‘ලෝකය බිහි කළ සුපිරි පිතිකරුවන් අතර ඉදිරියෙන් ම නම කියැවෙන ක්‍රීඩකයකු වන්නේ සචින් ටෙන්ඩුල්කාර් ය. ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන බොහෝ කලක් ගතවූ නමුත් තවමත් ඔහු ඉන්දියාව තුළ විශිෂ්ටයෙකි. ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද සචින් යනු ප්‍රබල නමක් හිමි ක්‍රීඩකයෙකි. මේ ඔහු කලකට පසු ඉන්දීය මාධ්‍ය හා පැවැත්වූ සාකච්ඡාවකින් සැකසෙන ලිපියකි.‘
මම ක්‍රිකට් ක්‍රීඩා කරන විට වෙනම කලාපයක, දිශා-වක, සිටි කෙනෙක්. සචින් ටෙන්ඩුල්කාර් ක්‍රිකට් සඳහා ඔහුගේ තිබුණු ආශාව එසේ දිග හරියි.
සිය වසර 24ක අන්තර්-ජාතික දිවියක් පුරා, සචින් ෙබලාපොරොත්තු විය නොහැකි උරුමයක් නිර්මාණය කළේ ය. ටෙස්ට් සහ එක්දින තරගවල වැඩිම ලකුණු ලාභියා බවට පත්වෙමින්, ජාත්‍යන්තර ශතක 100 ක් ලබා ගනිමින් සහ විවිධ තත්ත්වයන් යටතේ තවත් වාර්තා ගණනාවක් බිඳ දමමින් වාර්තා පිට වාර්තා අලුත් කිරීමට සමත් විය.
සචින් ගේ නම ක්‍රිකට්වලට සමාන වන අතර ලොව පුරා ක්‍රිකට් පවතින තාක් කල් ක්‍රිකඩ් කීඩා ලෝලීන් සචින් ටෙන්ඩුල්කාර්ට මෙන් ම ක්‍රීඩාවට ද එක සේ ආදරය කරනු ඇත.
මම හැම වෙලාවේ ම කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාව මගේ ආශාව, මගේ ජීවිතය කියලා. මම හිටියේ වෙනම කලාපයක, දිශාවක. මම ක්‍රිකට් ක්‍රීඩා කරන කොට මටම කියලා ලෝකයක් හදා ගෙන තිබුණා, එතනදි බාහිර ලෝකය මට වැඩක් නැති තරමට මම එකේ ගිලිලා හිටියා,” සචින් කියයි.
සචින් ටෙන්ඩුල්කාර් වයස අවුරුදු 16 දී ඉන්දියාව වෙනුවෙන් සිය මංගල ටෙස්ට් ගමන ආරම්භ කරන්නේ බොහෝ මිනිසුන් එම සිහිනය දකින යුගයක ය.
“මගේ පවුලේ අය මට කීර්තියට බලපෑම් කරන්න ඉඩ දුන්නේ නැහැ. සාර්ථකත්වය සහ අසාර්ථකත්වය අතර සමබරතාවයක් පවත්වා ගැනීමට සුදුසු පුද්ගලයන් මා වටා සිටියා. ඔවුන්
මට ජීවිතයේ ස්ථාවරත්වයක් ලබා දුන්නේ මම හොඳින් දස්කම් දැක්වූවත් නැතත් කමක් නැති නිසයි. මම ගෙදරට ආවට සාමාන්‍ය සචින් පමණයි,” ඔහු කියයි.
‘මගේ දක්ෂතාව දෙවියන් දුන් තෑග්ගක් බවත්
එය අත් දෙකෙන් ම අල්ලා ගත යුතු බවත් මගේ තාත්තා වරක් මට කිව්වා.’ සචින් සිය දරුවන් දෙදෙනා දෙස බලන්නේ ද එම කෝණයෙන් ම ය. ‘ඔවුන්ගේ දක්ෂතා කොතැනක තිබුණත් මම දරුවන්ට කරන්න කියන්නේත් එය යි.’
සචින් සිය සාර්ථකත්වය මෙතරම් දිගු කාලයක් පවත්වා ගැනීමට සමත් වීමේ මුලික හේතුව සිය ආත්ම විශ්වාසය බව ද පවසන්නේ ය.
‘මගේ සාර්ථකත්වයට ප්‍රධාන හේතුව ආත්ම විශ්වාසය යි. මම නිතරම විශ්වාස කළේ මම ඉන්දියාවට ක්‍රීඩා කරනවා කියලා, එකම ප්‍රශ්නය කවදා ද කියන එකයි. ඉන්දියාව වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීම මට විශාල තෘප්තියක් සහ සතුටක් ලබා දුන්නා, මට ජීවිතයෙන් වෙන කිසිවක් අවශ්‍ය වුණේ නැහැ. ගමන ආරම්භ වන්නේ හදවතින්ම නම්, ඔබට සෑම පැත්තකින් ම ඉදිරියට යා හැකියි.’ ඔහු පැහැදිලි කරයි.
