කරඬුව වැඩම කරවූ ඇත් රජිඳාණෝ නික්ම ගියේ මිනිසුන් සිත් හඬවා දෝ | සිළුමිණ

කරඬුව වැඩම කරවූ ඇත් රජිඳාණෝ නික්ම ගියේ මිනිසුන් සිත් හඬවා දෝ

නැඳුන්ගමුවේ රාජා මහනුවර ඇසළ පෙරහරේ අවසන් වරට සධාතුක කරඬුව වැඩම කළ අයුරු

- අඛ­ණ්ඩව වසර 15ක් දළදා කර­ඬුව වැඩම කළා
- රාජාට අවුරුදු 5දී ඉන්දියාවෙන් ගෙනාවේ
- ජාතික වස්තු­වක් ලෙස නම් කර, සිරුර සංර­ක්ෂ­ණය කිරී­ම­ට ජන­ප­ති උප­දෙස්

ජාතියේ මහා පූජා­ගර්භ වස්‌තු­වක් වන දළ­දාව වැඩම කර­වීම ඉතා අසි­රි­මත්, පින්බර සංස්‌කෘ­තික මංග­ල්‍ය­යකි. එබැ­වින් ඒ හා බැඳුණු සෑම අංග­යක්‌ම බෞද්ධ­යන්ට පම­ණක් නොව සෑම ශ්‍රී ලාංකි­ක­ය­කු­ටම අසි­රි­මත් සිදු­වී­මකි.

දළදා සමි­ඳුන් වැඩ සිටින ශ්‍රී මාලි­ගයේ තැන්පත් කර තිබෙන පෙර­හර කර­ඬුව දිය­ව­ඩන නිලමේ­තුමා විසින් පිට­තට වැඩම කරනු ලබන්නේ සුබ නැක­ත­ටය. හඳු­න්කු­ඩම, පහ­ත­මා­ලය, අම්බ­රාව ඔස්සේ බෙර හා සක්හඬ මධ්‍යයේ පෙර­හර කර­ඬුව වැඩ­ම­වා­ගෙන එන නිලමේ­තුමා එය මංගල හස්ති­රා­ජයා මත ඇති රන්සි­විගේ තැන්පත් කරන්නේ සාධු­කාර මාධ්‍ය­යේය. ඉන්පසු කර­ඬුව වැඩ­ම­වා­ගෙන ප්‍රධාන වාහ­ල්කඩ අභි­ය­සට පැමි­ණෙන හස්ති­රා­ජයා එහි සිට සඳ­ගල දක්වා ඇති පඩි­පෙළ බසි­න්නට පෙර මොහො­තක් නැවතී හිස ඔසවා ගාම්භීර මෙන්ම ආඩ­ම්බ­ර­කාර බැල්මක් හෙළ­න්නේය. මේ ගාම්භී­ර­ත්වය පිරි ආඩ­ම්බ­කාර බැල්ම කල්ප කාලා­න්ත­ර­යක් පෙරුම් පුර­මින් පැමිණ ජීව­මාන බුදුන් සේ සල­කන දන්ත ධාතූන් වහන්සේ උදෙසා මේ භව­යේදී ඉටු­ක­ර­න්නට පැව­රුණු උත්තුංග කාර්යයේ වග­කීම ඉෂ්ට­සිද්ධ කිරීම නිසා උප­න්නක් දැයි සිතෙන තර­මට තේජ­ව­න්තය. මංගල ඇතුගේ සම්ප්‍රා­ප්තිය බලා­පො­රො­ත්තු­වෙන් දෑලේ ඇතුන් පත්ති­රි­ප්පුව ඉදි­රි­පිට රැඳී සිටින්නේ සුවඳ සමන් මල් වට්ටි ඇතැ­තිව සිටින ශ්‍රී දළදා මාලි­ගාවේ රාජ­කාරි කරු­වන් ද සම­ඟය. සධා­තුක කර­ඬු­ව­ටත් මංගල ඇතු­ටත් උඩු­වි­යන් අල්ල­න්නට තවත් රාජ­කා­රි­ක­රු­වන් අට දෙනෙක් පෙර­මඟ බලා සිටිති. ප්‍රධාන වාහ­ල්කඩ සිට සඳ­ගල දක්වා වැටී ඇති පඩි­පෙළ ස්වේත වර්ණ පාව­ඩ­ය­කින් වැසී ඇත. ඒ සධා­තුක කර­ඬුව වැඩම කරන්නා වූ මංගල හස්ති රාජ­යාගේ පා පිළි­ගැ­නු­ම­ටය. 

