පෙත්සමට ප්‍රතිවිරෝධතා 24 වැනි දා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නව ව්‍යවස්ථාවක් රැගෙන ආ යුතු බව හිටපු නායක මයිකල් තිසේරා, හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් වන සිදත් වෙත්තමුණී හා මුත්තයියා මුරලිදරන් ඇතුළු 12 දෙනෙකු අභියාචනා අධිකරණයට ඉදිරිපත්කර ඇති පෙත්සමට ප්‍රතිවිරෝධතා කැඳවා තිබූ අතර එය විභාගයට ගැනීම මැයි මස 30 වැනි දා සිදුකෙරේ.
කායවර්ධන තරගාවලියට අයදුම්පත් කැඳවයි
71 වැනි මිස්ටර් ශ්‍රී ලංකා කායවර්ධන තරගාවලියට ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ඇයදුම්පත් කැඳවා ඇත. කිලෝ ග්‍රෑම් 60,65, 70, 75, 80, 85 හා කිලෝ ග්‍රෑම් 85 ට වැඩි යන බර කාණ්ඩ යටතේ තම අයැදුම්පත් යෙමුකළ හැකි ය. ඊට අමතරව අවුරුදු 45 ට වැඩි ප්‍රවීණයන්ගේ තරගයක් ද විවෘත කාන්තා අයෝමය ශූරීය තේරීමේ තරගයක් ද පැවැත් වීමට නියමිතය. අයැදුම් පත් භාරගන්නා අවසන් දිනය මාර්තු 8 වැනි දා වන අතර තරගාලිය මාර්තු 19 වැනිදා පැවැත්විමට කටයුතු යොදා ඇත.
රග්බි නැවතත් රුහුණට
රුහුණු පළාත් රග්බි සංගමය නැවතත් ගාලු දිසාවට රග්බි ක්‍රීඩාව රැගෙන යාමේ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇත. ලෝක රග්බි සම්මේලනය සංවිධානය කරන ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකා රග්බි ආයතනය සමඟ එක්ව ගාල්ල ඇලෝසියස් විදුහල් භූමියේ පැවැති වැඩසටහනක් සංවිධානය කරමින් රුහුණු පළාත් රග්බි සංගමය එම අරමුණ කරා යැමේ පළමු පියවර තබා තිබිණි.
ක්‍රීඩා සභාවේ අනුමැතිය ලත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දිමනාව දිගටම
උසස් කාර්ය සාධක වැඩසටහන යටතේ තෝරා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකවන් සහ පුහුණු කරුවන් වෙනුවෙන් ලබාදෙන මාසික දිමානාව ඉදිරියටත් ලබා දීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇත. එම අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව අන්තර් ජාතික තරග ජයග්‍රහණ ඉලක්ක ගත කරගෙන ජාතික ක්‍රීඩා සභාවේ නිර්දේශ අනුව තෝරා ගැනෙන උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා තවදුරටත් මාසිකව දිමනාව ලබාදීමට නියමිතව පවතී.
11න් පහළ ටයිකොන්ඩෝ ජය නිම්සරා සහ සත්සරා ට
ආර්.එන්. අන්තර් ජාතික ටයිකොන්ඩෝ තරගාවලයේ කනිෂ්ඨ වයස් සීමා අංශයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට එම්. එම්. සී.එච්. නිම්සරණී සහ එම්.එම්. සත්සරා සමත්ව ඇත. බදුල්ල හාලිඇල උඩුවර මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන නිම්සරා සහ සත්සරා වයස අවුරුදු 11 න් පහළ බාලිකා වසස් සිමාවෙන් තරග වැදිණි. මෙම තරගාවලිය මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වනු ලැබීය.
එල්ලේ බලය අතුරු කමිටුවකට?
එල්ලේ සම්මේලනයේ ක්‍රීයාකාරිත්වය අත්හිටුවිමටත් ඉන් අනතුරුව අතුරු කමිටුවක් යටතට පත්කිරීමටත් ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගනිමින් පවතින බව වාර්තා වෙයි. ඒ අනුව ඉදිරි සතියේ දී එල්ලේ විධායක සභාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත විශේෂ පරීක්ෂණයෙන් අනතුරුව ක්‍රීඩා අමාත්‍යාංශය මෙම පියවරට එළඹෙනු ඇතැයි විශ්වාස කෙරේ. මේ වසරේ මාර්තු 24 වැනි දා ට එල්ලේ සංගමය පිහිටුවා වසර 60 ක් සැපිරීමට ද නියමිතය.
කුලරත්න විදුහලට ජය
වයස අවුරුදු 14 න් පහළ රග්බී කිරුළ ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහ විද්‍යාලය දිනාගැනීමට සමත් විය. අවසන් මහා තරගයේදී කෑගල්ල ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලයට එරෙහිව 25 – 00 ක ජයක් වාර්තා කිරිමට ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විද්‍යාලය සමත්ව ඇත.
සුගතදාසෙන් දියගමට
ආසියානු ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තොරා ගැනීම පිණිස කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව තිබූ තේරීම් තරගාවලිය දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට සංවිධායක කමිටුව තීරණය කර ඇත.
කබඩි විද්‍යුත් තැපෑල වනසලා
ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ නිල විද්‍යුත් ලිපිනයට අනවසරයෙන් ප්‍ර වේශ වූ කිසියම් කණ්ඩායමක් විසින් එහි ඇතුළත් වූ වැදග් ලිපි ලේඛන රැසක් මකා දමා ඇත. මේ සම්බන්ධයෙන් ඔවුන් පොලීසියට පැමිණිලි කර ඇති අතර අන්තර්ජාල පොලිස් අපරාධ ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
පැසිපන්දු ජාතික ශූරයන් වෙළෙඳ සේවා කණ්ඩායම
53 වැනි ජාතික පැසිපන්දු තරගාවලියේ දී වෙළෙඳ සේවා පැසිපන්දු කණ්ඩායම ජයග්‍රහණය හිමි කරගත්තේ ය. ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම 71 – 63 ක් ලෙස පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය හිමිකරගැනීමට වෙළෙඳ සේවා සංගමය සමත් විය. තරගාවලිය පසුගිය 20 වැනි දා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේ දී අවසන් විය.