ආධුනික මේසපන්දු තරගාවලිය හර්ෂ කාශ්‍යප හා හසිනි දුල්ලෑව ශූරතා දිනති | Page 2 | සිළුමිණ

ආධුනික මේසපන්දු තරගාවලිය හර්ෂ කාශ්‍යප හා හසිනි දුල්ලෑව ශූරතා දිනති

ආධුනික මේසපන්දු තරගාවලියේ ඉකුත් සතියේ කෑගල්ල මහනගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේ දී පැවැති තරගයෙන් "ටී එස්" මේසපන්දු ඇකඩමිය මුල පුරා තිබුණේ ශ්‍රී ලංකා මේස පන්දු සම්මේලනයේ සහ සබරගමුව පළාත් මේසපන්දු සංගමයේ පූර්ණ සහයෝගය හා මඟ පෙන්වීම ඇතිවය.

ඒ අනුව ක්‍රියාත්මක කෙරුණු මේස පන්දු තරග මාලාවේ අන්තර් මධ්‍යම පන්තියේ ශූරතාව දිනා ගැනීමට මහනුවර විද්‍යාර්ථ විදුහල නියෝජනය කළ හර්ෂ කාශ්‍යප සමත් විය. එකී අවසන් තරගයේ දී වට 02 - 01 කින් පරාජය ලැබූ මහනුවර ධර්මරාජ විදුහලේ සෙනුල් රත්නායක ට අනු ශූරතාව හිමි විය.

අන්තර් මධ්‍යම තරගාවලියේ කාන්තා ශූරතාව මහනුවර හිල්වුඩ් විදුහල නියෝජ-නය කළ හසිනි දුල්ලෑව දිනා ගත් අතර, මහනුවර විහාර මහා දේවි බාලිකා විදුහල නියෝජනය කළ මිනාදී සවිදුලා ට එකී අනු ශූරතාව හිමි වූවා ය. මෙම අවසාන තරගයේ දී වට 02 - 00 ක ජයග්‍රහණයක මිහිර අත් විඳින්නට හසිනී දුල්ලෑව ට හැකි විය.

මෙම තරගාවලියට අවුරුදු 09 න් පහළ 11න් පහළ 13 න් පහළ 17 න් පහළ සහ 19 න් පහළ වයස් සීමාවන් අයත් වූ අතර, ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් බොහෝ දෙනෙකු අගනුවර, මහනුවර, අම්බලන්ගොඩ, කෑග-ල්ල, කුරුණෑගල යන ප්‍රදේශ වලින් ඉදිරිපත් ව සිටීම කැපී පෙනුණි.

මෙහි ආධුනික විවෘත පිරිමි ශූරතාව ද දිනා ගැනීමට හර්ෂ කාශ්‍යප සමත් වූ අතර, එකී අනු ශූරතාව ද සෙනුල් රත්නායක සතු විය. විවෘත අවසාන තරගයේ දී ලකුණු 11 - 09 ක් සහ 13 - 11 ක් ලෙස වට 02 - 00 ක තියුණු ජයග්‍රහණයක් හර්ෂ කාශ්‍යප සතු කර ගත්තේ තම හැකියාව නැවත වරක් ඔප්පු කර පෙන්වමිනි.

අන්තර් මධ්‍යම ශූරිය වූ හසිනි දුල්ලෑව ආධුනික විවෘත කාන්තා අවසාන තරගයේ දී වට 02 - 00 කින් පරාජය කිරීමට මහනුවර උසස් බාලිකා විදුහල නියෝජනය කළ නවෝද්‍යා මුණසිංහ ට හැකි වූවා ය.

විවෘත සහ අන්තර් මධ්‍යම ශූරතාවලට අමතරව හර්ෂ කාශ්‍යප ට අවුරුදු 19 න් පහළ ශූරතාව ද හිමි වීම කැපී පෙනුණි.

හසිනි දුල්ලෑව අවුරුදු 15 න් පහළ බාලිකා ශූරතාව මෙන්ම අන්තර් මධ්‍යම ශූරතාව සහ විවෘත අනු ශූරතාව ද දිනා ගත්තා ය.

