ගුවන් පාපැදි අවසන් දිනය අද | සිළුමිණ

ගුවන් පාපැදි අවසන් දිනය අද

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරන ගුවන් පාපැදි තරගාවලියේ අවසන් දිනය අද (06) ට යෙදී ඇත. තෙදිනක් පුරා දියත් වුණු පිරිමි පාපැදි ධාවන තරගයේ අවසන් අදියර වශයෙන් කිලෝමීටර් 150 ක දුරක් දඹුල්ල සිට කටුනායක බලා දියත්වන අතර එක්දින කාන්තා තරගය සංවිධානය වන්නේ පුත්තලම සිට හලාවත, මීගමුව හරහා කටුනායක පුරවරය වෙතය.

තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ප්‍රදානෝත්සවය අද පස්වරු පහට කටුනායක ඊගල් ලැගූන් විව් හෝටලයේ දී පැවැත්වෙන්නේ ගුවන් හමුදාපති සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ එහි අනුග්‍රාහකත්වය ප්‍රදානය කිරීමේ අවස්ථාවකි.

Comments