සචින් ටෙන්ඩුල්කාර් බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ට වීරයකු වී ඇති අතර උපදේශකයෙකු වීමට සහ ක්‍රීඩාව පිළිබඳ ඔහුගේ දැනුම බෙදා ගැනීමට ඔහුගේ ම ස්වභාවය බොහෝ තරුණයන්ට ලබා දෙන්නට ද මැළි නොවෙයි.
ඔවුන්ගෙන් එක් අයෙක් වූයේ සචින් ටෙන්ඩුල්කාර්ව අදටත් වීරත්වයෙන් අදහන විරාත් ය. විරාත් කෝලි 2014 වසරේ එංගලන්තයේ පැවති අසාර්ථක තරගාවලියකින් පසු ඔහුගේ ක්‍රීඩාව වැඩිදියුණු කිරීමට උපදෙස් කිහිපයක් පවා ඉල්ලා සිටියේ ය.
2013 වසරේ සචින් ටෙන්ඩුල්කාර් විශ්‍රාම යන
විට විරාත් කෝලි ඔහුට ඔහුගේ ම පියා විසින් ලබාදුන් පූජනීය තිළිණයක් තිළිණ කළේ ය.
‘මගේ අවසන් ටෙස්ට් තරගයෙන් පසු මම තනියම මුල්ලක වාඩි වී සිටියදී විරාත් මා වෙත පැමිණ ඒ පූජනීය තිළිණය මට ලබා දුන්නා. මම එය ටික වේලාවක් මා ළඟ තබාගෙන පසුව එය ඔහුට ආපසු ලබා දුන්නේ එය මිල කළ නොහැකි නිසාත් එය ඔහු ළඟ තියෙන්න ඕනෑ වූ නිසාත් ය. එය සංවේදී අවස්ථාවක් වූ අතර ඒ මතකය මා සමඟ සදහටම පවතිනු ඇති.’ සචින් පැවැසීය.
සචින් හෝ විරාත් කෝලි අතර වඩා හොඳ පිතිකරු කවුද යන නොවැළැක්විය හැකි ප්‍රශ්නය ඇසූ විට, සචින් කදිම පිළිතුරක් ලබා දුන්නේය.
‘කොහොමත් අපි දෙන්නම එකම කණ්ඩායමේ ඉන්නේ,’
මේ අතර සචින්, ඔහුගේ පවුල ගැනත් වැද-ගත් දේවල් ගෙන හැර දක්වමින් විවාහයෙන් පසු ඔහුගේ බිරිඳ අංජලී විශාල කැපකිරීමක් කළ බව ද පවසයි.
‘අංජලී වෛද්‍යවරියක ලෙස තම වෘත්තිය කැප කළේ පවුල රැක බලා ගැනීම සඳහා ය. මට අවංකව කියන්නට ඕනෑ, මගේ පවුල මට වැදගත් බවයි. ඒක තමයි වඩාත් ම වැදගත්. කිසිම සැකයක් නෑ, එයා තමයි මට අංක එක.’ ඔහුගේ බිරිඳ අංජලීගේ වෘත්තියේ භූමිකාව ගැන සචින් පවසන්නේ එය බොහෝ විශාල බව ය.
‘මේ ප්‍රශ්නෙට මම මොනවා කිව්වත් මදි. මට අංජලීව මුණගැහෙන්නේ 1990 අවුරුද්දේ දිනෙක. ඒ වගේම එදා තමයි මට මගේ ජීවිතයේ හොඳම දිනය. ඒ වගේම මාව බැන්දට පස්සෙත් එයාට එයාගේ වෘත්තිය කර ගෙන යන්න පුළුවන් වුණා. ඒත් සාරා ඉපදුණාට පස්සේ එක් අවස්ථාවක ඇය තම වෘත්තියෙන් ඉවත් වීමේ දුෂ්කර තීරණයක් ගන්නවා.’ සචින් කියයි.
‘අංජලී කිව්වා ඔයා ඔයාගේ ගමන දිගටම යන්න කියලා. ඒ නිසා මට මගේ පියවර පස්සට ගන්න වෙනවා. කවුරුහරි ළමයි එක්ක ඉන්න ඕනැ. ඊට පස්සේ මේ ප්‍රශ්නය ගැන කතා කරන්න මූලික වුණේ අංජලී. මම දරුවන් සමඟ කාලය ගත කරන්නම් කියා ඇය පැවසුවා.’ යැයි සචින් වැඩිදුරටත් කියයි.
‘අංජලී මට කිව්වා ඒක අපිට ගොඩක් වැදගත් කියලා. අපි නිතර ම ඔවුන් සමඟ සිටිය යුතුයි. නමුත් ඔබ ඉන්දියාවට ක්‍රීඩා කරනවා, ඔබට යා යුතු නිසා අපට වෙනත් විකල්පයක් නැහැ. ඔයා ඔයාගේ ලෝකය බලා ගන්න, ගෙදර පවුල මගේ පිටියේ වැඩ මම ඒක කරන්නම් කියලා ඇය කීවා. ඊට පස්සෙ සචින් අන්තිමට කිව්වෙ ඒ වෙලාවෙ එහෙම තීරණයක් ගත්තෙ නැත්නම් අද තත්ත්වය වෙනස් වෙන්න තිබුණා කියල.’
බන්ධුල ජයමාන්න