නුවරඑළියේ දී චානක පෙරමුණට | Page 2 | සිළුමිණ

නුවරඑළියේ දී චානක පෙරමුණට

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජාත්‍ය-න්තර ගොල්ෆ් තරග සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගැනීමට තවත් පහසුව සලසමින් නුවරඑළිය ගොල්ෆ් ක්‍රී-ඩාංගණයේ දී පසුගිය දා නිමාව දුටු වසරේ දෙවැනි ගොල්ෆ් තරගාවලිය වන නුවරඑළිය ගොල්ෆ් තරගාවලියේ දී චානක පෙරේරා ශූරතාව දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය පසුගිය 22 වැනි දා සිට 25 වැනි දා දක්වා නුවරඑළිය රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේ පැවැත්විණි. ඔහු පළමු දිනයේ පහරවල් 73 කින් තරගය අවසන් කළ අතර දෙවැනි දිනය 67 කින්, තෙවැනි දිනය 74 කින් හා සිව්වැනි දිනය 71 කින් නිමා කළේ ය. ඒ අනුව සමස්ත තරගාවලිය පහරවල් 285 කින් අවසන් කිරීමට ඔහු සමත් විණි. විනෝත් කුමාර 74, 77, 77 හා 76, උචිත අකාශ් 81, 75, 72, හා 79 චලිත පුෂ්පික 75,82, 74 හා 79 වශයෙන්ද තරගය නිම කරමින් පිළිවෙලින් දෙවැනි, තෙවැනි හා සිවුවැනි ස්ථාන හිමි කර ගත් හ.

එහි පස්වැනියා වූයේ පී.ඩී.එස්. යූ. කුමාර ය. ඔහු 88,75, 76 හා 75 ලෙස අවස්ථා 314 කින් ගොල්ෆ් තරගය අවසන් කළේ ය. පී.හේමන්ත 79,82, 78 හා 77 වශයෙන් අව-ස්ථා 316 කින් තරගය අවසන් කළේ ය.

මෙවර තරගාවලියට තරගකරුවන් 48 දෙනෙක් සහභාගි වූහ.

මේ අතර ඉන්දීය කලාපීය ගොල්ෆ් තරගාවලියට සහභාගි වීම සඳහා පිටත්ව ගොස් සිටි හෙයින් මෙරට වෘත්තීය ගොල්ෆ් ක්‍රීඩකයෝ මෙවර නුවරඑළිය ගොල්ෆ් තරගාවලියට එක්ව නොසිටියෝ ය.

කාන්ති ජයසිංහ

Comments