර්ණමය අවස්ථාවක් ලෙස සැලකිය යුතුයි. මාධ්‍ය ඇති කළ භීතිකාව හරහා මතවාදීමය බිඳවැටීම් නිශේධනාත්මකව ඉවත් කළ යුතුයි. මෙය දේශපාලනික ආර්ථිකයමය අර්බුදයකි. දේශීය ඩොලරය කේන්ද්‍ර කරගත් ආර්ථික ප්‍රතිපත්තියෙන් ඉවත් විය යුතුයි. මහ බැංකුව ක්‍රියාත්මක කළ ජාතික ආර්ථිකය නඟාසිටුවීමට වඩා ගෝලීය ආර්ථිකය නඟා සිටුවීම හා වෙළෙඳ වාණිජ ආර්ථීක ශක්තිමත් කිරිම සිදුවිය යුතුයි. මේ වැනි අවස්ථාවක ආර්ථික අර්බුදය අනිවාර්යෙන්ම පැමිණීම සමාන්‍ය වෙයි.

නව සමාජ රටාවක් ඉදිරියේදී ඇතිවෙමින් පවතී. කලාපීකරණය උත්සන්න වී ඇත. එමෙන්ම ස්වදේශියකරණයද එයට ගැළපෙන ආකාරයට සකස් කළ යුතුය. පශ්චාත් ගෝලිය ආර්ථික වැඩපිළිවෙළක් සහ නවපන්තියක අවශ්‍යතාව වෙයි. එසේ සිදු වුවහොත් මේ රටේ පවතින අර්බුදයෙන් ගොඩ ඒමට ද හැකි වෙයි.

Comments