ඒ ඒ වයස් සීමාවන් යටතේ ශූරතාව සහ අනු ශූරතාව හිමි කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත දැක්වේ.

බාලක

අවුරුදු 09 න් පහළ- 1.කෙනුර සිල්වා (නාලන්ද විද්‍යාලය), 2.සෙනන් ඩල්ජිත් (ධර්මාශෝක විද්‍යාලය), අවුරුදු 11 න් පහළ බාලක

1. දිනුල අත්තනායක (බණ්ඩාරනායක ම.වි), 2. යෝෂිත විහඟසිරි (විද්‍යාර්ථ විද්‍යාලය), අවුරුදු 13 න් පහළ බාලක- 1. ඒ. සුරංග (සී එස් විද්‍යාලය), 2. ලක්ෂාන් කාවින්ද (බටපොල මධ්‍ය මහා විද්‍යාලය), අවුරුදු 15 න් පහළ බාලක - 1. බිම්සර රත්නායක (මලියදේව විද්‍යාලය),

2. අමිල උදාර (මලියදේව විද්‍යාලය), අවුරුදු 17 න් පහළ බාලක -1. අමිල උදාර (මලියදේව විද්‍යාලය),2. හිමෙත් හේවාසිංහ (ආනන්ද විද්‍යාලය), අවුරුදු 19 න් පහළ බාලක- 1.හර්ෂ කාශ්‍යප (විද්‍යාර්ථ විද්‍යාලය), 2. හිමෙත් හේවාසිංහ (ආනන්ද විද්‍යාලය), ආධුනික විවෘත (පිරිමි) -1.හර්ෂ කාශ්‍යප (විද්‍යාර්ථ විද්‍යාලය), 2.සෙනුල් රත්නායක (ධර්මරාජ විද්‍යාලය), අන්තර් මධ්‍යම (පිරිමි)-1. හර්ෂ කාශ්‍යප (විද්‍යාර්ථ විද්‍යාලය), 2. සෙනුල් රත්නායක (ධර්මරාජ විද්‍යාලය)

බාලිකා

අවුරුදු 09 න් පහළ බාලිකා - 1. ෂෙනෙල්ලා ශවින්ද්‍රි (සිරි කුරුස විද්‍යාලය), 2.රනුමි පටබැඳි (උසස් බාලිකා විද්‍යාලය), අවුරුදු 11 න් පහළ බාලිකා - 1. මෙලීෂා ඇන්තනී (යහපත් එඩේරාගේ කන්‍යාරාමය), 2. සසිනි පනාගොඩ (විශාඛා විද්‍යාලය), අවුරුදු 13 න් පහළ බාලිකා -1. වීනාරා පුන්සිරි (කරන්දෙණිය ම.ම.වි), 2. ලකිත්මා සෝමචන්ද්‍ර (උසස් බාලිකා විද්‍යාලය), අවුරුදු 15 න් පහළ බාලිකා -1. හෂිනි දුල්ලෑව (හිල්වුඩ් විද්‍යාලය), 2. රොෂේන් ආනෝල්ඩා (ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය), අවුරුදු 17 න් පහළ බාලිකා -1. දිසාලි රණසිංහ (විශාඛා විද්‍යාලය), 2. ටිෂානි සතියදාස් (මෙතෝදිස්ත විද්‍යාලය), අවුරුදු19 න් පහළ බාලිකා- 1. දිසාලි රණසිංහ (විශාඛා විද්‍යාලය), 2. මිනාදි සවිඳුලා (විහාරමහා දේවි බාලිකා වි.), ආධුනික විවෘත (කාන්තා) -1. නවෝද්‍යා මුණසිංහ (උසස් බාලිකා විද්‍යාලය)

2. හසිනි දුල්ලෑව (හිල්වුඩ් විද්‍යාලය), අන්තර් මධ්‍යම (කාන්තා)- 1. හසිනි දුල්ලෑව (හිල්වුඩ් විද්‍යාලය), 2. මිනාදි සවිඳුලා (විහාර මහා දේවි විද්‍යාලය )

සපුමල් වීදියබණ්ඩාර

Comments