පඩි­යක් දෙකක් බැස යළිත් වරක් ඇත්රජු නතර වූයේ ඇයි­දැයි කවු­රුත් කල්පනා කරත්දී කර­ඬුව දරා සිටින මංගල හස්ති­රා­ජයා පඩි­පෙළ මතින් වැටී රැලි ගැන්වී තිබෙන පාව­ඩය හොඬ­වැ­ලින් සක­ස්කර යළි ඉදි­රි­යට පා තැබු­වේය. අවට රැස්වූවෝ සාධු­කර දුන්නේ “මගේ අම්මා බුදුන් දැක නිවන් දකිත්වා”යි පව­ස­මිනි. මේ පසු­ගිය වසරේ මහ­නු­වර ඇසළ පෙර­හර මංග­ල්‍යයේ නිකිණි පුන් පොහෝ දින අව­සන් රන්දෝලි මහ පෙර­හර ගමන් ආරම්භ කළ මොහො­තයි. නැඳු­න්ග­මුවේ රාජා නම් වූ මේ මහා ඇත් රජු, දළදා වහන්සේ වෙනු­වෙන් ඉටු­ක­ර­න්නට පැව­රුණු වග­කීම එදි­නෙන් අව­සන් කර කිසිදා නොයන ගම­නක් මෙත­රම් ඉක්ම­නින් යැතැයි එදා කිසි­වෙ­කුත් නොසි­තූහ. පෙර­හර නිමා­කර දළදා වහ­න්සේට වැඳ නම­ස්කාර කර මඟ දෙපස රැසී සිටි පිරිස වෙතින් වැඳුම් පිදුම් ලැබ සුපු­රුදු ලෙස පාග­ම­නින්ම ගම්පහ නැඳු­න්ග­මුවේ නිවෙ­සට ගිය රාජා, ඉන් මාස හය­කට පසු එනම්, ඉකුත් මාර්තු මස 07 වැනිදා අලු­යම හදි­සි­යේම මෙලොව හැර ගියේ බෞද්ධ­යන්ගේ පම­ණක් නොව සෙසු ආග­මි­ක­යන්ගේ පවා දෙනෙ­තට කඳු­ළක් එක්ක­ර­මිනි.

බුදුන් උපන් දේශයේ ජන්ම­ලා­භය ලැබ ලක්දි­වට පැමිණ ජීව­මාන බුදුන් සේ සැල­කෙන දන්ත ධාතූන් වහන්සේ උදෙසා පූජෝ­පා­හා­ර­යක් ලෙස වාර්ෂි­කව පව­ත්වන පෙර­හර මංග­ල්‍ය­යට පහ­ළොස් වස­රක් දාය­ක­ත්වය දී නැදු­න්ග­මුවේ රාජා මෙළොව හැර­ගියේ හැට නව­වැනි වියේ­දීය. තිරි­සන් සත්ත්ව­යකු ලෙස උප්ප­ත්තිය ලැබු­වත් රාජා මිය ගියේ ලක්ෂ සංඛ්‍යාත ජන­තා­ව­ක­ගෙන් වැඳුම් පිදුම් ලබ­න්නට තරම් පින් කන්දා­ර­වක් උරුම කර­ගත් භාග්‍ය­ව­න්ත­යකු ලෙසිනි. ගම්පහ නැඳු­න්ග­මුවේ සිට මහ­නු­වර ඇසළ පෙර­හ­රට සහ­භා­ගිවි වන්නට පම­ණක් එක වස­ර­කදී රාජා කිලෝ මීටර 190 ක් පමණ දුරක් ඇවිද යයි. උසින් අඩි 10 1/2 ක් පමණ වන රාජාගේ තේජස දෙගුණ තෙගුණ වන්නේ අඩි පහක් පමණ දිග ස්වේත වර්ණ දළ යුගල නිසාය. එවන් හැඩ­කාර දළ යුග­ලක් ඇතෙ­කුට හිමි­වන්නේ ඉතා කලා­තු­ර­කිනි.

