විරාත් කෝලි ටෙස්ට් එක්දින සහ විස්සයි20 යන අංශ ත්‍රිත්වයේ ම ක්‍රිකට් සුක්කානම අතහැරිය දා පටන් බොහෝ කතාබස්වල දී ප්‍රසිද්ධය මාතෘකාවක් විය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැති විස්සයි20 තරගාවලියේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විරාත්ව දින 10 ක කාලයක් ජෛව බුබුලකට කොටු කළේ ය . ඔහු වෙනුවට ඔහුගේ ස්ථානයේ ක්‍රීඩා කිරීමට යොවුන් ක්‍රීඩකයකු කැඳවූ අතර ඔහු නමින් ශ්‍රොයාස් අයියර් ය. මේ ඔහු ගැන ය.‘
විරාත් කෝලිව අද වන විට ක්‍රිකට් ලෝකයේ නොදන්නා කෙනෙකු සොයා ගැනීම, ලෙහෙසි පහසු කරුණක් නොවේ. ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ අංක 04 සහ එක්දින මෙන්ම විස්සයි20 අංක 03 පිතිකරුවා වන විරාත් ව ශ්‍රී ලංකාව සමඟ පැවැති විස්සයි20 තරගාවලියේ දී විවේක ගැන්වූ අතර ඔහු වෙනුවට අංක 03 ස්ථානයේ පන්දුවට පහරදීමට ගෙනා ශ්‍රෙයාස් අයියර් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාව විනාශ කර දැමී ය.
අවසන් එක්දින තරගයේ දී සහ විස්සයි20 තරග 4 දී, (බ.ඉ.කොදෙව් සහ ශ්‍රී ලංකාවට එරෙහිව 80, 25නොදැවී 57,74,73) වශයෙන් ලකුණු 309 ක් රැස් කර ගත්තේ ය. ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පළමු තරගයේ දී ඔහු (ලකුණු 57 ක් පන්දු 28) නොදැවී අර්ධ ශතකයක් රැස් කළේ ය. එකී තරගාවලියේ දෙවැනි තරගයේ දී තනිව ම ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට ද ඔහුට හැකි විණි. කඩුලු 2 ක් ලකුණු 44 ක ට බිඳ වැටී තිබූ ඉනිම සිය කර මතට ගත් ශ්‍රෙයාස් අයියර් විශිෂ්ට පිතිහරඹයක් දියත් කරමින් පන්දු 44 ක දී, ලකුණු 74 ක් ලබා ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළේ ය. එමෙන්ම ඔහුගේ ඉනිම වෙනුවෙන් ඔහුට තරගයේ වීරයා සම්මානය ද හිමි විය. තෙවැනි සහ අවසන් විස්සයි20 තරගයේ දී ද, ඉන්දීය ඉනිම සියතට ගනිමින් පන්දු 45 ක දී නොදැවී ලකුණු 73ක් රැස් කරමින් තරගාවලි ජය ඉන්දියාවට ගෙන ආවේ අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය ද හිමි කර ගනිමින් ය.
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රෙයාස් අයියර් රුපියල් කෝටි 12.25 කට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් මිල දී ගැනීමට සමත්වි ය. ශ්‍රෙයාස් අයියර්ගේ මූලික මිල රුපියල් කෝටි 2 ක් වූ අතර, ඊට පෙර ඔහු දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ සාමාජිකයෙක් විය. ශ්‍රෙයාස් අයියර් 2020 වසරේ දිල්ලි කැපිටල්ස්හි නායකයා ලෙස ද කටයුතු කළ අතර, එම කාලය තුළ දිල්ලි කණ්ඩායම ද අවසන් මහා තරගය දක්වා ගෙන යෑමට සමත් විය. ආබාධයක් හේතුවෙන් ශ්‍රෙයාස්ට පසුගිය වාරයේ ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු අදියර ක්‍රීඩා කිරීමට නොහැකි විණි.
ශ්‍රෙයාස් අයියර් නායකත්වය ද ඉතා හොඳින් ඉටු කරයි. ඔහු මෙවර ඉන්දීය ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් හි නව නායකයා බවට පත් කර ඇත්තේ ද මේ හේතුව නිසාම විය යුතු ය. ශ්‍රෙයාස් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2015/21 දී තරග 87 කට සහභාගි වී ලකුණු 2375 ක් රැස් කර තිබේ.
එවැනි තත්ත්වයක් තුළ, මේ ගෙවෙන මොහොතේ ශ්‍රෙයාස් විරාත් කෝලි ට අර්බුදකාරී කාලයක් බව ඔප්පු කර තිබේ.
එමෙන් ම තවත් මාස 8 කින් ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මිළඟ විස්සයි20 ලෝක කුසලානයෙට ඉන්දියාවට ප්‍රබලයන් ගෙන් නම් අඩුවක් නැති බව පැහැදිලි ය.
ඒ සඳහා ඉන්දීය කණ්ඩායම ඉතා ශක්තිමත් ව සූදානම් වෙමින් සිටින අතර, රෝහිත්ගේ නාය-කත්වයෙන් ඉන්දියාව පිට පිට තෙවැනි වරටත් විස්සයි20 තරගාවලි ජයක් හිමි කර ගැනීමට සමත් විය. මෙම තරගාවලිය සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විරාත් සහ රිෂාබ් පාන්ට් හට විවේකයක් ලබා දී නවකයන් රැසකට අවස්ථාව ලබා දෙමින් තරගාවලිය ජය ගැනීමට ද සමත් විය.
ඉන්දියාව 3-0 ක් ලෙස පහසුවෙන්ම ශ්‍රී ලංකා තරගාවලිය ජය ගැනීමට සමත් වුණු අතර, ඉන්දියාව ජාත්‍යන්තර විස්සයි20 පිටියේ නොකඩවා ජය ගත් 12 වැනි තරගය මෙය වීම ද විශේෂත්වයකි. විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී, ඇෆ්ගනිස්ථානය, ස්කොට්ලන්තය, සහ නැම්බියාව මෙන් ම නවසීලන්තය (3/0), බටහිර ඉන්දීය කොදෙව් (3/0), ශ්‍රි ලංකාව (3/0)කින් ද පරාජය කිරීමට සමත්විය.
බන්ධුල ජයමාන්න