ආධුනික විවෘත ගොල්ෆ් තරගාවලිය 22 දා නුවරඑළියේ දී | සිළුමිණ

ආධුනික විවෘත ගොල්ෆ් තරගාවලිය 22 දා නුවරඑළියේ දී

ශ්‍රී ලංකා ගොල්ෆ් සම්මේලනය 132 වැනි වරට සංවිධානය කරනු ලබන ආධුනික විවෘත කාන්තා හා පිරිමි ගොල්ෆ් තරගාවලිය 22 වැනි දා නුවරඑළිය ගොල්ෆ් පිටියේ දී ආරම්භ වෙයි.

2019 වසරේ අවසන් වරට පැවැති තරගාවලියේ දී ටානියා බාලසූරිය හා චාකත පෙරේරා දක්ෂතම ක්‍රීඩිකාව හා ක්‍රීඩකයා ලෙස ශූරතා දිනා ගැනීමට සමත් වූහ.

තරගාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේ ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ගොල්ෆ් සම්මේලනයේ සභාපති මයිකල් මාගල පෙරේරා, ශ්‍රී ලංකා ගොල්ෆ් ජාතික පුහුණු කරු ප්‍රදීප් කුමාර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර බාලක බාලිකා ගොල්ෆ් සංවර්ධන කමිටුවේ ප්‍රධානී නිලූ ජයතිලක මහත්මිය ද මෙම අවස්ථාවට එක්ව සිටියා ය. ඡායාරූපය - රුවන් ඩී. සිල්වා


වසර 49 කට පසු ස්නූකර් ජයක්

වයස අවුරුදු 21 න් පහළ ලෝක ස්නූකර් කුසලාන තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා ජාතික ස්නූකර් ශූර තාහා ඉසර්සාත් සමත් විය. වසර 49 කට පසුව ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ස්නූකර් පදක්කමක් දිනාගත් ප්‍රථම අවස්ථාව මෙයයි. තරගාවලිය දෝහාකටාර් හී දි පැවැත්විණි.


19 න් පහළ කාන්තා ක්‍රීකට් ඇරැඹේ

ශ්‍රී ලංකා පාසල් ක්‍රීකට් සංගමය සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19 න් පහළ කාන්තා ක්‍රීකට් තරගාවලිය අරැඹේ. මෙවර තාගාවලියට කණ්ඩායම් 34 ක් ඇතුළත්ව ඇති අතර කාණ්ඩ 6 ක් යටතතේ තරග පැවැත්වෙයි. පළමු වටය ලීග් ආකෘතිය යටතේ අප්‍රේල් මස 3 වැනි දා දක්වා පැවැත්වෙන අතර එම වටයේ අවසානයේ සැම කාණ්ඩයකින්ම කණ්ඩායම් 2 බැගින් කණ්ඩායම් 16 ක් අවසන් වටයේ තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.

Comments