රාජාගේ වත්මන් හිමි­කරු වූයේ වෛද්‍යා­චාර්ය හර්ෂ ධර්ම­වි­ජය මහ­තාය. ඔහු හා රාජා අතර ඇත්තේ අසී­මිත බැඳී­මකි. රාජා මෙත­රම් ඉක්ම­නින් ජීවි­ත­යට සමු­දෙ­තැයි ධර්ම­වි­ජය මහතා කිසි­වි­ටෙ­කත් නොසි­තු­වේය.ඔහු සෑම විටම රාජාගේ සෞඛ්‍ය ගැන සැල­කි­ලි­මත් විය. රාජාට ආහා­ර­පාන ලබා­දී­මේදී පවා නොයෙ­කුත් සීමා කිරීම් කර­න්නට ඔහු කට­යුතු කළේ රාජා අකා­ලයේ රෝගී වන්නට ඇති ඉඩ අහුරා දැමීමේ අර­මු­ණිනි. එසේ වුවත් සියලු දේ අනි­ත්‍යය යැයි වදාළ බුදු වදන පසක් කර­මින් රාජා මෙළොව හැර ගියේය. රාජා, ඉන්දි­යාවේ සිට මෙර­ටට පැමිණ ‘නැඳු­න්ග­මුවේ රාජා’ වූ සැටි වෛද්‍යා­චාර්ය හර්ෂ ධර්ම­වි­ජය මහතා මෙසේ විස්තර කළේය.

“ඉන්දි­යාවේ මයි­සූර් ප්‍රාන්තයේ මහ­රාජා කෙන­කුගේ ඥාති­ය­කුට වැලඳී තිබූ දරුණු මාන­සික රෝග­යක් ප්‍රකට නිල­ම්ම­හර වෙද­ප­ර­පුරේ පිළි­ය­න්දල වෙද හාමු­දු­රු­වන් විසින් සුව­කර කරනු ලැබී­මෙන් පසු සතු­ටට පත් මහ­රාජා හාමු­දු­රු­වන්ට ඉන්දි­යා­වට වඩින ලෙස ආරා­ධ­නා­වක් කර තිබෙ­නවා. ලෙඩා සුව­පත් කළ සතුට නිසා හාමු­දු­රු­වන්ට කැමැති ඕන දෙයක් ඉල්ලන්න මම දෙන්නම් කියලා මහා­රාජා කිව්වලු. හාමු­දු­රුවෝ ඇත් පැටවු දෙ‍න්නෙක් ඉල්ලා තිබෙ­නවා. ඒ අනුව මහ­රා­ජාගේ ඇත්ගා­ලෙන් වයස අවු­රුදු 05 ක් පමණ වෙන ඇත් පැටවු දෙන්නෙක් පූජා කරලා තියෙ­නවා. රාජාත් එක්ක එදා නැවෙන් ගෙනාපු අනිත් ඇත් පැටියා තමයි නව­ම්රාජා. ගංගා­රා­මයේ සිටි නව­ම්රාජා අවු­රුදු කීප­ය­කට කලින් මිය ගියා. හාමු­දු­රුවෝ ළඟ මේ ඇත් පැටව් දෙන්නා අවු­රුදු 15 ක් විතර ඉඳලා තියෙ­නවා. ඒ දෙන්නව බලා කියා ගන්න කර­දර නිසා උන්ව­හන්සේ එක් පැටි­යෙක් ඇඹි­ලි­පි­ටි­ය­ටත් අනෙක් පැටියා හොරණ උඩුව වල­ව්ව­ටත් විකු­ණලා. පී. ඩී. පී ධර්ම­වි­ජය වෙද රාල­හාමි කියන්නේ මගේ තාත්තා. 1978දී හොරණ වල­ව්වෙන් තාත්තා රාජාව අරන් තියෙන්නේ රුපි­යල් 75,000 කට. එදා සිට නැඳු­න්ග­මුවේ රාජා වූ ඇතාට මේ දක්වා කිසිදු අව­ස්ථා­වක අපි ඉංග්‍රීසි බෙහෙත් දීලා නැහැ. පාර­ම්ප­රික වෙද පර­ම්ප­රා­ව­කින් පැවත එන නිසා ඇතාට අව­ශ්‍යය බෙහෙත් අපිම හදලා දෙනවා. ඉඳලා හිටලා බඩේ අමා­රු­වක් ආවම මම කරන්නේ ඖෂධ කොළ කොටලා කවන එකයි. දැන් අවු­රුදු 30ක විතර ඉඳලා රාජා­ගෙන් කිසිම වැඩක් ගන්නේ නැහැ. කිතුල් කොට­යක් කන්න එයාම උස්ස ගත්තොත් මිසක් කිසිම කොට­යක් අපි උස්සන්න දෙන්නේ නැහැ.”

පෙර­හර මංග­ල්‍ය­යන් සඳහා පාග­ම­නින්ම යන රාජාගේ ආර­ක්ෂාව සඳහා වාහ­න­යක් ද සමඟ පොලිස් විශේෂ කාර්ය බළ­කායේ නිල­ධා­රීන් පිරි­සක් යොදවා තිබුණේ මේ ඇත් රජා ජාතික වස්තු­වක් මෙන් ආරක්ෂා කළ යුතු බැවිනි.

රාජා රැක­බලා ගත් විල්සන් කොඩි­තු­වක්කු ඇත්ගොව්වා සහ නැඳු­න්ග­මුවේ රාජා අතර බැඳී­මට වසර 22කි.‘කළු මාමා’ ලෙස කවු­රුත් දන්නා විල්සන් රාජාට විටෙක පියෙකි. තවත් විටෙක සහෝ­ද­ර­යෙකි. විල්සන්ගේ ඇස් අස්සේ සැඟවී සිට පිට­තට කඩා පනින කඳුළු කැට ඔහුගේ සහ රාජාගේ බැඳීමේ ගැඹුර අපට කියා­පායි.

“රාජාට අස­නී­ප­යක් තිබුණේ නැහැ. මේ දව­ස්වල එයාගේ කම්මුල් තෙමිලා හිටියේ. දව­සක් විතර කෑම කෑවේ නැහැ. පාන්දර රාජා බිමට පාත්වුණා. ඊට පස්සේ නැගිට්ටේ නැහැ.”යැයි කී කළු මාමාගේ හඬ ගොළු විය. තමා මෙලොව තනි­කර රාජා මෙලෙස ඉක්ම­නින් ගිය ගමන විල්සන්ට රිස්සුම් දෙන්නේ නැති සෙයකි. ඒ නිසාම ඔහු හඬ අවදි කරන්නේ වචන අතර කාලයේ පර­ත­රය දිග්ග­ස්ස­මිනි.

“පෙර­හ­රට එන්න කලින් අපි පිරිත් කියලා ආශී­ර්වාද කරලා කැවුම් කිරි­බත් කවලා සුබ වෙලා­ව­කට තමයි රාජා පාරට ගන්නේ. රාජා එක්ක මාත් යන්නේ පයි­න්මයි. මම නැව­තු­ණොත් ඇතත් නව­ති­නවා.දෙන්නට දෙන්නා නොදැක ඉන්න බැරි­ත­ර­මට මගේයි රාජා­ගෙයි අතර බැඳී­මක් තිබුණා. නුවර පෙර­හ­රට පයින් යත්දී නිට්ට­ඹුව පන්සලේ, දංඕ­විට නිව­සක, නෙළු­ම්දෙ­ණියේ මොර­වක නිව­සක, රංවිල දුනු­කොළ වලව්වේ සහ හිඟුල ගනේ­තැන්න මල්වතු විහා­රයේ අපි නව­ති­නවා. දව­ස­කට ඇවි­දින්නේ කිලෝ මීටර 20ක් විතර වගේ දුරක් තමයි. පහු­ගිය පෙර­හ­රට නුවර යන්න අපි පිටත් වුණේ අගොස්තු 02 වැනිදා. පෙර­හ­රට දින දෙකක් තියලා 11 වැනිදා අපි නුව­රට ආවා. පෙර­හර අව­සන් කරලා දින කිහි­ප­යක් ඇතා විවේක ගත්තා. පස්සේ දළදා වැඳලා ගම්ප­හට එන්න පිටත් වුණේ සැප්තැම්ර් 01 වැනිදා. මම ගමක මිනි­හෙක්. අද ලෝක­යම මාව දන්නේ රාජා නිසා. මේ පින්වත් ඇත් රජාට බුදු­න්දැක නිවන් දකින්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කර­නවා.”

කළු මාමා කීවේ දෑසේ නළියන කඳුළු අත­රිනි. බෙල්ල­න්විල, කැල­ණිය, රත්න­පුර සමන් දේවා­ලය ඇතුළු පෙර­හ­ර­ව­ලට සම්බන්ධ වෙමින් සිටි නැඳු­න්ග­මුවේ රාජා මහ­නු­වර ඇසළ පෙර­හ­රට මුල්ව­රට සම්බන්ධ වන්නේ 2005 වස­රේ­දීය. ඒ දිය­ව­ඩන නිලමේ ධූර­යට එම වසරේ තේරී­පත්වූ ප්‍රදීප් නිලංග දෑල­යන්ගේ ඇර­යු­ම­කිනි. එම වසරේ මහ­නු­ව­රට පැමි­ණි­යත් රාජාට සධා­තුක කර­ඬුව වැඩම කර­ව­න්නට අව­ස්ථාව ලැබුණේ නැත. ඒ රාජා උසින් වැඩි­වීම නිසා රන්සි­විගේ ශරී­ර­යට තබා රැහැන් පටි බැඳී­මේදී මතුවූ ගැට­ලු­වක් හේතු­වෙනි. එවර පෙර­මුණේ ඇතකු ලෙස ගමන් ගත් රාජා සාධා­තුක කර­ඬුව වැඩම කිරීමේ භාර­දූර වග­කීම බාර­ගත්තේ 2006 වසරේ සිටය.දිය­ව­ඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල­යන් ඒ මතක අවදි කර­මින් මෙසේ පැව­සු­වේය.

“නැඳු­න්ග­මුවේ ඇතා හොඳ පරි­ණත තමන්ගේ වග­කීම කුමක්ද කියලා නිවැ­ර­දිව තේරුම් ගත්ත ඇතෙක්. දිව­යිනේ පෙර­හර ගණ­නා­ව­කට සම්බන්ධ වී ලබපු අත්දැ­කීම් සමඟ තමයි රාජා මහ­නු­වර ඇසළ පෙර­හ­රට සම්බන්ධ වුණේ. වස­රින් වසර රාජා සාධා­තුක කර­ඬුව වැඩම කරත්දී තමන්ගේ පරි­ණත බව ප්‍රද­ර්ශ­නය කළා. කව­දා­වත් පෙර­හ­රේදී රජා කල­බල කළේ නැහැ. වෙනත් ඇතෙක් කල­බල කළොත් රාජා තමන්ගේ වග­කීම තේරුම් ගෙන නිසො­ල්මන්ව හිටියා. දෑලේ ඇතුන් සමඟ කර­ඬුව වැඩම කරත්දී එක් අව­ස්ථා­වක අලි­යෙක් කල­බල වෙලා රාජා අස­ළ­ටම ආවා.ඒ වෙලාවේ රාජා කල­බල වුණා නම් ලොකු ප්‍රශ්න­යක් වෙනවා. මිනිස්සු කල­බල වුණත් රාජා නෙවෙයි කල­බල වුණේ. රාජාට හොඳ හාම්පු­තෙක් හිටියා. ඒ වගේම හොඳ ඇත්ගො­ව්වෙක් හිටියා. රාජා උප­තින්ම ගෙනා ගති­ගු­ණත් එක්ක මේ සංක­ල­නය හොඳට පෑහුණා. නැඳු­න්ග­මුවේ රාජාගේ අභා­ව­යත් එක්ක ඒ මට්ටමේ පරි­ණත දළ ඇතුන්ගේ හිඟය තවත් උග්‍ර වෙනවා. දළදා මාලි­ගාවේ ඉන්දි­රාජා හා රුහුණු කත­ර­ගම දේවා­ලයේ වාසනා මේ වන විට ඉති­රිව සිටින පරි­ණ­තම දළ ඇතුන් දෙදෙ­නායි. ඒ දෙන්න­ටම දැන් අවු­රුදු හත­ළිස් පහට වැඩියි. තවත් අවු­රුදු කිහි­ප­ය­කින් පෙර­හර මංග­ල්‍යය හා බැඳුණු චාරිත්‍ර ඉටු කිරීමේ ගැට­ලු­වක් එනවා. සාධා­තුක කර­ඬුව වැඩම කළ හැකි තත්ත්වයේ දළ ඇතුන් කිහිප දෙනෙක් දැන් සිටම පුහුණු නොකෙ­රු­වොත් අනා­ග­ත­යේදී අපේ සංස්කෘ­තිය හා බැඳුණු මේ පෙර­හර මංග­ල්‍ය­යන් පව­ත්වන්න නොහැකි තත්ත්ව­යක් ඇති­වේවි.”

නැඳු­න්ග­මුවේ රාජා දළදා පෙර­හරේ සධා­තුක කර­ඬුව වැඩම කර­මින් සිදු කළ උදා­ර­තර සේවය අග­ය­මින් ජන­පති ගෝඨා­භය රාජ­ප­ක්ෂ­යන් රාජා ජාතික වස්තු­වක් ලෙස නම් කිරී­මට තීර­ණය කළේය. ඒ වෙනු­වෙන් අවශ්‍ය පිය­වර ගන්නා ලෙස බුද්ධ­ශා­සන, ආග­මික හා සංස්කෘ­තික කට­යුතු අමා­ත්‍යාංශ ලේකම් මහ­චාර්ය කපිල ගුණ­ව­ර්ධ­නට ජන­ප­ති­ව­රයා උප­දෙස් ලබාදී ඇත. අනා­ගත පර­පු­රට දැක බලා­ගැ­නී­මට හැකි වන ලෙස රාජගේ සිරුර සංර­ක්ෂ­ණය කිරීම ද මේවන විට ජන­ප­ති­ව­ර­යාගේ උප­දෙස් මත ජාතික කෞතු­කා­ගාර විසින් ආරම්භ කරනු ලැබ තිබේ.

නැදු­න්ග­මුවේ රාජා යළිත් මහ­නු­වර ඇසළ පෙර­හර හැඩ කර­න්නට එන්නේ නැත. එහෙත් මංගල ලක්ෂණ සහිත ඇත් රාජ­යකු ලෙස පෙර­හර මංග­ල්‍ය­යට සහ­භාගි වෙමින් ඉතිරි කළ මත­කය සදා අම­ර­ණී­යය. රාජා වැනි උත්තුංග දේහ­දාරී දිගු දළ යුග­ල­කට හිමි­කම් කියන ඇතුන් පහළ වන්නේ කලා­තු­ර­කිනි. දළදා වහන්සේ වෙනු­වෙන් ඉටු කර­න්නට පැව­රුණු රාජ­කා­රිය උප­රි­ම­යෙන් ඉෂ්ඨ සිද්ධ­කර නික්ම ගිය ඇත් රජුට නිවන් සුව අත්වේ­වායි පතමු.



Comments